ඉන්දීය හමුදා බල ඇණි නැවතත් ශ‍්‍රී ලංකාවට..

July 6, 2017 at 3:26 am | lanka C news
ඉන්දීය හමුදා බල ඇණි නැවතත් ශ‍්‍රී ලංකාවට..

ඒකාබද්ධ විපක්ෂය විසින් ත‍්‍රිකුණාමලයේදී පැවැත්වූ ජන රැළියේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ලෝකයේ මහපොළවේ සිටින ලොකුම සතා අලියා. මහ මුහුදේ ඉන්න ලොකුම සතා නිල්තල්මසා. මේ ලෝකයේ අලියා සහ නිල්තල්මසා එකට නැරබිය හැකි එකම ස්ථානය ත්‍රිකුණාමලය විතරමයි. ඒ සුවිශේෂි නගරයේ තමයි වෙල්ලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිහින ඊළාම් රාජ්‍යයේ අගනුවර පිහිටුවන්න තිබුණේ. ඒ සිහිනය බොද කල වීරයා අද ත්‍රිකුණාමලයට ඇවිත් තියෙන්නේ වෙල්ලුපිල්ලේ ප්‍රභාකරන් අවසන් කරලයි මිත්‍රවරුණේ.

මේ ත්‍රිකුණාමල නගරයේ වැදගත් කම දන්න නිසා තමයි පෘතුග්‍රීසින්, ලන්දේසීන්, ඉංග්‍රීසින් විතරක් නෙවෙයි ප්‍රංශකාරයා, ඩෙන්මර්ක්කාරයා, ජපනා මේ හැමෝම ත්‍රිකුණාමලය අල්ල ගන්න උත්සහා කලේ. ඒ සටනේ අවසානයට එක්ව සිටිනවා අපිත් එක්ක හැමදාමත් හැප්පි හැප්පි හිටිය ඉන්දියාව. මිත්‍රවරුණේ මේ ත්‍රිකුණාමලේ ජනතාවගේ අහැට වැලි ගහලා අප්‍රේල් මාසයේ 24 වැනිදා ඉන්දියාවට ගිහිල්ලා ත්‍රිකුණාමලය ගෙඩිය පිටින් ඉන්දියාවට ලියලා ආවේ. ඒ ගිවිසුමෙන් ත්‍රිකුණාමලය වරාය දුන්නා ඉන්දියාවට, තෙල් ටැංකි ටික දුන්නා ඉන්දියාවට, සුරිය විදුලි බලාගාරයක් හදන්න අක්කර දහස් ගණනක් දුන්නා ඉන්දියාවට, .ගෑස් විදුලි බලාගාරයක් හදන්න තවත් අක්කර දහස් ගණනක් දුන්නා ඉන්දියාවට, ගෑස්  පාවෙන ගබඩාවක් හදන්න තවත් ඉඩක් දුන්නා ඉන්දීයාවට, ඒ ටික දුන්නාම මිත්‍රවරුනේ ත්‍රිකුණාමලයේ අහිංසක ජනතාවට ත්‍රිකුණාමලයේ එක් බිම් අගලක් ඉතිරිවෙන්නේ නෑ. එතනින් නතර වෙන්නේ නෑ. ඒ ගිවිසුම අනුව ත්‍රිකුණාමලය විතරක් නෙවෙයි පාවලා දීලා තියෙන්නේ. අපේ රට පුරාම ගෙවල් වල නල හරහා ගෑස් ගෙන ඒමේ අයිතිය ඉන්දියාවට. ඩිසල් ප්‍රෙට්ට්‍රල් වෙනුවට වාහන වලට ගෑස් ගැසීමේ අයිතියත් ඉන්දියාවට. මිත්‍රවරුනේ මන්නාරම් ද්‍රෝණියේ අපිට හොද ගෑස් නිදියක් හම්බවෙලා තියෙනවා. අපේ ගෑස් අපේ ගෙවල් වලට ගෙන්නේ ඉන්දියාව නම් අපේ ගෑස් අපේ වාහන වලට ගහන්නේ ඉන්දියාව නම් අපේ ගෑස් විදුලිය හදන්න පාවිච්චි කරන්නේ ඉන්දියාව නම් අපේ ගෑස් මන්නාරමේ තිබිලා අපිට තියෙන ප්‍රයෝජනය මොකක්ද?

අද මේ දැවැන්ත ආයෝජනය ඉන්දියාව කරලා ආයෝජනයේ ආරක්ෂාවට කියලා ඉන්දීය හමුදාවක් ත්‍රිකුණාමලයට ගොඩ බස්සනවා සිකුරුයි. මේ පළාතේ වැඩිහිටි අම්මලා තාත්තලා දන්නවා ඉන්දියානු හමුදාවේ රගේ. 87 89 කාලයේ ඉන්දියානු හමුදාව මොකද කළේ? චීනවරායේ නායක හාමුදුරුවන්ව වෙඩි තියලා ඝාතනය කළේ ඉන්දියානු හමුදාව. අපේ තරුණයෝ රංචු පිටින් අරන් ගිහිල්ලා මරලා දැම්මේ ඉන්දියානු හමුදාව. මේ පළාතේ අහිංසක කාන්තාවන් දුෂණය කළේ ඉන්දියානු හමුදාව. ගම්පිටින් ජනතාව ගමෙන් එළවා දැම්මේ ඉන්දියානු හමුදාව. මේ ගිවිසුම ගහලා තියෙන්නේ 1987 භීෂණය නැවතත් ත්‍රිකුණාමලයට ගෙන ඒමටයි මිත්‍රවරුණේ.

– අරවින්ද අතුකෝරල

15 views

One Comment to “ඉන්දීය හමුදා බල ඇණි නැවතත් ශ‍්‍රී ලංකාවට..”

  1. Gamini Abaya says:

    Emperor Ashoka is one of a great and good king to us, he send his son Mahinda with worth Buddhism to Sri Lanka, But now in india there is no one like Ashoka…..now in India only have Businessmens.

Main News