ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනයේ විරෝධතා

January 29, 2021 at 2:28 am | lanka C news
ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනයේ විරෝධතා

දිනෙන් දින උතුරු මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව විසඳා දෙන ලෙස ඉල්ලා යාපනයේ ධීවරයින් විසින් විරෝධතා පාගමනක් 27 දින සංවිධානය කොට තිබුණි.

යාපනයේ සියලුම ධීවර සංගම් නියෝජිතයින් මෙම විරෝධතා පාගමන සංවිධානය කොට තිබූ අතර පාගමන සඳහා ධීවරයින් විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී විරෝධතා පාගමන යාපනයේ පන්නෙයි ධීවර හා ජලජ සම්පත් දෙපාර් ත මේන්තු කාර් යාලය ඉදිරිපිටින් ආරම්භ වී යාපනය නගරයේ බස්නැවතුම්පල හරහා යාපනයේ පිහිටි  ඊ.පී.ඩී.පී. පක්ෂ නායක හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ කාර් යාලය දක්වා ගමන්කර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හමු වී සන්දේශයක් භාරදීමට පයවර ගැනුණි.

එහිදී විරෝධතාවයේ නිරත වූ ධීවරයින් වැඩි දුරටත් පවසා සිටියේ,

‘ඉන්දීය ධීවරයින් යාපනය මුහුදු ඇතුලු උතුරු මුහුදට පැමිණීම හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ධීවර කර් මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති තඅරම ආර් ථකියද දැඩි පසුබෑමකට ලක්ව ඇති බවටය. මේ දිනවල ඉන්දීය ධීවරයින්ගේ පැමිණීමද සීගයෙන් වැඩී වී ඇති හෙයින් උථුරේ ධීවරයින්ට ධීවර කටයුතු වල නොයැලීමට පවා සිදුව ඇති බැවින් වහාම ඉන්දීය ධීවර ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියහ.

සන්දේශය භාරගත් අමාත්‍ය ඩග්ලස් සේවානනද් මහතා මේ පිළිබඳව ඉන්දීය බලධාරීන් සමග ඉදිරියේදී සාකච්ඡා කොට විසඳුමක් ලබා දීමට බලාපොරොත්තුවන බවටද විරෝධතා කරුවන්ට පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,775 views

3 Comments to “ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනයේ විරෝධතා”

  1. Alapaluwa says:

    මෙන්න මෙයට සිංහලුත් එක්විය යුතුයි.අන්න එවිට එවුන්ට සිංහලු ගැන ආඩම්බරයක් සිතේවි.කොහොමත් එවැන්නක් සිදුවීමට ඉඩ තැබිම අති භයානකයි!

  2. අනේ පව් says:

    ඈ යකෝ. තොපි මෙච්චරකල් මැරෙන්න හැදුවෙ උන්ට රටෙන් කෑල්ලක් අරන් දෙන්න නේ. දැන් කෙලවෙනකොට එපා වෙලාද.

  3. ගුරුන්නාන්සේ says:

    සුමන්තිරන් මැතිතුමානෝ සහ අතිජාත විග්නේස්වරන් උතුමානෝට කියල බලපල්ලා. ඉන්දීය බෝට්‍ටු එන්නෙ සිංහලයො නිසාය. ඒක නිසා සිංහලයොන්ව මරන්න කියල කියා දෙයි.

Main News