ඉන්ධන අර්බුදය..: 2000cc ට වැඩි සියළුම කාර් ජීප් තහනම් කරන්නැයි කියයි.. කෙටි ගමන්වලට පාපැදි…

June 15, 2022 at 3:04 pm | lanka C news
ඉන්ධන අර්බුදය..: 2000cc ට වැඩි සියළුම කාර් ජීප් තහනම් කරන්නැයි කියයි.. කෙටි ගමන්වලට පාපැදි…

ඉන්ධන අර්බුදයට කෙටි කාලීන විසඳුම් ලෙස ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා ජනපතිට සහ අගමැතිට යෝජනා 10 අද දින පැවැති මාධ්‍ය හමුවකදී (2022.06.15) පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

පසුගිය ජනවාරි මාසයේ ඇමති මණ්ඩලයට මෙම යෝජනා ඉදිරිපත් කළ ද අවාසනාවට ක්‍රියාත්මක කිරීමට ඇමති මණ්ඩලය කටයුතු නොකළ බව හිටපු බලශක්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පිවිතුරු හෙළ උරුමේ නායකයා එහිදී මෙසේ අදහස් දැක්වීය.

නව අගමැති පත් වී දැන් මාසයකට වැඩියි. නමුත් තවමත් ආණ්ඩුවට ආර්ථික අර්බූදයෙන් මිදීම සඳහා වැඩපිළීවෙලක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තිබෙනවා. අපි මේ අර්බුදයේ හිර වූයේ දරාගත නොහැකි තරමට ණය ගැනීම නිසා නම් ණය ගැනීම තවදුරටත් අර්බුදය තීව්‍ර කිරීමක් මිස අර්බුදයට විසදුමක් නොවේ. කෙටි කාලීනව අර්බුදයෙන් ගොඩයාමට ණය ගැනීමට සිදු වුවත් දිගුකාලීනව මෙම අර්බුදයෙන් ගොඩ යන්නේ කොහොමද කියලා රටට කීම මෙම ආණ්ඩුවේ වග කීමක්. ආණ්ඩුව පමණක් නොවේ, ස්වාධීන පක්ෂ එකමුතුව හැර විපක්ෂයේ වෙනත් කිසිම පක්ෂයක් අර්බූදයෙන් මිදෙන්න වැඩපිළීවෙලක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තිබෙනවා. අපි මාර්තු 2 ඉදිරිපත් කළ “මුළු රටම හරි මඟට” වැඩ පිළීවෙල විතරයි අදටත් තිබෙන්නේ.

ජනතාවට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් අයුරින් ලබා දෙන්න ආණ්ඩුවට වැඩපිළීවෙලක් නැතිනම් තිබෙන ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න ඕනෑ. ඒ සඳහා කරන යෝජනා බොහෝ විට දිගුකාලීනයි. නමුත් දවස් ගණන් පෝලිමේ ඉන්න ජනතාවට එයින් අස්වැසිල්ලක් වෙන්නේ නෑ. පසුගිය ජනවාරි මාසයේ අපි ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ නමුත් අවාසනාවට ක්‍රියාත්මක කිරීමට ඇමති මණ්ඩලය කටයුතු නොකළ ඒ යෝජනා අතුරින් කෙටිකාලීන අර්බුදයට විසඳුම් ගෙනෙන යෝජනා අද තමුන්නාන්සේලා ඉදිරියේ තබනවා. ජනාධිපතිතුමන්ටත් අගමැතිතුමන්ටත් ඉන්ධන අර්බුදය කළමණාකරණය කිරීම සදහා එම යෝජනා වහාම ක්‍රියාත්මක කරන්න කියන යෝජනාව ලිඛිතව යැවීමට බලාපොරොත්තු වෙනවා.

1) එංජිමේ ධාරිතාව සීසී 2,000ට වැඩි සියළුම කාර් සහ ජීප් භාවිතය තාවකාලිකව තහනම් කළ යුතුයි. ලොක්කන්ට රිදෙයි. කරන්න දෙයක් නෑ. ඔබට පිරවුම්හල් වලින් තෙල් ගන්න රුපියල් තිබුණාට රටට ඒවා ආනයනය කරන්න ඩොලර් නෑ. සමහර සුපිරි වාහන තෙල් ලීටරයකට දුවන්නේ කිලෝ මීටර් 4යි 5යි. නමුත් ත්‍රිරෝද රථයක් කිලෝ මීටර් 25ක් 30ක් දුවනවා. වෙනත් වචන වලින් කිව්වොත් සැප වාහනයක් දවසකට පුච්චන තෙල් වලින් ත්‍රිරෝද රථයක් සතියක් දුවන්න පුළුවන්. නිල රථය බාර දුන් දවසේ පටන් මා භාවිතා කරන්නේ එංජිමේ ධාරිතාව සීසී 1,500 කාර් එකක් බවත් සිහිපත් කරන්න ඕනෑ. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියනවානෙ.

2) තෙල් නැති නිසා පසුගිය සඳුදා ආණ්ඩුව විශේෂ නිවාඩු දිනයක් කළා. දැන් සෑම සතියකම සිකුරාදා දිනයත් නිවාඩු දිනයක් කරනවාලු. වැඩියෙන් වැඩ කිරීමෙන් මිස වැඩ නොකර සිටීමෙන් මේ අර්බූදයෙන් ගොඩ එන්න බෑ. දැන් සතියට වැඩ කරන්නේ පැය 8 ගණනේ දින 5යි. ඒ කියන්නේ පැය 40යි. දින 4ක් පැය 10 ගණනේ වැඩ කිරීමෙන් ඒ පැය ගණනම ආවරණය කරන්න පුළුවන්. එහෙම නැතිනම් චක්‍රලේඛන වෙනස් කරලා සියළුම ලිපි පරිගණක ගත කරලා සතියට දවස් තුනක් කාර්යාලයට පැමිණත් ඉතිරි දවස් දෙක ගෙදර සිට අන්තර්ජාලය හරහාත් වැඩ කිරීමට පුළුවන්.

3) මහජනතාව රජයේ කාර්යාල වෙත යනවා වෙනුවට සිය ලිපි අයදුම්පත් ඊමේල් සහ වට්ස්ඇප් වැනි නව තාක්ෂණය ඔස්සේ යැවීමේ පහසුකම් ඇති කිරීම

4) රජයේ සේවකයින්ට හැකි තාක් දුරට තමන්ගේ නිවසට ආසන්නයේම ඇති රාජකාරි ස්ථාන වලට මාරුවීම් ලබා දීම හරහා ප්‍රවාහන අවශ්‍යතා අවම කිරීම.

5) පාසල් අධ්‍යාපනය සතියට දවස් තුනක් පාසලට පැමිණත් ඉතිරි දවස් දෙක අන්තර්ජාලය හරහාත් අධ්‍යාපන කටයුතු කිරීමෙන් පාසල් දරුවන් ප්‍රවාහනයට යන ඉන්ධන 40%කින් අඩු කරන්න පුළුවන්.

6) ඉන්ධන නොමැති නිසා පාසලට පැමිණීමට නොහැකි වන දරුවන්ට ද එදින පාඩමට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැකි අයුරින් අධ්‍යාපන කටයුතු දෙමුහුන් නැතිනම් හයිබ්‍රිඩ් කිරීම

7) ආණ්ඩුවේ වගේම පෞද්ගලික අංශයේත් සියළුම රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ කිරීමෙන් ඉන්ධන පමණක් නොව මඟට නාස්ති වන කාලයත් ඉතිරි කර ගන්න පුළුවන්.

8) ලෝකයේ බොහෝ රටවල තිබෙන නම්‍යශීලි රාජකාරි වෙලාවන් හෙවත් flexi duty hours හඳුන්වා දීමෙන් වාහන තදබදය අඩු කර ඒ හේතුවෙන් සිදුවන ඉන්ධන නාස්තිය අඩු කරන්න පුළුවන්. ඒ අනුව නිදසුනක් ලෙස උදේ 10 සිට සවස 3 දක්වා පැය 5 අනිවාර්යෙන් හැමෝම කාර්යාලයේ ඉන්න ඕනෑ. ඉතිරි පැය තුන තමන්ට පහසු ආකාරයට කලින් පැමිණ කලින් යන්නත් පුළුවන්. ප්‍රමාද වී පැමිණ ප්‍රමාද වී යන්නත් පුළුවන්. සියළුම කාර්යාල සේවකයින් එකවර පැමිණ එකවර යෑමෙන් ඇතිවෙන දැවැන්ත වාහන තදබදය මෙයින් මග හරින්න පුළුවන්. වාහන තදබදය නිසා නාස්ති වන ඉන්ධන ප්‍රමාණය 10%ක් පමණ වෙනවා.

9) කෙටි දුර ධාවනය සඳහා ආසන නැති බස් රථ හඳුන්වා දෙන්න පුළුවන්. ඒ හරහා එක බස් රථයක ගමන් කරන මගින් ගණන වැඩි කර ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න පුළුවන්.

10) කෙටි දුර සඳහා බයිසිකල් භාවිතා කිරීම ජනප්‍රිය කිරීමට ප්‍රචාරාත්මක වැඩසටහනක් දියත් කිරීම

ඉන්ධන අර්බුදයට විසදුම් සොයන කෙටිකාලීන යොජනා ඔබටත් ඇත්නම් අපිට එවන්න. අපිට එවිට පුළුවන් මේ පිළිබදව රජයේ බලධාරීන් ගේ අවධානයට යොමු කරන්න.

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, මහජන නියෝජිත ලේකම් උපුල් කෝණාර යන මහත්වරුන් සහභාගීවිය.

– Media unit

123,317 views

62 Comments to “ඉන්ධන අර්බුදය..: 2000cc ට වැඩි සියළුම කාර් ජීප් තහනම් කරන්නැයි කියයි.. කෙටි ගමන්වලට පාපැදි…”

  1. Madawa says:

    “රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි නැවත අයකරගැනීම” කියලා යෝජනාවකුත් මේකට දාපන්…

    • APerera says:

      “රාජපක්ෂලා සහ උංගේ සහචරයෝ හොරකං කරපුවා” කියලා පොඩි සංශෝධනයක් දාමුද…???

  2. SL says:

    So far gvt has not produced any feasible plan to come out of this crisis

    Gvt is waiting for someone to bail out the country,Pathetic way of thinking by old nakiyas would cripple the country further

    Gamma’s idea on public transport would be ok if number of passengers are limited so as public will not be packed like sardines by private bus konda

  3. ප්‍රසාද් සමරසිංහ says:

    හැරී ජයවර්ධන ඒස් පවර් එකේ කරන්ට් එක දවසකට යුනිට් මිලියන 50 රුපියල් 100 ගානේ විකුනනවා .
    එයාගේ මෙල්ස්ටා ඉස්පිරිතාලවට , එයිට් කන් ස්පෙන්ස් හොටෙල් වලට , DCSL එකට , ලංකා බෙල් එකට , continental ඉන්සුරන්ස් , අඹේවෙල කිරිඑකට ,ලක්ස්ප්රේ එකට , රුපියල් 30 ගානේ විදුලිය ගන්නවා . හරියට බදු ගෙවනවද , සේවකයින්ට හරි වැටුප් ගෙවනවද හොයල බලන්නේ නැත්තේ ඇයි ?

  4. සිමියොන් says:

    රටේ පුද්ගලික වාහන 7මිලි (කාර් 1, මෝටර්සයිකල් 5යි, අනෙකුත් 1යි), ටුක් ටුක් 2යි, අනෙකුත් 1යි. රටේ ඉන්නේ 22යි, සමහර නගරවල මාර්ග දාරිතාව 10%ක්වත් නැහැ. ඔහොම යමු.

  5. ජෙප්ප says:

    අපේ කාලේ කඩුවෙල සිට පාසල් ආව ළමයි කොටහේනේ සිට කොස්ගස් හන්දිය දක්වා පයින් ගොස් එතනින් තමයි කඩුවෙලට බස් එකේ ගියේ. සමහර ළමයි ආවේ බයිසිකල්වල ආපහු යන කොට ඩබල දාල යාලුවෙක් එක්ක යනවා. ඒ කාලේ පාසල් වාහන තිබුනේ නැහැ බොහෝ මිනිස්සු රැකියාවලට ගියේ බයිසිකල් වල. ඒ කාලේ රැලේ, හම්බර් බයිසිකල් එකක් රුපියල් 100. අදත් යාපනේ තිරිකුනාමලේ ළමයි පාසල් යන්නේ බයිසිකල් වල. අද එහෙම කරන්න බැරි ඇයි?

  6. යෝජනා ටික හොඳයි
    බයිසිකලයක් දැන් රු. 50,000ක් විතර වෙනව.
    බයිසිකලේ ජනප්‍රිය කරන්න, බයිසිකල් සහන මිලට සපයන්න.

    • Dushantha says:

      සහන මිලට සපයන්ඩත් ඒවා චීනෙන් හරි ඉන්දියාවෙන් හරි ගේන්ඩ එපෑ. ඒකටත් ඩොලර් ඕනිනෙ. ලන්කාවෙ අඩු තරමින් බයිසිකලයක් වත් හදන්නෙ නෑනෙ. ආන්ඩුවෙ ඉන්නකන් නෑති මොලේ මේගොල්ලන්ටත් පෑදෙන්නෙ විපක්ෂෙට ගියහම.

Main News