ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..

January 10, 2022 at 9:20 am | lanka C news
ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..

ඉදිරි ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිගයක් ඇතිවී තිබේ.

එම හිග මුදල් වහා ලබා දෙන ලෙස අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ජනවාරි මාසයේ මෙරට පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බව පැවැසූ ඒ මහතා දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 150 ක් පමණ බවද කියා සිටියේය.

ඒඅනුව මෙම මාසයේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීමට තවත් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දෙන්නැයි මෙම ඉල්ලීම කරන බවද ඔහු පැවසීය.

ඉදිරි දින 10ක කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව සතුව තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

අදාළ මුදල කැබිනට් මණ්ඩලයෙන් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

මේ අතර ඒ මහතා මීට දින කිහිපයකට පෙර ගුවන්විදුලි නාළිකාවක් සමඟ කියා සිටියේ ජනවාරි මාසය මැද පමණ වන විට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

53,179 views

12 Comments to “ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..”

  1. Asitha G says:

    මේ මිනිහා මේ තනතුරට සුදුසු නැහැ. ඔහුගේ මුඛය පමණක් වැඩ කරයි. ඔහු අපේ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය විනාශ කරනවා.ඔහුට යන්න දෙන්න.

    • saman says:

      කවුද යන්න ඔනේ? කවුද පතිරූපයක් තියන ජනාදිපති?

    • කැන්දසේන නරියා says:

      අපි තමයි හොඳටම කරලා තියෙන්නේ? 🙈 🙉 🙊

  2. nimal says:

    නිරුපමාගෙන් ඉල්ලුවොත් දෙයිද?

  3. sam says:

    පෙට්‍රල්/ඩිසල් පෝලිම් ලගදීම

  4. ashan says:

    ගහපියවිකෝ සෝලා සිස්ටම් එකක් හැත්තනේ නොරොචිචෝලේ එක වේනුවට

  5. නොරොචිචෝලේ says:

    හින්දි ෆිල්ම් බලලා තියනවනේ, ඒවගේ අර අන්තිම මොහොත්දී වීරයා ඇවිල්ලා කෙල්ලව බේරාගන්නවා දැකලා තියනවා ද ? බෙරගන්නකම්ම බලන කවුරුත් හිතන්නේ න කෙල්ල බේරෙයි කියලා. අන්තිම අආන්තිම මොහොතේ තමයි බේරාගන්නේ. එතකොට තමයි ආතල් එක. නැත්තන් ඒකේ කිසිම ත්‍රිල් එකක් නැතිවෙනවා. එහින්දා අන්තිම මොහොත වෙනමක්ම්ම නෙගටිවේ තියලා අපිව බය කරන්න ඕනේ. එතකොට තමයි පට්ට.

    • JUDE says:

      පවිත්‍රා දේවිට කිව්වා නම් නොරොචිචෝලේ යථා තත්වටය පත්කළ හැක ..ඇය තමයි එය විනාශකළේ

  6. Jaga says:

    hari simple waidak ne karanna thiyenne.. Siyaluma indana mila double karanna. Ethakota oya ithuru salli tiken indana genna pukuwanne..

  7. Strong baiyas says:

    Stop all 225 MPs fuel allowance immediately. That way you can order less fuel next time.( 225 × 50 = 11250 Lt ) Also stop President’s and the ministries free fuel allocations immediately.

  8. Rohan P says:

    ගම්මන්පිල රට කෑවා.මාස දෙකක ඉන්ධන ගේන මුදලට ත්‍රීමලේ ටැංකි ඉන්දියාවට දුන්නා.ඉන්දියානු දේශප්‍රේමියා! 

  9. 0.00069 BIYYO says:

    ගම්මන්පිල රට කෑවා.මාස දෙකක ඉන්ධන ගේන මුදලට ත්‍රීමලේ ටැංකි ඉන්දියාවට දුන්නා.ඉන්දියානු දේශප්‍රේමියා!

Main News