ඉන්දීය ලොක්කන් පෝලිමේ ලංකාවට.. 12 දා හමුදා ලොක්කෙක් එයි…

October 9, 2021 at 6:48 pm | lanka C news
ඉන්දීය ලොක්කන් පෝලිමේ ලංකාවට.. 12 දා හමුදා ලොක්කෙක් එයි…

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා එළඹෙන අඟහරුවාදා (12) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව ඉන්දීය හමුදාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණේ.

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිතව ඇත.

එසේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධහමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ දී නිල හමුවක් ද පැවැත්වීමට නියමිතය. මේවන විට ඉන්දීය සහ ශ්‍රී ලංකා යුද්ද හමුදා සාමාජිකයින් මෙරටදී පවත්වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය නැරඹිම සඳහාද ඉන්දීය හමුදාධිපතිවරයා සහභාගීවීමට නියමිතව ඇත.

– දිලංක ගුණතිලක

27,857 views

9 Comments to “ඉන්දීය ලොක්කන් පෝලිමේ ලංකාවට.. 12 දා හමුදා ලොක්කෙක් එයි…”

  1. Saleem says:

    වර්ධනය වන චීන ආධිපත්‍යයට ප්‍රතිචාර හැටියටයි මේ අය මෙහෙ එන්නෙ. ඒත් තාක්ෂණය දැනූම ආර්ථික බලය විනය ආදිය ගත්තම චීනයට ගව් ගනනකින්වත් ඉන්දියාවට ලං වෙන්න බැහැ. ඔලිම්පික් එකෙන්ම ඒක පේනව. ඉන්දියාවට වැඩියෙ චීන අභිබවනව අපිට හොඳයි. සිංගප්පූරුව හොංකොං වගේ රටවල් නිර්මාණය කරල තියෙන්නෙ චීන්නු තමා. අනික මේ රට අපෙ හොරුන්ගෙන් යන්තම්වත් බේරෙයි

    • chamil says:

      Eka aththa. Man nam kiyanne ikmanatama meka chineta aithi wenawanam hodai…

    • Rani says:

      Hariyata Hair, kathawa,
      Indiaywata wada china lankawata hodai. Indiyawa Krapu hariyak kare lankawa pahalata adala danaeka. eka kohomath isarahatath ehemai.

  2. මෝඩ බයියා says:

    අපේ රටත් හරියට දැන් කැලණියෙ පාලම යට ලලක්ක වගෙ කස්ටමස්ල ඔක්කොම පෝලිමට එනව ඒත් කුණු කොල්ලෙට අහෝ රටකට ගිය කල .ස්වභාව සෞන්දර්‍යයෙන් අනූන ස්වාභාවික සම්පත් පිරුනු ලස්සන දූපතකට මෝඩ හරක් ටිකක් ජනතාව වී ඉපදීමේ පව

  3. BJP says:

    ඉන්දියාව බැරිනම් අපායේ යමයෝ හරි කමක් නෑ.. ඇවිත් මේ නරුම පාලකයන්ගෙන් අනතුරට පත් වෙලා ඉන්න සිංහල බෞද්ධ සංස්කෘතිය, ජාතිය බේරා ගන්නවනම්.
    අවුලක් නෑ අපි උදේ හවා වඳින බුදුනුත් ඉන්දියන් කාරයෙක් නේ.

  4. Ali Jinna says:

    අපි තමයි ඉන්දියාවට හොඳටම ඇරියේ.. පළාත්සභා සභා පවත්වනවා කියලා පෝලිමේ තියලා ඇරපු ඇරිල්ල කොහොමද?

  5. 3% ට බය බයියා. says:

    දේශප්‍රේමී නායකයන් නිහඬව ඉන්නෙ .කෝ සිහළ රාවය ,රාවණා බලය ,සිංහ ලේ,මහසෝන් බලකාය, හඩපට නාමල්,බොදු බලසේනා නිදි දැ?
    ලක් මවගේ ඇස්,මස්,ලේ විජාතිකයන්ට විකිණීම හරහා මේ සංවිධාන වලට ගානක් යනවා වගේ ?

  6. චීනව දැන් ඇති වෙලාද. විදේශයන්හි අත පෙවිලි අනුමත කරන්න නම් බෑ ඒත් චීනට වැඩිය ඉන්දියන් කාරයො කමක් නෑ

  7. බඩදිය පහවෙනකම් ඹළුවටම කොටපං,..! says:

    මෝඩිගේ සෝචනීය අවසානය,. !
    බඩදිය පහවෙනකම් ඹළුවටම කොටපං,..!