ඉන්දීය විදේශ ලේකම් රාත‍්‍රියේදී දෙමළ දේශපාලන හමුවෙයි.. මාධ්‍යට තහනම්…

October 4, 2021 at 12:00 pm | lanka C news
ඉන්දීය විදේශ ලේකම් රාත‍්‍රියේදී දෙමළ දේශපාලන හමුවෙයි.. මාධ්‍යට තහනම්…

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඊයේ (03) රාත්‍රියේ යාපනයේ සංචාරයක නිරත වෙමින් රාජ්‍ය නිලධාරීන් සහ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් හමු වී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව ඒ මහතා අද (04) උදෑසන නැවතත් කොළඹ බලා පිටත් විය.

ඉන්දීය විදේශ ලෙකම් වරයා ත්‍රීකුණාමලයේ සංචාරය කිරීමෙන් අනතුරුව ඊයේ සවස යාපනයට පැමිණි අවස්ථාවේදී යාපනය ඉන්දීය උප මහකොමසාරීස් රාකේෂ් නට්රාජ් ජෙයබාස්කරන් මහතා විසින් පිළිගන්නා ලදි.

අනතුරුව යාපනය මහත්මාගාන්ධි මාර්ගයේ ඉන්දීය ආධාර මත ඉදිකෙරෙන සංස්කෘතික ශාලාව නිරීක්ෂනය කිරීමට එක්වූ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මාධ්‍යට අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ,

‘‘මට පුලුවන් වුනා යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ තිබෙන ආවේනික කලානිර්මාන බලන්න. ඔබ දන්නවා ඇති මේ මධ්‍යස්ථාන ඉදිකරන්න ඉන්දීය රජය විසින් ඩොලර් මිලියන 11කට අධික මුදල් ප්‍රධානයක් යටතේ. මෙම ගොඩනැගිල්ලෙන් පිළිබිඹු වන්නේ ඉන්දියාවට මෙම සාම්ප්‍රදායක උරුමයන් රැකගැනීමට ඇති උවමනාවයි.ඒ වගේම මෙම මධ්‍යස්ථානයෙන් යාපනයේ ජනතාවට අවශ්‍ය සමාජ අවකාශයන් සලසනවා.එමගින් ඔවුන්ට සිය සාම්ප්‍රධායික සහ සංස්කෘතික අංග සමග සබඳතා වර්ධනය කරගත හැකියි. ඒවගේම මම ඉතාම සතුටින් ප්‍රකාශ කරනවා මේ සංස්කෘතික ශාලව විවෘත කරන දිනය නුදුරේම ප්‍රකාශ කිරීමට හැකි වනු ඇති බවට. යනුවෙනි.

අනතුරුව යාපනය පලාලි මාර්ගයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී රාජ්‍ය නිලධාරීන් ඇතුලු දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවී සාකච්ඡාවක් සිදුකරන ලදි.

මෙම හමුවේදී පළමුව උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී උතුරු පලාතේ සංවර්ධන කටයුතු ඇතුලු ජනතාවගේ යටිතලු පහසුකම් පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

පසුව එම පෞද්ගලික හෝටලයේදීම යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුව පැවති අතර එම සාකච්ඡාවන කිසිවක් ආවරනය කිරීමට මාධ්‍යට අවසර නොලැබුණි.

එහිදී උතුරු පලාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා, යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා , හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් ඇතුලු පිරිසක් සමග මෙම සාකච්ඡාව පැවත්වුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,096 views

13 Comments to “ඉන්දීය විදේශ ලේකම් රාත‍්‍රියේදී දෙමළ දේශපාලන හමුවෙයි.. මාධ්‍යට තහනම්…”

  1. 3% ට බය බයියා. says:

    ඉන්දියාවේ ,චීනයේ,ඇමරිකාවේ කෙළිබිමක් බවට ශ්‍රී ලංකාව විරුවා විසින් පත් කර ඇත.පොහොට්ටුවේ හොර දේශප්‍රේමී වහල්ලු කිරි බත් කති.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      අනේ පලයං ජෙප්පො යන්න , විය යුතු දේ වෙමින් පවතී , මේක මාස්ටර් පැලෑන් එකක් , ඉන්දියාවට , චිනෙට , ඇමෙරිකාවට ලංකාවට එන්න දීලා , බොරුවට රාජ්‍ය දේපල විකුනනවා වගේ පෙන්නලා , උන්ට ඥණක්කට කියලා වශියක් කරලා , උන්ගේ රටවල් අපි අල්ලගන්න යන්නේ කුණ්ඩලීනී ශක්තියෙන් ඇයි උබලා ඔච්චරටම කුහක , ඉඩමක් දෙකක් ,සම්පතක් දෙකක් දෙන්නේ , ලොකු දැක්මක් ඇතුව. පොඩ්ඩක් හිටහංකො , වැඩේ හරියට කරනකං නාහෙන් අඩන්නැතුව . 😁😁

  2. විපක්ෂය says:

    මේ වගේ එකක්, පසුගිය රජය සමයේ සිදු වුනානම්, අද කොළඹ විශාල උද්ගෝෂණ, මහා සංගයා ඇතුළු විශාල පිරිසක් එන්න තිබුනා. ගමන්පිල විමල් ඇතුළු වත්මන් රජයේ සියලුදෙනා වත්මන් විපක්ෂයට ස්තුතිවන්ත වියය්තුයි එවැනි ජාතිවාදී පටු දේශපාලන ක්‍රියා නොකිරීම සම්බන්දව.

  3. Ravi says:

    මු නිකම් තෙල් ටැංකි බලන්න යන්නේ මුගෙ අප්පගෙ බුදලය වගේ අපේ හමුද හෙලිකොප්ටරයෙන් මුලින් කොටි හමු වෙලා පස්සේ රාජ්‍ය නායකයා හමු වෙන්න මුගෙ ඔලුව තෙල් ටැංකි සක්කිලි ඉන්දියාවට නැතිව ඕන රටකට දුන්නට කමක් නෑ ලංකාවේ ප්‍රයෝජනයට ටැංකි ඉල්ලපු වෙලාවේ නොදි ඉදල දැන් බද්ද ඉවර වුනාම බලයෙන් ගන්න.වරායෙ නැගෙනහිර පැටිය නොදුන්නා නාට කොරෝනා එන්නත් වල දෙවන මාත්‍රාව නොදුන් කාලකන්නි.

    • CAT says:

      ඉන්දියාව සමග ඇතිකරගත් 13+ පනත් අහෝසි නොකරන්නේ මන්ද ? බෞද්ධ ජන්ද 69 දුන්නේ මෙවැනි පනත් අහෝසිකරන්න නේද ? අපේ රටේ දේශපාලකයෝ මොනවාද කරන්නේ ? ද්විත්ව පුරවැසි පනත් නම් හොරෙන්ම සම්මත කලා රට ජාතිය ට අවැඩක් වන 13 + අහෝසි නොකරන්නේ මන්ද ?තවත් බලා සිටින්නේ මන්ද ? ඉන්දියානු විදේශ ඇමති උතුරේ ජාතිවාදී දේශපාලකයින් හමුවන්නේ මන්ද ?ඒ ගැන සැලකිලි මත් විය යුතුයි

      • පැන්ඩෝරා පේපර්ස් says:

        දැන් උබලා මෙගොල්ලන්ට 69 ලස්සෙක චන්ද දීලා , තුනෙන් දෙකකුත් දීලා , 20 ත් සම්මත කරලා දුන්නේ , ඉන්දියාවට කෑල්ලකුයි , ඇමෙරිකාවට කෑලකුයි ,ඉතිරි කොටස චිනෙට ලියලා දෙන්නද ? මේ කබ්බො ටික ඉන්දියාවයි ,චිනෙයි ,ඇමෙරිකාවයි මාරුවෙන් මාරුවට නටොනවා , චිනේ පෝර්ට් සිටිය අත්පත් කරගන්නකොට , ඇමෙරිකාව LNG ය අත්පත් කරගන්නවා , ඉන්දියාව LoC ය හරහා ඉන්ධන ටැංකි ටික ඇතුළු ඛනිජ බෙදාහැරීම අත්පත්කරගන්නවා , චිනය වරායෙම් කොටසක් අත්පත්කරගන්නවා , ඊට පස්සේ ඉන්දියාව ඉතුරු කොටස ගන්නවා , මොන ජෝක් එක්කද ඕයී මේක ? නිකං අර වටේ යන ගෑනීයෙක් වගේනේ , අරූ ගාව ටිකක් ඉන්නවා , අනිකා ගාව තවටිකක් ඉන්නවා, ඊට පස්සේ වෙන එකෙක් ගාව කුජීතයි නේද බන් ?

  4. saman says:

    ඉන්දියාවේ ,චීනයේ,ඇමරිකාවේ කෙළිබිමක් බවට ශ්‍රී ලංකාව විරුවා විසින් පත් කර ඇත.පොහොට්ටුවේ හොර දේශප්‍රේමී වහල්ලු කිරි බත් කති.

    • MD says:

      ළිඳේ ඉන්න මැඩියා වගේ රටක් ගැන හිතන්න පුලුවන්ද?ලෝක වෙළඳ පොළේ තරඟයට අපිට යන්න වෙනවනේ.ඉතින් සැම රටක් සමගම සම්බන්ධතා ඇතිකර ගැනීම කාලෝචිත නොවන්නේද?වෙළදාම් කරන්නවුන්ගේ ලාභ පාඩු ඔවුනොවුන් දරාගන්නේ අන්නෝන්‍ය සම්බන්ධ කම් තුලින් නේද?

  5. පැන්ඩෝරා පේපර්ස් says:

    කෝ බං අර දේශහිතෛශි ,දේශමාමක , දේශප්‍රේමී ටික ? උනුත් අර චිචිගේ පුසාවගේ ආගිය අතක් නෑ , චන්දයක් ලංවුනාහම එයි , නාහෙන් අඩාගෙන ,මයික් පලන්න. පව් නේද බං දේශප්‍රේමී සැට් එක රෙදිත් නැතුව යන්න වෙන්නේ.

    • Saradiel says:

      බලේට පත්වුනාම දේශහිතෛශි ,දේශමාමක , දේශප්‍රේමීගේ අදහස් පස්ස දොරෙන් පලා යනවා …වසර 5 තුල ඔවුන්ගේ හත්මුතු පරම්පරාවට මුදල් රැස් කිරීමයි කරන්නේ ….අපේ රටේ දේශපාලනය ගැන කථා කිරීමත් කාලය කා දැමීමක්

  6. අවදියෙන් සිටින්න,.! says:

    රටට අවාසිදායක සියළු ගිවිසුම්වලින් ඉවත්වීම, සහ සවෙෙරීතවයට අනිසි බලපෑම් සිදුකරන ලෝක සංවිධාන වලින් ඉවත්වීම යන නානාවිධ විදේශ බලපැම් වලින් මිදීම සඳහා ශ්‍රෘඡු තීන්දු ගැනිම සඳහා බහුතර 69 ලකෂයක ඡන්ද බලයෙන් ප්‍රඡාතන්ත්‍රයට අනුව ස්‍රෘඡු නායකයකු පත්කරගනු ලැබුවේ,.! 69ලකෂයක ඡනවරමක්, සහ 2/3 ක පාර්ලිමෙන්තු බළයක් සහිත යුධහමුධා නිලධාරියකු ඡනාධිපති ලෙස පත්කරනු ලැබීමේ ඒකායන බලාපොෙරාත්තුව දශමයකදු හකුළා ගැනීමට මාත්‍රෘභුමිය රකින කිසිම හෙළයකු විසින් අනුමත නොකරනු බව අවධාරණය කර සිටින්නෙමු,.! , විදේශයන්හිවූ ද සම්පත් රටතුලට ඵකතු කිරිමට මෙන් වහසිබස් දොඩමින් වංචාවෙන් ප්‍රෝඩාවෙන් බලයට පැමිනි ”රාඡපූස්ස වඩිගයන්” රොඩියන්” වහල් මනසින් උත්පත්ය ලද වංචනීක අවශේෂ පාහරයන්, ඡාතික සම්පත් විඡාතීයන් සතුකීරීම වහාම නවතා දැමිය යුතුයි ,.! ”ඡාතික සම්පත් වංචනිකව සමාගම් බවට පත්කර ”රිසිසේ කෙටස්වලට කඩා”පවුලතුල බෙදාගනිමින් ඉතිරිය විදේශිකයන් අතට පත්කරනා ”නන්දසේන වහල් වංචනිකයා, ඇතුළු වංචනික දූශිත ”රාඡපූස්ස වඩිගයන්” බලයෙන් පන්නා දැමීමට සියල්ල සූදානම්,.! අවදියෙන් සිටින්න,.!

    “”””දූශිත”රාඡපූස්ස වඩිගයන්” බලයෙන් පන්නා දැමීමට සියල්ල සූදානම්,.!

    • JOHN says:

      දැන් බලන විට හිටන් සිරිසේනයි ,නන්දසේනයි අතර වෙනසක් නැහැ වගෙයි

  7. සම්පත් says:

    සිංහලයා කුළල් කාගන්න කොට, වෙන උන් ඇවිත් අපිට ඇරලා යනවා. ඉන්දියාවේ අගමැතිව මරලත් ලැජ්ජාවක් නැතුව උන් තාම කොටියට කඩේ යනවා. අපි දැන් වත් එකට ඉන්න ඕනේ, නැත්නම් අපේ රටට වෙන්නෙත් සිරියාවට වෙච්ච වැඩෙයි. ඉන්දියාව, චීනා, බටහිර මේ එකෙක් වත් විශ්වාස කරන්න නරකයි. අපි එකමුතු වෙලා මේ රට සිංගප්පූරුව වගේ කරලා, ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා වෙන රටවලට අභියෝගයක් වෙන්න ඕනේ.