ඉන්දීය ධීවරයින් 59ක් සමගින් ට්‍රොලර් යාත්‍රා 09 ක් අත්අඩංගුවට…
February 28, 2022 at 2:15 am | lanka C news
තලෙයිමන්නාරම උතුරු දෙසින් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු 26 රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් නාවික යාත්‍රාවක සෝදිසි නිරීක්ෂණයක නිරත වෙමින් සිටියදී තලෙයිමන්නාරම උතුරු දෙසින් වූ මුහුදු තීරයේ අදාල ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් සමගින් නාවික හමුදා භාරයට ගනු ලැබීය.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් පිරිස පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මන්නාරම ධීවර පරික්ෂක කාර්යාලයට ඉදිරී නිතිමය කටයුතු සිදුකිරීමට භාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
මේ අතර මේ මස (පෙබරවාරී) පමණක් උතුරු මුහුදු තීරයට ඇතුලු වී මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 59 දෙනෙකු සහ ඉන්දීය ධීවර යාත්‍රා 09 ක් නාවික හමුදා භාරයට ගනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
වැඩ බැරි දමිළ ධිවර ඇමති ඉල්ලා අස්වී ගෙදර පලයන් …තමන්ගේ නෑදෑයන් රැකීමට අපේ රටේ ධිවර කර්මාන්තය බිලි නොදෙනු පොහොට්ටුවේ මෝඩ තීරණ නිසා අද ධිවරයින්ට දුක් විදීමට සිදු වී ඇත ..මේ ප්රශ්නය ගැන ඉන්දියාව සමග සාකච්චා කිරීමට බයද ඇමති තුමෝ