ඉන්ධන අර්බුදයේ.. සෞඛ්‍ය සේවාවේ නිවාඩු වැඩි කරයි..

May 28, 2022 at 12:40 pm | lanka C news
ඉන්ධන අර්බුදයේ.. සෞඛ්‍ය සේවාවේ නිවාඩු වැඩි කරයි..

ඉන්ධන හිගය හේතුවෙන් සෞඛ්‍ය සේවයේ සියලු දෙනාටත් සතියට දින දෙකක් හෝ තුනක් විශේෂ නිවාඩු ලැබෙන පරිදි රාජකාරි පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය සේවයේ නියුතු අයට ඉන්ධන ලබා ගැනීමට විශේෂ කාඩ් පතක් නිකුත් කරනු ලැබුව ද එය සාර්ථක නොවූ නිසා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.

ඊට අමතරව සෞඛ්‍ය සේවයේ ගිය මාසයේ වැටුපෙන් කපා හරින ලද අතිකාල හා දීමනා එළැඹෙන මස වැටුපට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

කොරෝනා වෛරසය තදබල ලෙස ව්‍යාප්ත වූ කාලයේ දී සෞඛ්‍ය සේවයට විශේෂ නිවාඩු ලැබෙන පරිදි සේවය කළ ආකාරයටම මෙවරද රාජකාරියට යොදවන ලෙස දැනුම් දී ඇත.

38,410 views

4 Comments to “ඉන්ධන අර්බුදයේ.. සෞඛ්‍ය සේවාවේ නිවාඩු වැඩි කරයි..”

  1. කාලකන්නි ගෝටාභය රනිල් හිඟන්නවත් දාගෙන පිස්සු නටනවා මැරිලා වත් යන්නේ නෑ ඕකුන්

  2. ගලගොඩ පැත්තේ බිංදුසාර says:

    පෝලිමේ නැතුව අසාධාරණ විධිහට හාමදුරුලා කිහිප වාරයක් විවිධ වාහනවලට තෙල් ගහන් යන්නෙ ඇයි ? පන්සල්වල දැන් පහන් පහන් පත්තු කරන්නේ ඩීසල් , පෙට්‍රල් වලින්ද ?

  3. බයිසන් says:

    සෞඛ්‍යය සේවකයන් හොර OT ගන්න එක වලක්වන්න මේ ක්‍රමය ක්‍රියාත්මක කරන එක හොඳයි. සතියකට දවස් තුනක් නිවාඩු දුන්නොත් OT වියදම 25% ක් අඩු කරන්න පුළුවන්. ඒක අවුරුද්දකට රුපියල් මිලියන 10000 විතර වෙනවා.

Main News