ඉන්දීය ධීවරයින් 49ක්, ධීවර යාත්‍රා 12ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට…
August 10, 2017 at 2:13 am | lanka C news
යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු සමග ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රා 12 ක් උතුරු නාවික විධාන නිලළාරීන් හා වෙරලාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඉන්දීය ධීවරයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු මස 22 වනදා දක්වා බන්ධනාගාරගත කර ඇත.
ඩෙල්ෆ් මුහුදු තීරයට වයඹ දෙසින් වූ ඉන්දීය ට්‍රොලර් යාත්‍රා 02 ක්ද කෝවිලන් මුහුදු තීරයට උතුරින් ධීවර යාත්‍රා 10ක්ද අත්අඩංගුවට පත්ව ඇති අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඉන්දීය ධීවරයින් විසින් තහනම් දැල් ආම්පන්න යොදා මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.
අදාල ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසුව නාවික හමුදාව විසින් ධිවර පරික්ෂක නිලධාරීන්ට භාර දීමෙන් පසුව අදාල ඉන්දීය ධීවරයින් පිරිස කයට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කයිට්ස් මහෙස්ත්‍රාත් මොහොමඩ් මිනාල් මහතා විසින් අගොස්තු මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදි.
– වන්නි රොමේෂ් මධුෂංඛ