ඉන්දීය Beuty Salon 700ක් ලංකාවට..

January 4, 2020 at 6:26 am | lanka C news
ඉන්දීය Beuty Salon  700ක් ලංකාවට..

ජාත්‍යන්තර මට්ටමෙන් දක්ෂතා පෙන්වා ඇති ශිල්පීන් සිටින, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙන් මේ කලාපයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය වෙළඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයින් කඩාවැදීම, කිසිසේත්ම ඉඩ නොදිය යුතු ක්රි්යාවක් බවත් පසුගිය ආණ්ඩුව සමයේ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව ආරම්භ කර ඇති ‘නැචුරල් සැලෝන්’ ඉන්දියානු සමාගමේ රූපලාවණ්‍යගාර 700ක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේ ව්‍යාපෘතිය නතර කිරීමට කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යංශයේදී ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාව අනතුරුව මාධ්‍ය සමඟ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

”පසුගිය කාලයේ විශාල ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් පළ වුණා ඉන්දියාවේ නැචුරල් සැලෝන් ආයතනය ශ්‍රී ලංකාව තුළ රූපලාවණ්‍යගාර 700 ක් පිහිටුවීමට යන බවට. මේ වනවිටත් එවැනි රූපලාවණ්‍යගාර අටක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති බවත් දැන ගැනීමට ලැබුණා. එවැනි පසුබිමක් තුළයි අද ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමයේ නියෝජිතයන් මා සමග සාකච්ඡාවකට පැමිණියේ. ඔවුන්ගෙන් මා වෙත ඉල්ලීම් දෙකක් ඉදිරිපත් වුණා. පළමුවැන්න ‘මේ රටේ රූපලාවණ්‍ය හා කේශාලංකරණ ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත හාර ලක්ෂයකට අධික පිරිස පිළිබඳ වගකියන රාජ්‍ය ආයතනයක්, ඒ පිළිබඳව අධීක්ෂණය කරන රාජ්‍ය යාන්ත්‍රණයක් මෙතෙක් නැහැ, ඒ නිසා එවැනි අධිකාරියක් පිහිටුවන්න” කියන එක. ඒ ඉල්ලීම අපි ඉතා ධනාත්මකව පිළිගත්තා. ඒ අනුව අමාත්‍යාංශය ඒ පිළිබඳව අධ්‍යනයක නිරත වෙනවා. ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවලට දැනටත් මෙවැනි රාජ්‍ය යාන්ත්‍රණ තිබෙනවා.

දෙවැන්න තමයි ඉහත කී ඉන්දියානු රූපලාවණ්‍ය ආයතන පිහිටුවීම නතර කිරීම. පසුගිය ආණ්ඩුව කාලයේ ආයෝජන මණ්ඩලය මගින් ලබාදුන් අනුමැතියක් අනුව තමයි මේ ඉන්දීය රූපලාවණ්‍යගාර පිහිටුවීම සිදුවන්නේ. දැනට අටයි, දිගටම ක්‍රියාත්මක වුවහොත් එය 700ක් දක්වා ව්‍යාප්ත වේවි. අපේ රට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ මේ කලාපයේ ඉදිරියෙන්ම සිටින රටක්. අපේ රූපලාවණ්‍ය ශිල්පීන් ජාත්‍යන්තර මට්ටමින් සිය දක්ෂතා දක්වා තිබෙනවා. ඒ නිසා මේ රූපලාවණ්‍ය වෙළඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයින් කඩාවැදීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. මා බලාපොරොත්තු වෙනවා අමාත්‍ය මණ්ඩලය තුළ මේ පිළිබඳ සාකච්ඡා කරලා දේශීය රූපලාවණ්‍ය ශිල්පීන්ට එල්ලවන මේ තර්ජනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගන්න. කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර ඉදිරියේදී මේ පිළිබද අවසන් තීරණය ගන්නවා.”

මෙම සාකච්ජාවට අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ රංජිත්, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීහු වන ප්‍රේමසිරි හේවාවසම්, ෂාම් සුරියහෙට්ටි, දමිත් කුමාර, කුසුම්සිරි ජයවීර, ආචාර්ය ශිරූ විජේමාන්න, ජැකී අපොන්සෝ යන මහත්ම මහත්මිහු ද එක්ව සිටියහ.

– මාධ්‍ය ඒකකය

40,190 Viewers

9 Comments to “ඉන්දීය Beuty Salon 700ක් ලංකාවට..”

  1. මැදමුලනෙ මුත්තා says:

    ඔක්කොටම ඉස්සෙල්ල ෂැන්ග්‍රිල්ලා හෝටලය ලඟ ඉඩමක් මෙි ආණ්ඩුවෙන් සිංගප්පූරු කොමිපැණියකට ⁣බදුදෙන එක නතර කරන්න කැබිනටි එකේදි කතාකරපංකො කොළුවො.
    පී.බී.ජයසුන්දර මොකෙක්ද? උඹනෙ මිනිහා.

    • ලෙබ්බේ says:

      මුත්තෝ උබට පුලුවන්ද බදු ගන්න ඒ ඉඩම කෝටි 250 ක් ආයෝජනය කරන්න, හිරිකොතෙන් ජප්පොත් එක්ක එලියට බැහැල බලපන් පුලුවන්ද කියල,

    • waruna says:

      Mutthhaa, oya wede punchi ammage karuma kumarata baara deepan.
      yatath wijitha lewakannath ekka miniha ponil langata gihilla niyameta wade karay.

    • ජඹුරේවෙල චන්දරේ says:

      මම නම් කියන්නේ UNP ආණ්ඩුව කරොත් තමයි එය විකිණීමක් වෙන්නේ. පොහොට්ටුවෙන් කලොත් එය විකිණීමක් නොව ආයෝජනයක් ලෙස තමයි හඳුන්වන්ඩ පුළුවන්…

  2. Dimple kupadiya says:

    ආයෝජන මංඩලේ unp හොරා ගත්ත කෝටි #ක අල්ලසට මොකද කරන්නෙ ?

  3. kamal says:

    How to protect sri lankan woman? my ideology and yours are not same Gotabaya.You follow this first refrain sending to foreign countries for work and followed up contact me I will tell what to do irrevalant for anything you decide on me on purchasing house for you and me.

  4. Aurora says:

    කිසිම ජාත්‍යන්තර ප්‍රමිතියකට අඩංගු නොවන ඉන්දියන් රුපලාවන්‍ය ක්‍රීම්, තෙල් වර්ග වලින් අපේ රුප ලාවන්‍ය ක්‍ෂේත්‍රය බේරාගත යුතුය. ඇතැම් ක්‍රීම් වර්ගවල අනුමත සාන්ද්‍රණය මෙන් 10-50 ගුණයක් දක්වා බැර ලෝහ අඩංගු බව රසායනාගාර තත්ත්ව වාර්තා සනාථකලත් යහපාලන පිම්පියෝ ඉන්දියාවට ඇති තමන්ගේ ගැතිභාවය නිසාම කිසි පියවරක් නොගත්තාහ. විශේෂයෙන් රසදිය, ඊයම්, ක්‍රෝමියම් අධි මාත්‍රා කාන්තාවන්ගේ මුහුණු පිලිකා සඳහා ගොදුරුබිම් බවට පත්වී ඇත. ශ්‍රී ලංකාව ස්වභාවික රුපලාවන්‍ය ක්‍රීම් ලොවේ ඉහල හිනිපෙත්තේ රැඳීමට පින්කර ඇති රටකි. අමාත්‍යංශයට මහත් වගකීමක් පැවරී තිබේ.

  5. Ravana Parapura says:

    ලක්වැසියන් ගේ හෙළ පෙනුම නැති ක‍රන්න අපේ රාවන රජතුමාගේ පිළිරුවට ගිනි තබන එන හනුමන් ලා රටින් පන්නමු.

Main News