ඉන්දීය ධීවරයින් 12 ක් සමග ධීවර යාත්රා දෙකක් අත්අඩංගුවට…
July 8, 2018 at 2:06 am | lanka C news
උතුරු මහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අළුයම කන්කසන්තුරෙයි නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට යාපනය ධීවර පරික්ෂක කාර්යාලය කියා සිටියේය.
යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී ධීවර යාත්රා දෙකකින් මසුන් අල්ලමින් සිටි මෙම ධීවරයින් පිරිස පිළිබඳව කන්කසන්තුරෙයි නාවික හසුදා මුර සංචාරයකට නිරීක්ෂණය වීමෙන් පසුව අදාල ඉන්දීය ධීවරයින් පිරිස හා ධීවර යාත්රා දෙකද සමග ඔවුන් ඇල්ලූ මසන්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස කන්කසන්තුරෙයි නාවික වරායට රැගෙන ඒමෙන් පසුව කන්කසන්තුරෙයි පොලීසිය හරහා යාපනය ධීවර පරික්සක කාර්යාලයට භාර දීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද යාපනය ධීවර පරික්ෂක කාර්යාලය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ