ඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..

January 16, 2022 at 12:02 am | lanka C news
ඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක ණය මුදලක් ඉල්ලා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ණය මුදල ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා අතර සිදුව ඇති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම සිදු කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබා දීමට එකඟ වී ඇති ඩොලර් මිලියන 500 සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර ඇතැයිද සඳහන්ය.

11,395 views

6 Comments to “ඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..”

  1. SKF says:

    සල්ලි නෑ කිවුවට ඉන්ජෙක්ෂන් ගන්න සල්ලි තියෙනවනේ.

  2. බයිසන් says:

    IMF එකට යන්නෙ නැතුව එක එක රටවල් වලින් හිඟා කන්න මුන්ට ලජ්ජාවක් නැද්ද?. ඒ රටවල්වල මාධ්‍ය අපිව සමච්චලයට ලක් කරනවා. රාජපක්ෂලා ට ලජ්ජාවක් නැති වුණාට රටේ මිනිස්සු මේ වගේ කිච වෙන්න කැමති නැහැ.

  3. රාජපක්ෂහොරැ says:

    ආයෙ හොරාකන්නෙ නෑ අම්මපා…අනේ අපිට ණයක් දෙන්නකෝ

  4. Ms.commonsense says:

    There are no oil resources in India and lending money to get oil from a Middle Eastern country is a foolish decision. Whoever take these decisions should be revealed and considered as traitors to this nation.

  5. රාහුල says:

    ඔය ණය ගන්න රජයෙ නීලදාරින් ගියා නම් ඔවුන් කොමිස් මුදලක් සමග ණයත් අරන් එයි

  6. සාටක සුනඛයා says:

    මුං රට විකුණලා ණය ගන්නවා ඒවායින් හොරා කනව ඊට පස්සේ ආපහු මුගෙ රටට යනවා ..හොරාකාපු සල්ලි ටික එහේ තියෙනවා ආපහු එනවා මෙහෙ ….ආයෙම හොරා කනවා ….IMF යන්නේ නැතුව වටේටම ණය අරගෙන ඉවර කරලා ලංකාවම ණය උගුලක දාලා මුන් සේරම රටෙන් පනි …..

Main News