ඉන්දීය ධීවරයින් 22 ක් උතුරු මුහුදෙන් නාවික හමුදා අත්අඩංගුවට..
June 25, 2017 at 6:48 pm | lanka C news
උතුරු මුහුදේදී අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 22 ක් සමග ධීවර යාත්රා 04 ක් 23-24 යන දිනයන්හි නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු නාවික විධානයට අයත් නාවික හමුදා සෙබලුන් පිරිසක් විසින් නීතිවිරෝධීව යාපනය පේදුරුතුඩුව ගිනිකොන දෙසින් වූ මුහුදු තීරයේදී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු හා ධීවර යාත්රාවක් අත්අඩංගුවට ගෙන යාපනය සහකාර ධීවර පරික්ෂක නිලධාරීන් වෙතට භාර දී ඇත.
තවද අතුරු මැද නාවික විධානයට අයත් නාවික හමුදා මුර සංචාර නෟකාවක සිටි නාවික සෙබලුන් පිරිසක් විසින් තලෙයිමන්නාරම මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු හා ඉන්දීය ධීවර යාත්රාවක් අත්අඩංගුවට ගෙන මන්නාරම් ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දීමට කටයුතු කොට ඇත.
මේ අතර උතුරු නාවික විධානයට අයත් නාවික හමුදා මුර සංචාර නෞකාවක නාවික සෙබලුන් පිරිසක් විසින් යාපනය ඩෙල්ෆ් දූපතට ඕබබෙන් පිහිටි කෝවිලන් තුඩුව මුහුදු තීරයේදී අනවසරයෙන් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු හා ධීවර යාත්රා දෙකක් අත්අඩංගුවට ගෙන මන්නාරම් ධීවර අධ්යක්ෂක කාර්යාලයට භාර දී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ