ඉන්දීය ප්‍රබලයන් අද ජනපතිට කියූ දේ…
June 23, 2022 at 2:10 pm | lanka C news
සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා පවසයි.
ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡාවට එක්වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ.
ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී තිබේ. ඒ පිළිබඳ සමාලෝචනය කළ දූත පිරිස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බව පැවසූහ.
අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වෙමින් ඉන්දීය රජය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරයි. ඒ වෙනුවෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයටත් ජනතාවටත් පිරිනමන බව ජනාධිපතිතුමා දූත පිරිසට කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ. දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද දූත පිරිස විශ්වාසය පළ කළහ.
ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් අජේ සෙත් (Ajay Seth), ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී අනන්ත නාගේෂ්වරන් (V Anantha Nageswaran), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay), නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ් (Vinod K Jacob), ඉන්දීය සාගරික කලාප (IOR) ඒකාබද්ධ ලේකම් කාර්තික් පාන්ඩේ (Kartik Pande) සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
රනිල් 2015 දිත් ජවිපෙ, පෙරටුවන්, වෘත්තීය සමිති මාෆියාව සහ ලෝගුකාරයන්, කහකඩයන් පාරට මුදා හැර චීන සහ ඉන්දියානු විරෝධය අවුලවා ලංකාව තුල චීන සහ ඉන්දියන් ආයෝජන රැසක්ම අධෛර්යමත් කර උපක්රමශීලීව කඩාකප්පල් කරා. ලංකාව තුල චීන සහ ඉන්දියන් බලපෑම වැඩි වීම (ලංකාව තුල) බටහිර අධිරාජ්‍යවාදී ආධිපත්‍යය කෙමෙන් අඩු වීමට හේතුවකි.
බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිතයා හෙවත් මුර බල්ලා සහයක බළඇණි (ජවිපෙ, පෙරටු,වෘත්තීය මාෆියා,ප්රතිගාමී පූජකයන්, NGO, ඇන්ග්ලෝ-ඇමෙරිකන් වහල් ප්‍රජාව ) සමග නැවතත් පරන සෙල්ලම පටන්ගෙන ඇත. ජවිපෙ,පෙරටුවන්ගේ, වෘත්තීය සමිති වල ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය ගැන මනා අවබෝධයක් ඇති ඔහු ඒ සාධක ඉන්දියානු සහ චීන විරෝධය සදහා යොදා ගැනීමේ විශේෂඥයෙකි. ඔහු හැම ගේමක්ම ගහන්නේ අත්වල ග්ලව්ස් පැලඳ අත්වල කිසිවක් නොතැවරී අවසානයේ Mr. Clean වශයෙන් දැනටමත් ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපය රැකගත හැකි ලෙසය.
අනිවාර්යෙන් මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ.
මේක මේ රාජපක්ෂ විරෝධී කදවුර විසින් නිර්මාණය කරන ලද අර්බුදයකි.
රාජපක්ෂලා කිසි දිනක හොරා කා නැත.
ජාරපක්ෂලා කිසි දිනක දේශද්‍රෝහී නැත.
Dollor Nam denna epa maina Saha Paula e tikathhora karayi
වෙනදට නම් ජෙප්පන් සහ පෙරට්ටන් ඉන්දියාවට එරෙහිව පෙලපාලි යනවා.
දන්නවා මේ වෙලාවේ ලංකාවට උදව් කරන ඉන්දියාවට එරෙහිව කටයුතු කලොත් මිනිස්සු මුන්ට ගුටි බැට දීලා කෙල ගහලා එලවනවා කියලා.
Yes they love to help us because they know this is most effective way to handle our internal affairs. Make sure U keep China away from Indian Ocean. Then behalf of USA they ask if U need help from us make sure U do not get help from Russia too. Then when come to import or export U need to give priority to India. Tamil issue are important to us because Tamil Nadu is asking to look after Tamils in North. In other words U need to careful when U take any decisions regarding in Tamils in Sri Lanka. When come to Indian Ocean U need to give equal rights to fisherm6 in India too. Oh yes these are only few things. This is how big countries handle geo politicial issues when come to international arena.
නැවතත් ලක් මාතාව හිගන තත්ත්වයෙන් මුදවාගෙන සහලින් ස්වංපෝෂිත කර මාෆියාව පරාජයට පත් කර කිරිමට හැකි වන්නේ හොර බොරු වංචා නාස්තිය අල්ලස දූෂණය නැති ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .
ඉන්දියාවේ කොහෙද *කෝ ප්රහළයන්,. බටහිර රෑකඩලෙස නැටවෙනා දූෂිත හොරිකඩයන් ,.!