ඉන්දීය සංක්‍රමණිකයින් මුහුදු මාර්ගයෙන් හොර රහසේ උතුරට..
June 5, 2018 at 8:02 am | lanka C news
ඉන්දියාවේ සිට අනවසරයෙන් උතුරු මුහුදු දෙසට යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි සිටි අනවසර සංක්‍රමණිකයින් 05 දෙනෙකු ඇතුලු 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් (03) අළුයම සිදු කළ මුර සංචාරයක් අතරතුරදී අදාග ඩිංගි යාත්‍රාව ඇතුලු සංක්‍රමණිකයින් පිරිස හමුවී ඇත.
කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 11 ක පමණ දුරකින් මෙම ඩිංගි යාත්‍රාව හමු වී ඇති අතර නිති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට පුද්ගලයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නාවික හමුදා භාරයට ගත් පස දෙනා අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ එක් ළමයෙකු නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන ඇත.
අනතුරුව මෙම පුද්ගලයින් කන්කසන්තුරෙයිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රාව කන්කසන්තුරෙයි පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේ රට ෆෙඩරල් නොකල යුත්තේ ඇයි කියලා තේරෙනවද?
ලන්කාව මාර දියුනුයි නෙ දැන්…වැහැලම දියුනු වෙලා හිටං.
අපිත් ඉන්දියාවෙ ඇඩ් දාන්න ඕනෙ බෝට්ටුවෙන් ලන්කාවට එන්න එපා කියල.
It makes easy for Ealam and easy for UNPers’ to win!
පිරපාකරන් සිටිය කාලය තුලදී උතුරට විසාල ප්‍රමාණයක් දකුනු ඉන්දියානු කල්ලතෝනි ගෙන්වනු ලැබුවා මේ අය ගැනත් සොයා බැලිය යුතුය