ඉන්ධනහල යුද පිටියක් වෙයි… ඉන්ධන කොල්ලයට ආ මැරයන්ට කාන්තාවන් පන්න පන්නා ගහයි.. පොලිසියටත් ගුටි..
June 23, 2022 at 10:02 pm | lanka C news
ගලේවෙල විවිධ සේවා සමූපකාරයට අයත් ගලේවෙල මකුලුගස්වැව ඉන්ධන පිරවුම්හ හල අසල අද (23) දින පස්වරුවේ අවස්ථා කිහිපයකදීම යුද පිටියක් බවට පත්වූ අතර ප්ර දේශවාසීන් සහ කාන්තාවෝ එක්ව මැර කණ්ඩායම්වලට පහර දී ඔවුන් එළවා දැමීමට පියවර ගත්හ.
මෙම ඉන්ධන පිරවුම්හලට දින ගණනාවක් සිට ලැබෙන ඉන්ධන ප්රදේශයේ ජනතාවට ලබා ගැනීමට දැඩි දුෂ්කරතා මතුව තිබෙන බවත් ඉන්ධන ලබා ගැනීමට එන බොහෝ පාරිභෝගිකයන්ට එම ස්ථානයේ සිටින මැරකම් කණ්ඩායම් පහර දීම් සිදු වී ඇති බව මකුලුගස්වැව පොලිසියට පැමිණිලි රැසක් ලැබී ඇතැයි පොලිසිය කියයි.
එවැනි තත්ත්වයක් තිබියදී අද 23 දින පස්වරු ඉන්ධන බෙදාහැරීම් කටයුතු සිදුකරන අවස්ථාවේදී මැර කණ්ඩායම් පැමිණ ප්රදේශ්වාසීන්ට ඉන්ධන ලබා ගැනීමට නොදී ඔවුන් ඉන්ධන ලබා ගැනීම සිදු කරද්දී එකවරම කාන්තාවන් කණ්ඩායම්ක් පැමිණ මෙම පිරිස්ට පහරදී පන්නා දැමීමට කටයුතු කරන්නට වූහ.
එම අවස්ථාවේදී කාන්තාවන් පොලීසියටද බුලි වලින් පහර දී මැර කණ්ඩායම් වලට දැඩි ලෙස පහර දෙමින් පන්නා දැමීමට කටයුතු කළ අතර ආරක්ෂක නිලධාරීන්ට ද එය පාලනය කර ගැනීමට නොහැකි විය.
ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ සිටි මෙම කණ්ඩායම් කියා සිටියේ පොලිසිය යුද හමුදාව සියල්ල රැඳී සිටියදී මැරකම් කණ්ඩායම් මෙම ඉන්ධන පිරවුම්හල අත්පත් කරගෙන සිටින බවය.
මෙම හේතුව නිසා පැමිණිලි දැම්මද පොලිසිවලින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බව ද ඔවුහු කියති. මේ වන විටත් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයා ඇතුළු කණ්ඩායම් පහර දුන් බවට පාරිභෝගිකයන් මකුලුගස්වැව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද ඔවුහු පවසති.
– ලංකාදීප
අර උපාසක ටත් මෙන්න මේ ගොල්ලන්ගෙන් තමයි සලකන්ට ඕනේ.
හොයාගන්නවා කවුද කියලා සලකන්ට…
Well done ladies 👍💐
Adore your guts!
Oky !
Now I think we need to call US marine forces man.
We can’t handle the situation.
We need help from US marine forces and CIA officers.
කොන්ද පණ නැති මහ එකෙක් ඉන්න රටක ජනතාවට ඉතිං අබ සරණයි
ඇමෙරිකානු මැර සොල්දාදුවන් !
මැරීන් සොල්දාදුවන් !
All women should come to streets and protest. We are in this mess not because of our faults but due to thug politicians.
මිනිසුන්ගේ මෝඩ කම් වල සහ නොදැනුවත් කම් වල සිමාවක් නොමැත. හැම කෙනෙකුට ම අයිඩී කාඩ් තිබේ නම් ඇයි අයිඩින්ටි කාඩ් එක බලා තෙල් දෙන්න බැරි. ඇති දෙයින් ප්රයෝජන නොගන්නා ජාතියක් වෙසෙන රටකට මොනවා කියන්නද?
හොඳ වැඩේ!
වීරෝධාර ප්රදේශවාසීන් හා කාන්තාවන් ටිකට අපගේ ප්රනාමය.