ඉන්දීය ධීවරයින් 07 ක් සමග ධීවර යාත්‍රා දෙකක් උතුරු මුහුදෙදි අත්අඩංගුවට…

July 25, 2018 at 2:07 am | lanka C news
ඉන්දීය ධීවරයින් 07 ක් සමග ධීවර යාත්‍රා දෙකක් උතුරු මුහුදෙදි අත්අඩංගුවට…

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වි මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු උතුරු නාවික නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂ එස්.ශිවකරන් මහතා පැවසුවේය.

ශිවකරන් මහතා පැවසූවේ ට්‍රෝලර් යාත්‍රා දෙකකින් පැමිණ මෙරට කන්කසන්තුරය මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවටයි.

අත්අඩංගුවට ගත් ධීවරයින් පැමිණි ධීවර යාත්‍රාවේ තිබූ ධීවර ආම්පන්න හා මසුන්ද නාවික හමුදා භාරයට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් ධීවරයින් යාපනය ධිවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදීමෙන් අනතුරුව යාපනය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇත බවට සහකාර අධ්‍යක්ෂක එස්. සිවකරන් මහතා වැඩි දුරටත් කියා සිටියේය .

– වන්නි රොමේෂ් මධුෂංඛ

78 views
Main News