ඉන්ධනවලට සල්ලි නෑ.. ලොක්ඩවුන් අරින්න ප‍්‍රමාදය ඒ නිසා.. පලවැනිදා තෙල් නැතොත් තවත් වහනවා..

September 26, 2021 at 10:22 pm | lanka C news
ඉන්ධනවලට සල්ලි නෑ.. ලොක්ඩවුන් අරින්න ප‍්‍රමාදය ඒ නිසා.. පලවැනිදා තෙල් නැතොත් තවත් වහනවා..

ආණ්ඩුව විසින් රට වසා දැමීම ප‍්‍රමාද කර ඇත්තේ ඉන්ධන ආනයනය සඳහා මුදල් ගෙවීමට ඇති අපහසුතා නිසා යැයි තමන්ට තොරතුරු ලැබුණු බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවට ණය ක්‍රමයක් හරහා ලබාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරට විදේශ ඇමතිවරයා ඉල්ලීමක් කර ඇති බව පැවසූ වික‍්‍රමසිංහ මහතා තම ප‍්‍රර්ථනාව එය ලැබේවා යන්න වුවද ඔවුන් එසේ නොකරනු ඇති බවද කීය.

ඩීසල් සදහා මුදල් දැන් ගෙවා ඇති බවත් එනිසා පළමුවැනිදාට පෙර ඒවා ලැබනෙු ඇති නමුත් එදින වන විට ඩීසල් නොපැමිණියහොත් නැවතත් රට විවෘත කිරීම කල් දමන්නට වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

කෙසේ වෙතත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ ඉදිරි මාස තුන සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වෙළෙඳපොළට මුදාහැරීමට කටයුතු කරන බවයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවද පවසන්නේ මාසයකට අවශ්‍ය තරමේ ඉන්ධන තොග රට තුල ඇති බවයි.

121,320 views

11 Comments to “ඉන්ධනවලට සල්ලි නෑ.. ලොක්ඩවුන් අරින්න ප‍්‍රමාදය ඒ නිසා.. පලවැනිදා තෙල් නැතොත් තවත් වහනවා..”

  1. Harsha says:

    තෙල් ගේන්ඩ තිබුන ඩොලර් වලින් තමා අපුච්ච අබුදරුවන් පිරිවරාගෙන කිසිම වැදගැම්මකට නැති නිශ්පල සංචාරයක් ගියේ .මේ මනුස්සයනම් මේ රටට් මාර ඇණයක් .

    • Roshan says:

      තෙල් ගේන්න වියදම් කරන සල්ලියි ලංකාවෙ ව්‍යවස්ථාවෙන්ම වෙන් කරලා තියෙන වාර්‍ෂික ජනාධිපති අගමැති වැය ශීර්‍ෂ වියදම් ගැනයි නොදන්න අට පාස් හිගන්නෙක්😂😂😂😂

      • Sam says:

        මෙන්න රාජපක්ශලාගේ අශූචි බුදින අහිකුන්ටකයෙක්.ඒ මුදල් වෙන්කරල තියෙන්නේ අබුදරුවොත් එක්ක බලෙන් සංචාර හදාගෙන මහජන මුදල් කාබාසිනා කරන්ඩ නොවේ.තොපි වගේ වහල්ලු ඉන්න කම් මේ රටට අබසරනයි .

    • විජේ says:

      මහින්දගෙ ගමන ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා… හැබැයි ඒකට ගිය මුදලෙන් රටේ තෙල් සැපයුම සම්පූර්ණ කරන්න පුලුවන් කිවන එකනම් මාර විහිලුවක්.. තෙල්ගේන්න මාසෙකට ඩොලර් මිලියන 100 ක් විතර යනවා… අර ගමනට ඩොලර් ලක්ෂයක් වත් යන්නෙ නෑ 😆😆

  2. ගෞම් ඊයාරාජ් says:

    එතකොට රනිලෝ තෝ නේද මුලින්ම රට ලොක්ඩවුන් කරපන් කියලා වීඩියෝ එකක් දැම්මේ?
    එතකොට ලංකාවේ විශේෂඥ දොස්තරලගෙ සංගමය ඔක්තෝම්බර් පළවෙනිදා වෙනකම් රට ලොක්ඩවුන් කරන්න ඕනේ කියලා කිව්වේ ලංකාවේ තියෙන ඩීසල් ප්‍රමාණය ගණන් කරලද​?😂😂😂😂
    ලංකාවේ දරුවෙක් මල්ලෙක් හදන්න ඔනා කරන බීජ නිපදවෙන්නෙ නැති මදසරු උන්ට උන්ගෙ මොළයෙත් ගැටළු තියෙනවා කියලා දැන්නෙ දන්නේ😂😂😂😂

    • ECT says:

      ආණ්ඩුවට දැන් වෙලා තියෙන්නෙ කොටි වලිගය අල්ලගත්ත එකාට වෙච්ච දේ.
      රට වහගෙන ඉන්න බෑ මිනිස්සු කන්න නැතුව මැරෙනවා.
      රට ඇරපු ගමන් උද්ඝෝෂණ, විරෝධතා රටපුරා පටන් අරගෙන කොළඹට පාගමන් එන්න පටන් ගන්නවා.දුවන්න පාර මදි වෙනවා..

    • Rita Perera says:

      🤣🤣🤣

  3. ගෞම් ඊයාරාජ් says:

    විලිලැජ්ජයි සාන්ත මෙහෙ හම්බයට නෙලන්න හදනවා , ගෙම්බා හම්බයා ගාව නැවිලා ණය ඉල්ලනවා. ඔන්න ඔකටයි ආයිබොවන්ඩ කියන්න කන්න ඔනේ උනහම කබරයත් තලගොයා වෙනවා කියලා . රනිලව සතපහකට විශ්වාශ නැතිවුනත් කබ්‍රාල් සහ ගෙම්බා කියන බෛල වලට වඩා , රනිලගේ බොරු ප්‍රැක්ටිකල්. ඇත්තටම අපිත් බැලුවා පෙට්ටි කඩේ ඉදලා බාර් වෙනකන් අරින්න දිලා පොදු ප්‍රවාහණය එක්ක , වාහන ගමනාගමනය අවම කරන්න විතරක් කටයුතු මොකටද සම්පාදනය කලේ කියලා , අයියො සල්ලී ,එතකොට ලොක් ඩවුන් එක දාලා තියෙන්නේ ඉන්ධන හිග කම වහගන්නද ? පුදුම විද්‍යාත්මක භාවයක් පේනවා බන්. විලිලැජ්ජයි සාන්ත.

    • ගෞම් ඊයාරාජ් says:

      අනේ මම මේ තුන් වේල බඩ පුරවගන්න සල්ලි වලට කමෙන්ට් කොටන්නේ හොදේ..

  4. Nuwan says:

    කතාව හරි. ඉක්මනට Full Tank කර ගන්න. බඩු ඉවර වෙන්න ලඟයි.

  5. මංගලගේ කොල්ලා says:

    රනිල් කියන එකේ ඇත්තක් තියන බව සාමාන්‍ය හුදී ජනයා විශ්වාස කරනවා. රනිල්ගේ දේශපාලනය පැත්තකින් තියමු. ආණ්ඩුව එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරාගන්න හදනවා !

Main News