ඉන්ධනහලක දරුණු ගැටුමක්.. පොලිසියේ 09ක් තුවාලයි..

June 18, 2022 at 8:40 am | lanka C news

ඊයේ රාත්‍රියේ අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලත කලහකාරී තත්වයක් හට ගෙන තිබේ.

ඉන්ධන ලබා ගනීමට පැමිණි ජනතාව සහ පොලිසිය අතර මෙම කලහාකාරී තත්ත්වය හටගෙන ඇත්තේ ඉන්ධන පිරවුම් හලේ ඉල්ලන තොග අවසන් බව පැවසීමත් සමගයි.

ජනතාව අතර සිටි පිරිසක් ආරක්ෂිත වැඩ කඩා ගෙන පැමිණ පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඉන්පසු පිරිස පාලනය සඳහා පොලීසිය කටයුතු කළ බවත් සිද්ධිය සම්බන්ධයෙන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

ඇතිවූ කලහාකාරී තත්ත්වයෙන් පොලිසියේ නව දෙනෙකු තුවාල ලබා තිබේ.

63,346 views

11 Comments to “ඉන්ධනහලක දරුණු ගැටුමක්.. පොලිසියේ 09ක් තුවාලයි..”

  1. samith himi says:

    Policiye mahathwaruni ayinwenawanam hondayi 225 joliye sepen
    Unta gas. Indana etha. Obala ape Aya. Eyi API gahaganne. Ayinwenna

    • Sagara says:

      ඉන්ධනහල් වලින් ඉන්ධන නිකුත්කිරීමේදී .කිසිම රාජ්‍ය සේවකයෙකුට ප්‍රමුකත්වය ලබා නොදිය යුතුයි .රෝහල් කාර් ය මංඩලවලට පවා ප්‍රමුකත්වයක් නොදිය යුතුයි .රජයේ සේවකයෙක් මසක් වැඩට නොපැමිනියත් මාසෙ අන්තිමට සාපේක්ශ වසයෙන් විශාල වැටුපක් ලැබෙනවා .ඔහුන් කරන කිසිම රාජකාරියක් නෑ .පුද්ගලික අංශයේ සේවකයෙක් වැඩට නොගියහොත් ඔහුගේ හෝ ඇයගේ දිනක වැටුප් කපනවා .එදිනෙදා වැඩක් කර මුදලක් ලබන කෙනෙක් දිනක් වැඩ නොකලොත් එදිනට ඔහුගේ දරු පවුලම බඩගින්නේ .එමනිසා පිංපඩි ලබා ගන්නා රජයේ සේවකයෝ සියල්ල වැටුප් රහිතව නිවසේ තැබිය යුතුයි .මේ ප්‍රශ්ණ වලට මුල කොටසක් වරප්‍රසාද බුක්ති විදීම .මේ අවස්තාවේ පාර්ලිමේන්තුවක් කිසිම අවස්‍යතාවයක් නෑ හොරු රැලකට මහජන බදු මුදල් ලබා දීම පමනයි සිදුවන්නේ .

      • Dushantha says:

        සියලු අතයාවශය සේවා සඳහා අනිවාර්යෙන්ම ප්‍රමුකතාවයක් ලබා දිය යුතුයි. ආරක්ෂක, විදුලිය, විදුලි සන්දේශ රෝහල් කාර්ය මන්ඩල වෑනි දේ මොනම හේතුවක් මතවත් බාදාවක් නොවී අකන්ඩව පවත්වා ගත යිතුයි.

      • Gorilla says:

        ඔව් තමුසෙගේ අම්මට පපුවේඅමාරුවක් ආවොත් තමුසෙම අත්බෙහෙතක් කරගනින් ආයේ ඉස්පිරිතාලෙට යන්න එපා.

        • Sasrasi says:

          මිනිස්සු මිනිස්සු කා කොටා ගන්නේ ඇයි. ඒවා ට ක්‍රමවේදයක් රජයෙන් ඉල්ලන්න . මිනිස්සුන්ගෙන් ඉල්ලන්න එපා . ඒ මිනිස්සු ත් රස්සාව, පඩිය බේරා ගන්න ඕන නේ . මිනිස්සු අතරේ ගැටුම් තමා පාලකයන්ට ඕන . පෝලිමේ ඉන්න මිනිසුන්ට බැනලා වැඩක් නෑ නේ තමන්ට ප්‍රමුඛතාව දෙන්න කියලා . මේ වෙලාවේ විතරක් නෙමෙයි හැමදාම වෛද්‍යවරුන් ගේ රාජකාරිය හරිම වැදගත් ඒ වගේම රෝහල් වල අනික් අයගේත්. ව ෘතිය සමිති මගින් හෝ ඉල්ලීම් කරන්න . තැලිලා පොඩිපට්ටම් වෙලා ඉන්න මිනිස්සු ගෙන් ඉල්ලන්න එපා .

  2. උපාසක says:

    තට්ටෙ ගාගන්න …. සිවුරක් දාගන්න.. ඉස්සරහ සීට් එකේ ඉඳගන්න. රියදුරෙක් සමඟ වාහනේ කෙලින්ම ෂෙඩ් එකට අරන් යන්න. පෝලිමේ ඉන්න වෙන්නෙ නෑ. ලිමිට් නෑ.. ෆුල් ටෑංක් ගහගන්න පුළුවන්

  3. Boo says:

    අම්මපා අදයි දැනගත්තෙ අර අන්තිමටම ගෝරනාඩු දාන එකා තමයි දැන් පොලිසියෙ පඩි ගෙවන්නෙ කියලා. ඌ හිතන් ඉන්නෙ ඌ විතරයි vat ගෙවන්නෙ පොලිස් නිලධාරීන් vat ගෙවන්නෙ නෑ කියලා.

  4. Jayantha says:

    තෙල් ඉවර වූ පසු ශෙඩ් එක සහ පොලීසිය එක තෙල් මවන්නද. ඔකුන්ට ඇප දෙන්න එපා. අවුරුදු 5කට විතර ඇතුලට දාන්න කලකෝලහල ඇතිකරාට සහ ඇතිකරන්න කටයුතු කරාට. අර අන්තිමට ලොරි ටෝක් දෙනා එකාට නම් ඒල්ලා ගහන්න ඕන. ගොනෙක්.

    • athula says:

      ජනතාව මෙතනට ඇද දාපු උන්ට මුකුත්ම කියන්න එපා… කොහෙද යකෝ උඹේ මොළේ තියෙන්නේ ? ජනතාව ගිනි ගණන් දීලත් තෙල් ටිකක් ගන්න නොකා නොබී පෝලිම් වල ඒ මිනිස්සු ඉන්නේ දැඩි පීඩනයක්‌ යටතේ ඒක තේරුම් ගන්න වත් මොළේ කලඳක් නැද්ද.. අද ලොකු සල්ලි කාරයින්ට ඉන්දන ලබාදෙන්නෙ බොහෝ වෙලාවට පොලිසි වලින් උන්ට කුට්ටිය හම්බ වෙනවා.. සමහර වෙලාවට පොලිසියේ පොඩි මිනිසුන් තමයි මේවට එන්නෙ පෝලිමේ ඉන්න නමුත් කුට්ටිය ගන්නෙ ඉහල ඉන්න වුන් අන්තිමට සේරගෙන්ම තැලෙන්නේ පොඩි මිනිහා… මේ වා තේරුම් ගෙන ජනතාව මේ තක්කඩි රැල පන්නා දමන්න පාරට එන්න ඕනෙ එකිනෙකා මරාගන්නව වෙනුවට එකතුවෙලා සටන් කර මුන්ව පලවා හරින්න දහිර්ය මත් කල යුතුයි..

  5. Haritha says:

    රටක් දුක ඉවසගන්න බැරිව මරාගනිද්දී ෆේල් කෙනෙක් හැටියට යන්න තියෙන ලැජ්ජාව නිසා මෝඩ පිස්සා තවම බලය අල්ලගෙන ඉන්නවා!

  6. Not a Hero says:

    මේ අවතාවේදී ජනතාව ඉතාම බුද්ධිමත්ව කටයුටු කල යුතුයි.
    කුපිත කරමින් ගිනි ඇවිලෙන තුරු රකුසන් බොහෝ දෙනා බලා සිටිති.
    මාධ්ය් වගකීමෙන් කටයුතු කරපිය.
    පාලකයන්ව මරාගෙන කෑවත් මේ ප්‍රශ්න විසදෙන්නේ නෑ.
    ඉවසපියවු.

Main News