ඉන්දීය ධීවරයින් 18 ක් සමග යාත්‍රා 3 ක් නාවික හමුදා අත්අඩංගුවට..

April 6, 2019 at 2:03 am | lanka C news
ඉන්දීය ධීවරයින් 18 ක් සමග යාත්‍රා 3 ක් නාවික හමුදා අත්අඩංගුවට..

උතුරු මුහුදේ යාපනය පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් මසුන් අල්මින් සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු සහ ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල්ව ඇති අදාල ඉන්දීය ධීවරයින් පිරිස මසුන් අල්ලමින් සිට ඇති අතර එහිදී උතුරු නාවික විධානයට අයත් නාවිකයින් විසින් ඉන්දීය ධීවරයින් පැමිණි යාත්‍රාද සමගින් එම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස යාපනය නාවික නෞකා  උත්තර ආයතනය වෙතට රැගෙන ඒමෙන් පසුව වෛද්‍ය පරික්ෂණයක් සිදු කොට එම ධීවරයින් පිරිස ඉදිරි පරික්ෂණ කටයුතු වෙනුවෙන් යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

335 Viewers
Main News