ඉන්දීය නිවාස ඉල්ලා මුස්ලිම් වැසියන් යාපනයේ විරෝධතා…
October 26, 2017 at 12:40 pm | lanka C news
යාපනය නාවට්තුරෙයි පොන්වේලි සහ අංජිසන්ධි ප්‍රදේශවල වැසියන් පිරිසක් ඉන්දියාවෙන් තමන්ට වෙන්වුනු නිවාස 200 ක් ලබා දෙන ලෙස ඉල්ලා අද (26) යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවත්වූහ.
වසර 20 කට පෙර යාපනයේ සිටියදී පැවති යුද තත්වයන් හේතුවෙන් පුත්තලම් දිස්ත්‍රීක්කයට ගොස් නැවත පදිංචියට පැමිණි මුස්ලිම් වැසියන් පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කොට තිබුනේ අදාල නිවාස 200 න් නිවාස 15 ක් පමනක් මේ වන විට එම මුස්ලිම් වැසියන්ට ලබා දෙන බවට යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය මගින් දැනුම් දීම නිසාවෙනි.
මෙහිදී එම වැසියන්ට දැනුම් දී ඇත්තේ පුත්තලම් දිස්ත්‍රීක්කය ගිය මුස්ලිම් වැසියන්ට මේ වන විට පුත්තලම් දිස්ත්‍රීක්කයේද නිවාස ඇති හෙයින් නිවාස නොමැති මුස්ලිම් වැසියන්ට පමණක් නිවාස වෙන කල බවටත් අනෙක් නිවාස නිවාස නොමැති දමිල වැසියන්ට ලබා දීමට පියවර ගෙන ඇති බවටත්ය.
මේ හේතුවෙන් අද උදෑසන දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයලය ඉදිරිපිටට පැමිණි මුස්ලිම් වැසියන් විරෝධතාවයේ නිරත වෙමින් කියා සිටියේ
‘ඉන්දීය අධාර යටතේ ලබා දුන් නිවාස ව්‍යාපෘතියෙන් යාපනයේ මුස්ලිම් වැසියන්ට නිවාස 200 ක් වෙන් වූ අවස්ථාවේදී උතුරු පලාත් සබාව මගින් අදාල නිවාස වලින් නිවාස 15 ක් පමණක් ලබා දීමට පියවර ගැනීම දැඩි අසාධාරණයක් බවටත් එම නිවාස 200 ම තමන්ට ලැබිය යුතු බවටයි.
විරෝධාතවය අවසානයේ යාපනය දිසාපති නාගලිංගම වේදනායගම් මහතා වෙතට විරෝධතා කරුවන් විසින් සන්දේශයක් භාර දුන් අතර දිසාපති වරයා එහිදී කියා සිටියේ අදාල ගැටලුව සම්බන්ධයෙන් පලාත්සභා නිලදාරීන් සමග සකච්ඡා කොට ඉක්මන් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
This is a very reasonable request
ela ela !!!
fight thambi…we are with you
What about the Sinhala displaced people? Are they not important enough?
උතුර .නැගෙනහිර එම පලාත්වල පදිංචි වී සිටි සිංහලයන්ට නිවාස නොදෙන්නේ ඇයි ?
සුළුජාතීන්ට දීමට පෙර දිය යුත්තේ සිංහලයන්ටයි ..මොකද්ද මේ අසාධාරණය ?
සිංහලයන් උද්ගෝෂණයක් කලොත් වතුර ගෑස් ගසා එලවනවා ..මේකද යහපාලනය?
..සිරිසේන රට කන්නේ නැතුව ඉල්ලා අස්වෙන්න පාර්ලිමේන්තුව විසුරුවා හරිනු
No protest…. no houses… no nothing for sinhalas….