ඉන්ධනහල් සේවකයන් සමග ඒකාබද්ද ඉන්ධන ජාවාරමක්.. ලීටරය 1200යි…

July 4, 2022 at 6:24 am | lanka C news
ඉන්ධනහල් සේවකයන් සමග ඒකාබද්ද ඉන්ධන ජාවාරමක්.. ලීටරය 1200යි…

හැටන් හා ආශ්‍රිත ප්‍රදේශ තුල මේ වන විට පවතින ඉන්දන මාෆියාවක් හේතුවෙන් මෙම ප්‍රදේශයේ බොහෝ රථ වාහන හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

ප්‍රදේශයේ ත්‍රිරෝධ රථ රියදුරන් කිප දෙනකු හා පෞද්ගලික බස් රථ රියදුරන් කිප දෙනකු ඇතුළු පිරිසක් විසින් ඉන්දනහල්වල සේවය කරන කිප දෙනකු සමග මෙම මාෆියාව මෙහෙය වන බව බොහෝ රථ වාහන රියදුරන් පවසති.

මෙම පිරිස සංවිධානත්මකව ප්‍රදේශයේ ඉන්දන පිරවුම් හල් සදහා ඩිසල් හා පෙට්‍රල් ලැබෙන විට එම ඉන්දන හල්වල සේවකයන් කිප දෙනකුගේ සහය මත තම රථ වාහනවලට අවශ්‍ය ඉන්දන වැඩි පුර ලබා ගෙන එම ඉන්දන බුලීවලට පුරවා ගෙන නැවත පෝලිමේ ගොස් තවත් ඉන්දන ලබා ගෙන වැඩි මිලට එම ඉන්දන අලෙවි කරන බවද එම පිරිස් පවසති.

ඉන්දන හල්වල සමහර සේවකයන් මෙම රථ වාහන සදහා සිමාවකින් තොරව ඉන්දන ලබා දිම සිදු කරන බවත් පසුව එම ඉන්දන ලීටරය රුපියල් දාහාත් එක් දාහාස් දෙසියත් අතර මිලකට අලෙවි කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් එම පිරිස වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

43,834 views

7 Comments to “ඉන්ධනහල් සේවකයන් සමග ඒකාබද්ද ඉන්ධන ජාවාරමක්.. ලීටරය 1200යි…”

  1. සහොදරය says:

    හෙටන් නෙමේ කොළඹ ඔක්කොම ත්‍රිවීලර් මල්ලි ල කරන්නෙ ඒක තමයි හයර් දුවන්නෙ නෙහෙ පොලීමට් සෙට් වෙනව කාලේ අරක්කු බෝතලයක් සහ මුරුක්කු පෙකට් එකක් එක්ක පෙය 5-6කින් තෙල් ගහන ව තෙල් ටික බානව ආයි පෝලිම ට සෙට් වෙනවා අර අඩුම කුඩුම එකක්

  2. පබිලිස් says:

    තව සතියකින් දෙකකින් ත්‍රිවීලර් මල්ලි ල පෙට්‍රල් අරාබි යට අපනයනය කරන තත්ත්වය ට එනවා

  3. සකු says:

    ලොකු ලොකු පන්ඩිත යන් කියනව මේ රටේ
    මිනිස්සු දියුණු වෙන්න කිසිම දෙයක් කරන්නෙ නෙහේ කියල එවුනාට මාසෙකට දෙකට උඩින් ත්‍රිවීලර් රියදුරු න් දෙන් පොඩි යට පෙට්‍රල් සෙඩ් දාගෙන ඉන්නව කොච්චර නම් දියුණු වෙලාද බලන්න

  4. C.n.m says:

    ත්‍රීවීල්කාකාරයෝ, බස් ඩ්‍රැයිවර්ලා, කොන්දොස්තරලා කොතැනද එතැන හැමදාම කේස්. නූගත් හැත්ත. නොදකින් කාලකන්නි.

  5. atta says:

    මෙයින් පෙනෙන්නේ අනුන්ට හොරු යි කියන්නා වුන්ම හොරු වන බවයි. ඒ නිසා නැවත වෙනත් කන්ඩායමක් බලයට ආවොත් උන් හොරු නොවෙයි ද? කොහොමද නැතැයි කියන්නේ?

  6. Gamini Senanayake says:

    I email this massage to power and energy ministry as below. But it doesn’t have appreciation at least.
    ත්‍රිවීල් කාරයෝ මේ දවස්වල තෙල් පොලිමේ ඉදල ගන්න තෙල් ගෙදර බූලියට මාරු කරල ආයෙත් තෙල් පෝලිමට යනව. ගහනතෙල් රැපි 1000 ගානෙ හොරාට විකුනනව. හයර් දුවනවට වඩා ලාභයි.
    ඒ නිසා, ත්‍රිවීල් කාරයෙක්ගෙ දෛනික average එක බලල, full tank දින 5 කට ඇති නමි ( industrial average) Token එකක් මගින් එක ත්‍රීවීලයකට දින 5 කට වරක් පමණක් තෙල් දෙන ක්‍රමයක් හදන්න.

  7. ලොවෙත් නෑ says:

    මේව මොනවද කෑගල්ලේ බෙරගල..පෝලිමේ ඉන් නැතුව ගහන්ඩ 1500යි.ඊට පස්සෙ ගමේ උන් ගහගන්නව ගැහිල්ලක්..අර දවස් පහ හය පෝලිම්‍රෙ ඉන්න මිනිස්සු පව්..ඒ මදිවට පොලිසය ආමි ඉන්නකොටම පාට් එකත් දාල ගහන්නේ..උන්..පැය දෙක යනකොට 6000හෙ ටැංකිය ඉවරයි..

Main News