ඉන්ධන ආනයනය සීමා කල යුතුයි..- ජනාධිපති ලේකම්…

September 15, 2021 at 10:40 am | lanka C news
ඉන්ධන ආනයනය සීමා කල යුතුයි..- ජනාධිපති ලේකම්…

– Divaina

‘දැන් අප කළ යුත්තේ ආනයන සීමා පැනවීම නෙවෙයි. ආනයන සීමා ලිහිල් කිරීමයි. එහෙත් ඒ ආනයන සීමා ලිහිල් කළ යුත්තේ අපේ ප‍්‍රතිපත්ති රාමුවට හානියක් නොවන විදිහටයි’

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් තවදුරටත් අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කළ යුතු බවට රජයට යෝජනා කර තිබීම සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය ජයසුන්දර මහතා මෙසේ කීවේය.

තමා මහ බැංකුවේ එම ප‍්‍රතිපත්තියට විරුද්ධ බවද ආචාර්ය ජයසුන්දර මහතා අවධාරණය කළේය.

අප ආනයන සීමා කළ යුතු තැන් තිබෙනවා. ඉන් එකක් තමයි ඉන්ධන. ඉන්ධන ආනයන සීමා කිරීම සඳහා අපට මිල ප‍්‍රතිපත්තියත් භාවිතා කරන්න වෙයි. ඒ ගෙන්වන ඉන්ධන ප‍්‍රමාණය සලාක නොකර පාරිභෝගිකයාට ලබාදීමට නම් අප ඉතාමත්ම ඉක්මනින් පුනර්ජනනීය බලශක්තිවලට යායුතුයි.

තෙල් ආනයනය සඳහා වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 5000 ක් වියදම් කරන රටට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කීපයක් ඇති කරගන්න බැරි ඇයි? එය කළ යුතුම දෙයක් බවද ආචාර්ය ජයසුන්දර මහතා කියා සිටියේය.

අපගේ ආනයනයෙන් කොටසක් අපනයනයට යොදා ගන්නා බැවින් එවැනි ආනයන සීමා නොකළ යුතු බවද එසේම අප තොරතුරු තාක්‍ෂණ ආර්ථිකයක් නම් හදන්න යන්නේ එයට අදාළ සියලූ ආනයනයන්ට ඉඩ ලබාදිය යුතු බවද ජයසුන්දර මහතා කියයි.

මේ අනුව විදේශ විනිමය කළමනාකරණය කරන්න මහ බැංකුව අවශ්‍ය පියවර ගන්න ඕන. එතකොට මහ බැංකුව අද කරන්න ඕන අපේ රටේ විදේශ විනිමය වෙළෙඳපොළේ, අපේ රටේ නිෂ්පාදකයගෙ සහ විශේෂයෙන්ම අපනයනකරුවන්ගේ විශ්වාසය වැඩිදියුණු වන වැඩකටයුතු සිදුකිරීමයි. මේ වසරේ (2021) දී තොරතුරු තාක්‍ෂණ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 ක් කරගන්නත් අපේක්‍ෂා කරනවා. මේ ආකාරයට බිලියන දෙක, තුන සහ හතර වශයෙන් වැඩිකරගෙන අපේ රට අපනයනය වර්ධනය වන පැත්තට රට හරවන එක තමයි මහ බැංකුවත්, මහ බැංකුවේ මුදල් මණ්ඩලයත්, මහ බැංකු නිලධාරීනුත් කරන්න ඕන.

ඒ අනුව මමත් මහ බැංකුවට යෝජනා කළා බිලියන 50 ක හරිත මූල්‍ය පහසුකමක් හඳුන්වා දෙන්න කියලා. අපේ රටේ බැංකු ඒ සඳහා පොළඹවන්න ඕන. බැංකු ක්‍ෂේත‍්‍රය මූල්‍ය ක්‍ෂේත‍්‍රය කොහාටද හරවන්නෙ කියන හැරවුම් ලක්‍ෂ්‍යය දෙන්න තමයි නියාමකය ඉන්නේ.

මහ බැංකුව තමයි ඊට නායකත්වය දෙන්න ඕන. එහෙම නැතුව එදිනෙදා ඒව පාලනය කරන්න පමණක් මහ බැංකුවක් වැඩක් නැති බවද ජනාධිපති ලේකම්වරයා කීවේය.

තමා ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ඇතුළත් ලියුමක් මහ බැංකුවට යැවූ බවත් ඊට ප‍්‍රතිචාරයක් දක්වයි කියා තමා සිතන බවත් ආචාර්ය ජයසුන්දර මහතා තවදුරටත් කීවේය.

– Divaina

54,862 views

23 Comments to “ඉන්ධන ආනයනය සීමා කල යුතුයි..- ජනාධිපති ලේකම්…”

  1. Sri Lankan says:

    You all get together and do the best to the country.

  2. S. Vitharana says:

    PB තමා අපේරටේ හරිත ශක්තිය දියුණු කරන්නට වැඩිම බාධා කලකෙනා. එයා ආර්ඵිකය විනාශ කරල දැන් ඵතවා උපදෙස් දෙන්න.

  3. solaman says:

    මේ කතාව නම් සහතික ඇත්ත. මහ බැංකුවෙ ඉන්නෙ පොතේ දැනුමෙන් ආර්ථික විද්‍යාව උපාධි ගත්ත බහුතරයක්. උන්ට අඩුම ගානෙ කම්පියුටරේ රැන්සම්වෙයාර් එකක් MIM ඇටෑක් එකක් කියල දුන්නට තේරෙන්නෙත් නෑ. ඉතින් ආර්ථික විද්‍යාවෙ නව ප්‍රවණතා කොහොම තේරුම් ගන්නද? තමන් උගත් මූලධර්ම මත පදනම්ව ප්‍රශ්ණ වලට තිබෙන නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කරන්න හැකිවීම මහ බැංකුවේ ජොකියන්ට අනිවාර්යය හැකියාවක් වෙන්න ඕනෙ. ලොකු පඩි, බෝනස්, අවුරුද්දකට දෙතුන් වතාවක් විදේශ පුහුණුවීම ඔක්කොම දෙනවා ගන්නවා. රටට මොන සෙතක්ද? ජයසුන්දර ගොයියත් ඉතින් හිටි ගමන් පීලි පනිනවා. දැන් ඔය සිවුරු පොරවන් හිටියට.

  4. Sakshi says:

    Need inquiry about former Central Bank governor’s expensive vehicle buying and pension created for his life time for two year service. Both money wasted should be recovered from him and for his past behavior in University job and his all ill doings must be inquired and must be law and order take its own course.

  5. assanga says:

    This bastard convicted at the Subprime Court for robing public funds. MR brought him back and did all major rosaries joining with Ajith Kabral. Now it is good both with now do the needful for gonamabata have more, more U$$
    Cheers 69 bayyos

Leave a Comment

Main News