ඉන්දීය නාවුක හමුදාව මුහුද මැදදී ශ‍්‍රී ලංකා ධිවරයන්ට දරුණුවට පහර දේ.. මත්ද‍්‍රව්‍ය ඉල්ලා දස වද දෙති.. තිදෙනෙක් රෝහලේ..

June 18, 2021 at 1:20 pm | lanka C news
ඉන්දීය නාවුක හමුදාව මුහුද මැදදී ශ‍්‍රී ලංකා ධිවරයන්ට දරුණුවට පහර දේ.. මත්ද‍්‍රව්‍ය ඉල්ලා දස වද දෙති.. තිදෙනෙක් රෝහලේ..

ඉන්දීය නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් මුහුද මැදදී තමනට පැය ගණනාවක් තිස්සේ ඉතා දරුණු ලෙස පහර දුන්නේ යැයි ශ‍්‍රී ලංකා ධිවරයන් පිරිසක් සඳහන් කරති.

තමන් ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවක මත්ද්‍රව්‍ය ඉල්ලමින් ඉන්දීය නාවික හමුදාව මෙසේ පහර දුන් බව ඔවුන් කියා සිටිති.

මෙසේ පහරකෑමට ලක්වූ ධීවරයන්ට ගත් යාත්‍රා ඊයේ පස්වරුවේ දික්ඕවිට ධීවර වරායට පැමිණ තිබිණි.

පහරදීම් වලින් දරුණු ලෙස තුවාල ලැබූ තිදෙනකු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම ධිවර යාත්‍රා දෙක පසුගිය මැයි මස 07 වැනිදා මෙරටින් මුහුදු ගොස් ඇති අතර ධිවරයන් සඳහන් කරන්නේය පසුගිය 4 වැනිදා යාත්‍රා දෙකට ගොඩ වූ ඉන්දීය නාවික සෙබළුන් මෙසේ පහර දුන් බවයි.

එමෙන්ම යාත්‍රාවන්හි තිබූ කැමරා උපකරණ ඇතුළු තාක්ෂණික උපකරණ ඉන්දීය නාවික හමුදාවත් කඩා බිඳ දැමූ බවට ද ඔවුන් චෝදනා කරයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ මෙසේ එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

එවන් කිසිදු සිදුවීමක් සිදු නොවූ බවත් තම හමුදාව විනයගරුක සහ වෘත්තීමය හමුදාවක් බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් ඇති විවිධ පාර්ශ්ව අතර ඇතිවී තිබෙන ධීවර ගැටලු සහයෝගයෙන් විසඳා ගැනීමට ඉන්දියාව දැඩිව කැපව සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.

36,218 views

8 Comments to “ඉන්දීය නාවුක හමුදාව මුහුද මැදදී ශ‍්‍රී ලංකා ධිවරයන්ට දරුණුවට පහර දේ.. මත්ද‍්‍රව්‍ය ඉල්ලා දස වද දෙති.. තිදෙනෙක් රෝහලේ..”

  1. 3% ට බය බයියා. says:

    පලමුවත් රට,දෙවනුවත් රට,තුන් වෙනුවත් රට,
    ඔබට සතුටුයි ද දැන් ………..

    • Lapaya says:

      Ane hitapan jeppo .ubalath rata kapu bawa apith dannawa.nirdahana panthiya wikunagena kana awalamun thopila.ubalage nayakaya duppatheklu aeunata Ireland rate uta gewal thiyenne.ubala uta kata hollala hambakarala deepalla

    • gemunu says:

      3% ට බය බයියා

      You must be exalted over the news that Indians attacked the Sri lankan fisherman .
      What a politically perverted mind!

      • SL says:

        They were the people who celebrated the fire in the sunken X-perl.They waited to enjoy without considering the damage it did to our waters.
        They were in forefront to blame the Navy or the Gvt who extended their hands to support the ship and tried to extinguish the fire.

        Pathetic political marons

  2. Sura says:

    ඕනෑම පාහර වැඩක්, නගරං කමක්, තුප්පහිකමක් කරලා, කළේ නෑ කියලා ඇග බේරාගන්න මටත් පුලුවන්.
    නඩුත් එගොල්ලන්ගේ, බඩුත් ඒගොල්ලන්ගේ.

  3. චුතියා ගාන්ධි says:

    බුදුහාමුදුරුවෝ ත් ඉපදුනා කියන රට. දැනවත් ඔය ගොන් ඔලුවට තට්ටු කරලා කියපන් බුදුහාමුදුරුවෝ තියා එදා ජේතවනාරාමයේ හිටපු බල්ලා 🐕 වත් ඔය කාලකන්නි රටේ නොඉපදුනු බව !

  4. Gotaimbara says:

    Rajiv Gandhi got killed thanks to the inhuman behavior of Indian Peacekeeping forces in Jaffna. Indian forces have no discipline.

  5. ගමරාළ says:

    හෙට සිට මුහුදු යද්දි හොදින් මුවහත් කල දීග මන්නා පිහි රැගෙන යාමට අමතක නොකරන්න.