ඉන්දීය හමුදා සහ කොටි සංවිධානයේ ප්‍රහාරයන්ගෙන් මිය 68 දෙනෙකු යාපනයේදී සිහිකෙරෙයි..

October 23, 2018 at 2:06 am | lanka C news
ඉන්දීය හමුදා සහ කොටි සංවිධානයේ ප්‍රහාරයන්ගෙන් මිය 68 දෙනෙකු යාපනයේදී සිහිකෙරෙයි..

1987 ඔක්තොම්බර් මස 21 සහ 22 යන දිනයන්හි යාපනය රෝහල් භූමිය තුල යාපනයේ සිටි ඉන්දීය සාම සාධක හමුදාවන්ගේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මිය ගිය 68 දෙනෙකු සිහිකරමින් 21 දින මිය ගිය අය වෙනුවෙන් මල් පහන් දැල්වීමට යාපනය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය විසින් පියවර ගනු ලැබීය.

මීට වසර 31 කට පෙර ඔක්තෝම්බර් 21 සහ 22 යන දිනයන්හි යාපනයේ රඳවා සිටි ඉන්දීය සාම සාධක හමුදාව සහ කොටි සංවිධානය අතර ගැටුමක් ඇතිව තිබෙන අතර එම අවස්ථාවේදී කොටි සාමාජිකයින් විසින් පලා ගොස් යාපනය රෝහලේ සැගව සිට ඉන්දීය සාම සාධක හමුදාවට ප්‍රහාර එල්ල කොට ඇත එම අවස්ථාවේදී ඉන්දීය සාම සාධක හමුදාවේ සහ කොටි සාමාජිකයින් අතර ඇතිවූ දරුණු වෙඩි හුව මාරුවේදී රෝහලේ සිටි වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු කාර්ය මණ්ඩලය හා සාමාන්‍ය රෝගී වැසියන් 68 දෙනෙකු මිය ගොස් ඇත.

මේ අනුව ඊයේ දිනට අදාල සිදුවීම සිදුව වසර 31ක් පිරීම නිමිත්තෙන් යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ,හෙද හෙදියන් හා කාර්ය මණ්ඩලය විසින් යාපනය ශික්ෂණ රෝහලේ පිහිටි දේශන ශාලවේදී මිය ගිය අයගේ ඡායාරූප තබා ඔවුන්ට මල් පහන් දල්වා මිය ගිය අයගේ අත්මයන් වෙනු වෙන් සෙත් ශාන්ති පැමණවීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

One Comment to “ඉන්දීය හමුදා සහ කොටි සංවිධානයේ ප්‍රහාරයන්ගෙන් මිය 68 දෙනෙකු යාපනයේදී සිහිකෙරෙයි..”

  1. indunil says:

    jinnewa wala katha nathi kada una maanawa himikamm……………

Main News