ඉන්දීය රුපියල් මෙරට ව්‍යවහාර මුදල් ඒකකය බවට…?

June 28, 2022 at 9:20 am | lanka C news
ඉන්දීය රුපියල් මෙරට ව්‍යවහාර මුදල් ඒකකය බවට…?

‘ඉන්දීය රුපියල’ ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාර මුදල් ඒකකයක් බවට පත් කිරීමේ සූදානමකින් කටයුතු සිදුවන බව පෙනී යන්නේ යයි බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ ප්‍රධානීන් වත්මන් අර්බුදය භාවිතා කර රට ඉන්දියානු ප්‍රාණ ඇපයට ඇදගෙන යමින් සිටින බවද පැවසූ ඔහු ජාතික සම්පත් කුනු කොල්ලයට විකුණා ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29වන ප්‍රාන්තය බවට පත් කිරීමේ මානසිකත්වයෙන් සිටින බවද පැවසීය.

එවන් පිරිසකට තවදුරටත් රටේ පාලනය භාර දී සිටීම භයානක දෙයක් බව ද පැවසූ හෙතෙම වහාම සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් නිශ්චිත කාලයකට පිහිටුවිය යුතු බවත් කියා සිටියේය.

තෙල් සංස්ථාව සතු පිරවුම්හල් වෙනත් රටවල සමාගම් වලට ලබා දීමට සිදුවන්නේ යැයි විෂයභාර අමාත්‍යවරයා කළ ප්‍රකාශයේ අදහස නම් තෙල් සංස්ථාව වසා දැමිය යුතු බව දැයි ‍ප‍්‍රශ්න කළ අමාත්‍යවරයා අර්බුදයට විසඳුමක් තෙල් සංස්ථාව තෙල් බෙදා දීමේ වගකීම වෙනත් සමාගමකට පැවරීම නම් මේ මොහොතේ ඉන්දියානු තෙල් සමාගමේ පිරවුම්හල්වල ඉන්ධන තිබිය යුතු බවද සඳහන් කළේය.

වෙනත් රටකින් ඉන්ධන බෙදාහැරීමට පැමිණියත් ඔවුන්ගේ ඩොලර් වියදම් කර මෙරටට ඉන්ධන ගෙන එනු ඇතැයි සිතිය නොහැකි බවත් හෙතෙම පැවසීය.

ඉදිරියේ දී විදුලි කප්පාදුව පැය දහයක් පමණ වූ පසු රජයට තනිව විදුලි සැපයුම කළ නොහැකි බව කියා ඉන්දියානු සමාගමකට එයද දිය හැකි බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

එම පක්‍ෂ මූදලස්ථානයේද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

139,626 views

22 Comments to “ඉන්දීය රුපියල් මෙරට ව්‍යවහාර මුදල් ඒකකය බවට…?”

  1. සවි අරික්කාල says:

    උගන්ඩා මුදල් වඩා හොඳයි. මොකද ලංකාවෙන් හොරකම් කල මුදල් තියෙන්නේ ඵහේ නේ….

  2. karu says:

    Surprisingly after a long time some sensible comments!

  3. karu says:

    Surprisingly after a long time some sensible comments! Comments from people who made comments. Not what Wimal said.

  4. Gorilla says:

    ඉතින් උඹම නේද මහින්ද මහත්තය එලවල රනිල් අගමැති කරවන්න පාර හදල දුන්නේ? ඒ විදිහට බැලුවහම උඹලත් මේකේ කොටස් කාරයෝ. උඹලට තිබුනේ ජනාධිපතිය එලවල මහින්ද ජනාධිපතිකරගන්න. පිස්සු ජනාධිපතියතමයි රට කැවේ. මහින්ද ජනාධිපති උනානම් බැසිල්ට නටන්න හම්බවෙන්නේ නැ.

    • Lion says:

      Gorilla, it seems you don’t know the political history of Mahinda.
      Mahinda brought Basil into positions when he became the President in 2005. Then Basil together with rest of his Rajapaksha family members did the job….
      Hope, you the job?

  5. Unawatuna says:

    Lankawe anagathe demala palakayekge yatathe palanayak athi wei. eth dan indian rs nam karana ekak ne.

Main News