ඇමරිකා-ඉන්දියා වුවමනාවට චීන නෞකාවට දොර වැසීම පසුපස බැසිල් රාජපක්‍ෂ…?

August 7, 2022 at 10:02 pm | lanka C news
ඇමරිකා-ඉන්දියා වුවමනාවට චීන නෞකාවට දොර වැසීම පසුපස බැසිල් රාජපක්‍ෂ…?

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.

ඉන්දු- පැසිෆික් වුවමනාවට චීනයට දොර වැසීම නොබැඳි පිළිවෙත නොවේ!

ලබන එකොළොස්වැනි දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ චීනයේ යුවාන් වැන් 05 සන්නිවේදන නෞකාවට එදින පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රජය චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. එසේ දැනුම් දී ඇත්තේ එම සන්නිවේදන නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනිකුත් පහසුකම් ලබා ගැනීම පිණිස හම්බන්තොට වරායට පැමිණීම පිණිස ලබාදී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය අනුව ය.

මෙම නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස සලකමින් ඉන්දීය රජය එය හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් දැඩි විරෝධය දැක්වීමත් සමඟ ශ්‍රී ලංකා රජය මෙම තීරණය ගෙන ඇත. ඉන්දු- පැසිෆික් වුවමනාවට චීනයට දොර වැසීම නොබැඳි පිළිවෙත ද ? අප අනුගමනය කළ යුතු වන්නේ නොබැඳි විදේශ පිළිවෙත මිස අනෙකක් නොවේ.

මෙමගින් පෙනී යන්නේ තවමත් පවතින අර්බුදය, පුනරුදයේ මොහොත බවට පත් කර නොගනිමින්, එය ඉන්දු- පැසිෆික් ආධිපත්‍යයට අපේ රට සම්පූර්ණයෙන් යටත් කිරීම සඳහා යොදා ගනිමින් තිබෙන බවය. එසේම අපේ රට ඉන්දු පැසිෆික් මෙහෙයුමේ ගොදුරක් බවට පත් කිරීම පිණිස යුහුසුළුව ක්‍රියාත්මක වූ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ නඩයේ බලපෑමෙන් වත්මන් පාලනය ද මිදී නොමැති බවය.

එවැනි රට වළපල්ලට ඇද දැමූ විනාශකාරී නඩයක බලපෑම්වලට නතු වෙමින් ගන්නා මෙවැනි තීරණ මගින් සිදු වන්නේ අනාදිමත් කාලයක සිට සෑම දුෂ්කර මොහොතකම ශ්‍රී ලංකාවට මිත්‍රත්වයේ හස්තය දිගු කළ කල්‍යාණ මිත්‍රයකු වන චීනය සමඟ ද රාජ්‍යතාන්ත්‍රික ගැටළුවක් පැන නැගීම පමණි.

විමල් වීරවංශ,(පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2022-08-07

23,171 views

22 Comments to “ඇමරිකා-ඉන්දියා වුවමනාවට චීන නෞකාවට දොර වැසීම පසුපස බැසිල් රාජපක්‍ෂ…?”

  1. Alapaluwa says:

    අත් දෙකම ඔසවා ලබාගත් මුදල් චෙක්පත උඩ,පැන,පැන,පෙන්වුවානම් ඔය පොන්න රනිල්ම දැන් කොහොමද අයිති කරුවන්ට තමා ගත් ඉස්තානයට එන්නට එපා කියන්නේ.මෙන්න මේවා නිසා තමයි යකෝ අපි උඩ පැනලා කෑගහාලා රටේ සම්පත් විකුණන්න එපා කියා ද පෙනෙනවානේද මුන්ගේ ගේ නොහැකියාව මත දෙපාර්ශයේම අද දුක් විදින්නට සිදුවෙලා තිබෙන්නේ රටටත් රටේ ජනතාවටත් නැතිව මේ හොරුන්ට නොවේ එවුන් ලබාගත් මුදල් ඇති යහතින් කොහේ හරි බැරිවුවිට ගිහින් ජිවත්වන්න.ඔන්න ඇත්ත.Alapaluwa

    • Saman says:

      ඔබට තෙරෙනදෙ මෙරට පාලනය කරන පොන්න හැත්තට නොතෙරෙන වද තමන්ගෙ බඩ වඩාගන්න ඔක්කොම නොතෙරෙන විදියට ඉන්නවද 🤔

  2. Sam Fernando says:

    Basil must be ass kicked and chased out of the country. This cancerous vagabond has come to Sri Lanka to carry out American agenda. China is a friend of Sri Lanka for centuries. If American and Indian war ships come ? China played a decisive role in the war with LTTE. American and Indians did literally nothing.

  3. Sam Fernando says:

    Basil must be ass kicked and chased out of the country. This cancerous vagabond has come to Sri Lanka to carry out American agenda. China is a friend of Sri Lanka for centuries. If American and Indian war shipsIf American and Indian war ships come to the country, why can’t Chinese’ ? China played a decisive role in the war with LTTE. American and Indians did literally nothing.

  4. Kalakanni says:

    ලංකාවේ විදේශ අමාත්යංශය පසුගිය සමයේ සිදු කලේ තනිකරම පිස්සු වැඩ. රුසියානු ගුවන් යානා ”කිසිම් හේතුවක් මත” රඳවා නොගන්නා බව ලිඛිතව දීම. නිශ්චිත කාරනාවක් මත රඳවා නොගන්නා බව කීම සහ ‘කිසිම් හේතුවක් මත’ රඳවා නොගන්නා බව ලිපියකින් දීම ඉතා භයානක වැරදි ක්‍රියාවකි. (උදයංග විසින් මෙය පැහැදිලි කර ඇත) නිසි අධ්‍යනයකින් තොරව දේශපාලන උවමනාවට ලිපි දීම හා සමාන ක්‍රියාවකි චීන ඔත්තු බලන නැවට අවසර දීම. හැබැයි අවසර දුන්නානම් දුන්නාම තමයි. මගදී පදේ වෙනස් කරන්න බෑ. විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා කිසිම විදේශ සම්බන්ධතා හෝ අවම වශයෙන් සාමාන්‍ය බුද්ධිය හෝ නොමැති අහිංසක පුද්ගලයෙකි. එබැවින් වහාම විශය දැනුම ඇති ජාත්‍යන්තරය තුල ඉංග්‍රීසි හරිය කතාකරන්න පුළුවන් පුද්ගලයකු වහාම පත් කරන්න.

  5. අලහකෝන් says:

    හම්බන්තොට නම් ප්‍රශ්න ය
    ඇයි කොළඹ වරාය තියෙන්නේ
    ඇයි රටවල් තරහා කරගන්නේ….රනිල් මහත්තයාට එයාගේ හැකියාව අපට පෙන්වන්න හොද අවස්ථාවක්. හොද රාජකාරී කරන ස්ථානෝචිත ප්‍රඥාව ඇති නිලධාරීන් ගෙන් වැඩ ගන්න හොද අවස්ථාවක්. චීනය තරහා කර නොගන්නා ත් ඉන්දියාවේ අදහස ඉෂ්ට වන්නත් පුලුවන් නේද…

    • දෙකොනෙන් හිනාපාල says:

      නැගිටින්න එළිවෙලා. ඔබේ සිහින ඔබම මුලා කරවීමට ඉඩ නොහරින්න. බැසිල්ගේ රූකඩ සංදර්ශනය ආරම්භවූ වගයි. පැත්තකට වෙලා බලන්න…

Main News