ඉන්දීය විරෝධය නොතකා, ශ‍්‍රී ලංකා ඉල්ලීම නොඅසා චීන නැව එයි.. බ‍්‍රහස්තින්දා උදේ හම්බන්තොට වරායේ..

August 9, 2022 at 10:02 pm | lanka C news
ඉන්දීය විරෝධය නොතකා, ශ‍්‍රී ලංකා ඉල්ලීම නොඅසා චීන නැව එයි.. බ‍්‍රහස්තින්දා උදේ හම්බන්තොට වරායේ..

ඉන්දියාවේ විරෝධය නොතකා ශ්‍රී ලංකාවේ ඉල්ලීමද නොසලකමින් චීනයේ ‘යුවාන් වැන් 05’ නෞකාව ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

අද වන විට එම නෞකාව ඉන්දුනීසියා මුහුදු සීමාවේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය බලා ගමන් කරමින් ඇති බව ඉන්දීය එන්.ඩී.ටී.වී. පුවත් සේවය පවසයි.

හම්බන්තොට වරායට ළඟා වීමට එම නෞකාව ස්ථානගත වෙමින් ඇති බව බ‍්‍රහස්පතින්දා පෙරවරු 09.30 වන විට එය හම්බන්තොටට ලගා වනු ඇති බවද එම වාර්තාව සදහන් කරයි.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය දැඩි විරෝධය එල්ල කර ඇති අතර එම හේතුව මත ශ්‍රී ලංකාවද චීන රජයෙන් ඉල්ලා ඇත්තේ එම නෞකාවේ ගමන මදක් පසු කරන ලෙසයි.

නමුත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය ඒ ගැන ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වලට ඉන්දියාව අත පෙවිය යුතු නැති බවත් ශ්‍රී ලංකාවට තම නොබැඳි ප්‍රතිපත්තිය අනුව තමන් කැමති රටක් සමග කටයුතු කිරීමට අයිතිය ඇති බවත්ය.

31,000 views

15 Comments to “ඉන්දීය විරෝධය නොතකා, ශ‍්‍රී ලංකා ඉල්ලීම නොඅසා චීන නැව එයි.. බ‍්‍රහස්තින්දා උදේ හම්බන්තොට වරායේ..”

  1. Ajit says:

    මල කෙලියයි නෙද?

  2. The Truth says:

    ඊනියා අරගලය- කලබල – කැරලි – කැරලි මර්දනය – ප්‍රචාරය යන සියල්ල එකම බලවේගයක් විසින් ඇතිකර කළමණාකරණය කිරීම සහ මෙහෙයවන බවත් පෙනේ.
    පවතින ආණ්ඩුව, පාර්ලිමේන්තුව, Go අරගලය, ආණ්ඩු විරෝධීන් යන මේ සියල්ලම එකම තැනකින් (Anglo-American axis) නපුරු අරමුණු කීපයක් ඉටුකර ගැනීම සඳහා මෙහෙයවෙන බව තියුණුව පරීක්ෂා කිරීමෙදී පෙනේ. එම අරමුණු නම්..
    ■රට අස්ථාවරකර අරාජික කර UN සාමසාධක හමුදාවක මුවාවෙන් NATO හමුදාවක් Asia Pacific කලාපයේ මෙහෙයුම් සඳහා බැස්සවීම.
    ■බටහිර අභිබවන මීලඟ ලෝක ආර්ථික බලවතුන් වීමට නියමිත ඉන්දියාවේ සහ චීනයේ ආයෝජන සහ ව්‍යාපෘති ලංකාව තුල කරගෙන යාමට නොහැකි වනසේ බංකොලොත්, අස්ථාවර, ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් රට තුල නිර්මාණය කිරීම.
    ■තමන් විසින්ම නිර්මාණය කර මෙහෙයවන බොරු වම, ඊනියා විපක්ෂය, බොරු අරගලකරුවන් ඉදිරියට ගෙන පොදු ජනතාවගේ “සැබෑ දේශපාලන ව්‍යාපාර” බිහිවීම සහ පැතිරීම වලක්වාගෙන සිටීම.

    • Weerasinghe says:

      ඔබ බොහෝ දුරට නිවැරදි වග මටත් වැටහේ. නමුත් රටේ වැඩිමනත් මිනිසුන්ට එය නොතේරේ.

    • Kubiyo says:

      අරගලය පිටිපස්සේ කොටි ඩයස්පොරාවත් ඉන්නවා. එක වෙනම කදවූරක්.

    • Aurora says:

      රාජපක්ෂලා බලය ගෙනෙන්න ඉන්දියාව පාස්කු බෝම්බෙ පුපුරුවා ගහපු ගේමට දැන් කලගුන සලකගෙන බල්ලො වගේ නැට්ට පුකේ ගහගෙන හිටපල්ල ගෝලයො රොත්තත් එක්කල.

  3. බටහිර ගැති ඉනදියානු වහල් පාළණයට කෂණික සහ දරැණු ප්‍රතිථළ ,.! says:

    බටහිරගැති වනචාරී කුහක වානර ඉන්දියානුවන් තමරටේ දීන පහත් බටහිරගැතිභාවයෙන් මිදී දුශණ වංචාවළට දැඩි ක්‍රීයාමාර්ග සමස්ත ඉන්දීයානු ඡනතාවගේ ඡීවනතතවය නගාසිටුවීමට කටයුතුකළයුතුයි,.!

    මධ්‍ය ලකෂයේ පවතින ලංකාරාඡය කිසිවෙකුට කිසිදා යටත්කරගත නොහැකිවන අතර,.

    ලංකාරාඡ පිළිබඳව පවතිනා කුහක මාණසිකත්වයෙන් මිදී තම ඡනතාවගේ සුභසිද්ධිය තකා කටයුතුකළ යුතුයි,.!
    ලංකා රාඡ්‍ය යනු මානව ඉතිහාසයේ ඉපැරණිම රාඡ්‍ය වන අතර වානරයන් ලංකා රාඡ්‍යයේ විදේශ ප්‍රතිපත්තීන් සඳහා මැදිහත්වීම වහාම නවතාදමා කළාපයේ බටහිර ආක්‍රමණය සහ සහ බටහිරයන්ගේ වහල්භාවයෙන් මිදීම සඳහා කටයුතු කළයුතුයි,.!
    සවාධින ලංකාරාඡ්‍යයේ මිතුරන් පිළිබඳව මැදීහත්වීම වහාම නවතා දැමිය යුතුයි,.!
    ඵසේ සිදු නොවන්නේනම් ඉන්දියානු වන්ද බ්‍රීතාන්‍ය අමෙරිකානු බටහිර සම්බනධතා වහා නවතාදැමියයුතුවන අතර ,.!
    මුග්ධලෙස ලංකාරාඡ්‍යයේ අහ්‍යන්තර කාරණා.,විදේශ ප්‍රතිපත්ති සඳහා තවදුරටත් මැදිහත්වන්නේනම් ,බටහිරගැති ඉනදියානු වහල් පාළණයට කෂණික සහ දරැණු ප්‍රතිථළ ලබාදීමට “‘සැබෑ නිදහසේ දැවැන්ත සංවිධාන ශක්තිය සුදානම් බව අනතුරැ අඟවා සිටිනු ලබයි,.!

    • Isuru says:

      “මධ්‍ය ලකෂයේ පවතින ලංකාරාඡය කිසිවෙකුට කිසිදා යටත්කරගත නොහැකිවන අතර,.”

      English completely invaded and dominated our country for more than a century. So what you’re saying isn’t true.

    • Asanka says:

      තෝ ගංජා ගහලද කුඩු ගහලද?

  4. ඡන්ද ප්‍රතිඵල says:

    ඉංදියාවේ බලපෑමට චීන නැවට ලංකාවට එන්න එපා කියා ශ්‍රී ලංකා රජය පැවසීම චීනය තැකිය යුතුද?….!

  5. senanayake says:

    china didnt buy the port just for fishing. but as a strategic location for operations.if they own the port it is normal practice to birth their ships. nobody can question it.

  6. Sandun Dhammika says:

    Oky Oky , now it’s time to write an email to GIJOE major Matt Mason immediately.
    He will send Ranil home for sure.
    it’s time to call US marine forces and Major Matt Mason of the GIJOE.
    They will come and kick off all the cobra friendly military installations from Sri Lanka.

  7. JR says:

    චීනයේ‘යුවාන් වැන් 05’ සන්නිවේදන නෞකාව එනකොට රාජ්‍ය උත්සවයකින් පිළිගැනීමට කටයුතු කලයුතුයි. ලංකාවට අවශ්‍ය මොහොතේ කොන්දේසි නැතුව කවදත් උදවු කරන චීනය සමග හොඳ මිත්‍රත්වය දිගටම පවත්වා ගතයුතුයි.

    චීන නැවක් හම්බන්තොට වරයට එනකොට ඉන්දියාවට ඌය්ය වෙනව නං ගිහිල්ල හම්බන්තොට පොලිසියෙ එ්කට ඇන්ට්‍රියක් දාන්න, ඒකයි ක්‍රමය. නැතුව මේ වෙන වෙන තැන් වලට පණිවිඩ යවල වැඩක් නෑ. ලංකාවෙ ජනාධිපති තුමාට පහුගිය කාලෙ ඉන්දියාවට එන්න අවසර දෙන්නත් බෑ කිව්වා නේද.? එතුමා දායක වෙලා මේ රටේ ත්‍රස්තවාදය නැති කරලා ඉන්දියාවෙ අගමැති වරයෙක්ව ඝාතනය කරපු වගඋත්තරකාර පඹාකරම්ට විරුද්ධව ඉන්දීය අධිකරණයේ තිබුන නඩුවත් ඉවර කරලා දුන්න නේද? කොටි ත්‍රස්තවාදය පටන් ගන්නකොට ඉන්දියාව යාපනේට බලෙන් ඇවිත් පරිප්පු දැම්මට ත්‍රස්තවාදය ඉවර වෙනකං චීනය හැමදාම ලංකාවට උදවු කලා. අනෙක ඉන්දියාව වගෙ ලංකාවෙ දේසපාලනයට ඇඟිලි ගහන්නෙත්නෑ පවතින රජයට අපක්ෂපාතීව චීනය හැමදාම උදවු කරනවා. ඉන්දියාව වගෙ අසල්වැසි රටවල් තරහ කරගෙන යුද්ද කරන්න ලංකාවට වුවමනා නෑ. ඒ නිසා එක රටක වුවමනාවට තවත් රටක නැවු නවත්තන්න ලංකාව⁣ට බෑ. අනෙක ඉතිං මුහුදෙ නැවු ගියාට පාරවල් හිටිනවද? ලංකාවට චීන නැවු එන්නෙ ඉන්දියාව එක්ක යුද්ද කරන්න නෙවෙයි. චුම්මා කරච්චලයක් නොවී තමන්ගෙ වැඩක් බලාගන්න. ගමන කල් දාන්න කියල ලංකාවෙන් කිව්වෙ බොරුවට ඉන්දියාව ⁣සනසවන්නයි…

  8. Chandana says:

    එක එහෙම වෙන්න ඔන👍

  9. Sudu none says:

    Mahinda saha family ekata thagi aran hamantota enawa athi
    China salakanna dannawa

  10. Aurora says:

    ඉන්දියන් වානරයො හිතන්නෙ ශ්‍රී ලංකාව උන්ට ඕනෑ විධියට ඉන්න ඕන කියල. ඉන්දියාව හො-රා-ජපක්ෂ රනිල් ආන්ඩුවට නය දෙන්නෙ අලුත් ආන්ඩුවක් ඇවිල්ල සාධාරණ පරීක්ෂණයක් තිබ්බොත් පාස්කු බෝම්බෙ මහමොලකරුවන් අහුවෙලා මෝඩිගෙ රෙදි ගැලවෙනඑක වහන්න.

Main News