ඉන්ධන ගන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන්, එමිරේටයෙන් ණයට ඉල්ලයි..

September 25, 2021 at 12:02 am | lanka C news
ඉන්ධන ගන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන්, එමිරේටයෙන් ණයට ඉල්ලයි..

ශ‍්‍රි ලංකාවට තෙල් සැපයීම සඳහා සහන සැලැස්මක් ලබා දෙන ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පිරිස් මහතා විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය උසස් තාක්ෂණ අමාත්‍යවරයා වෙතිනි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැති මෙම හමුවේදී ඔහු විසින් මෙම ඉල්ලීම සිදු කර තිබේ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් සිටින අභියෝග සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා පැහැදිලි කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.

මෙම ඉල්ලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය උදව් කිරීමට සතුටු බව සඳහන් කර ඇති අමාත්‍වරයා එය ඉදිරියට ගෙන යාම සඳහා උපාය මාර්ගික රාමුවක් ස්ථාපිත කිරීමටද යෝජනා කර තිබේ.

මේ අතර ඉන්දීය රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය සැලැස්මක් ලබා ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.

ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම ණය සැලැස්ම ලබා ගැනීම රජයේ අපේක්ෂාව වන අතර දැනටමත් ඒ සම්බන්ධයෙන් හෝ රාජ තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර තිබේ.

මෙරට ඇතිව තිබෙන ඩොලර් හිගය හේතුවෙන් ඉන්ධන මිලට ගැනීමේ අර්බුදයක් පවතින අතර ඒ වෙනුවෙන් බලශක්ති අමාත්‍යාංශය විසින් රටවල් කිහිපයක් සමඟින් ම සාකච්ඡා කරනු ලැබීය.

30,628 views

15 Comments to “ඉන්ධන ගන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන්, එමිරේටයෙන් ණයට ඉල්ලයි..”

  1. කැලණියේ නයා says:

    බුදු දහම ගත්ත සන්ස්කෘතිය ගත්ත කෑම බීම ටික ගත්ත භාෂාව ගත්ත එහෙව් එකේ ණයක් ගත්තම මක් වෙනවද අච්චර බලු බන්ගලින්ගෙනුත් ණය හිගන්න පුලුහන් නම් දඹදිව් රටෙන් ණයක් වඩම්මන එක කොච්චර පිනක්ද අපේ වොයිස් කට් ගනින්නාන්සේලා බුදි නේද මේ දවස්වල අර බලය මේ රාවය කියා ගෙන ඒ කාලෙ මැරෙන්ඩ ගියේ නැගිට්ටෝල ගමු ණය වට්ටියට අත ගස්සන්න.

    • Nalin says:

      රටේ මෙවැනි උග්‍ර ඩොලර් ඌනතාවයක් තිබෙද්දී තමා අගමැති නිෂ්පල සුඛෝපබෝගී සංචාරයක් සදහා දරුපවුල සහ සහචර නඩය පිරිවරා ගෙන ඉතාලියේ දින 10 ක සංචාරයක් කලේ. මෙය ලංකාව වගේ විදේශ ශ්‍රමිකයින් දුක් විද උපයන ලද විදේශ විනිමය තම පවුලේ සුඛවිහරනය සදහා යොදා ගැනීමක්. මෙය වටහා ගත් ඉතාලි රජය අඩුම වසයෙන් නාගරික මන්ත්‍රී වරයෙක් වත් හමුවීමට අවස්තාව උදාකර දී නෑ. මෙම සංචාරය හුදෙක් එන්ජීඕ එකකට මුදල් ගෙවා ලබා ගත් සංචාරයක්. ඉතාලියේ වෙසෙන ස්‍රීලාන්කිකයින්ට ස්තුතිවන්ත වෙනව ඉතාලියේදී අගමැතිට දැක් උන ප්‍රතිචාරය ගැන මහජන බදු මුදලින් කරන මේ වගේ නිෂ්පල සංචාර වැලක්වීමට මේ වගේ ඒරට වල වෙසෙන ලාංකිකයින් විරෝධතා දැක්විය යුතුයි. මේ රටේ ජඩ ජනමාධ්‍ය මේවාට එරෙහි වීමට බයයි .

      • Saman says:

        සීය පප්ප දැන් කිච වෙලා පීචං වෙලා දෙකේ කොලේට වැටිල ඉන්නේ .තවදුරටත් පීචං වෙන්නෙ නැතිව විශ්‍රාම ගැනීමයි කල යුත්තේ.

  2. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් පොහොට්ටුව විසින් හිගන ජාතියක් බවට පත් කර ඇත.

  3. A Sri Lankan says:

    We are drowning in debt so much and at this rate it will take a long time to get back to a manageable level. What is worrying is no one seems to be thinking about the expenditure side..

  4. Norata Eka says:

    තෙල් මොකටද, ඕනෙ තරම් එන්නත් තියෙනවනේ…

  5. Nuwan says:

    ගම් වලත් ඉන්නවා ඔය වගෙ ගිනිපොලි කාරයින්ට අහුවෙලා දකින දකින එකාගෙන් ණය ඉල්ලන එවුන්.කොච්චර ගත්තත් ගොඩ ඒමක් නෑ. ලංකාවත් දැන් ඒවගේ 😢😢😢

  6. Gembanpila says:

    If they refused, no fuel in the country and on the other hand once this was spent what will happen next and from whom we borrow or who will lend?

  7. ගෞම් ඊයාරාජ් says:

    ඔන්න ඉතින් සෞභාග්‍යයේ දැක්ම , සොමාලීයාවෙන් හරි කමක් නෑ දෙනවනං ගන්නවා , පොලිය කීයක් උනත් කමක් නෑ දෙනවනං ගන්නවා , හැබැයි ඉතින් ජොනීලා , නෝමල් බේබිලා ,කබ්‍රාල් උන්නැහෙලනං කියන්නේ ඇතිවෙන්න ඩොලර් තියෙනවා කියලා , රටෙ ඔනතරං සල්ලි තියෙනවා කියලා , ඇන්ටිජන් මෑන්ගෙයි ,කුඩූ නාලීකාවෙයි පෙන්නන්නේ රට සෞභාග්‍යයට ලගා වෙන්න ඔන්න මෙන්න කියලා , පචවාහිණීයේ පෙන්නන්නේ සෞභාග්‍යයට ලගා වෙලා ඉවරයි කියලා ; මොල හතානෝයි පම්පොරීය ගහනවා අපි ආර්ථික වර්ධනය වේගේ මෙච්චරකට ගෙනාවා කියලා ,කබ්‍රාල් ලස්සනට ස්ටැට්ස් ටික හදලා දෙයි , කරන්සී ස්වැප් කරලා , ෆන්ඩ්ස් පාර්ක් කරලා , ඩොලර් සංචිත මෙච්චරයි කියලා පම්පෝරී ගහයි , මෙලො රහක් නැති උලව් දෙකතුනක් හදලා 2015 වගේ සබන් බෝල ආර්ථිකයක් හදලා , වර්දනයක් පෙන්නයි , ඔච්චර තමයි මුන්ට පුලුවන් සැබැ තිරසාර ආර්ථික සංවර්ධනයක් කරන්න තියා මුන්ට හිතන්නවත් බෑ , අමූ බොරුව සහ ඇන්දිල්ල විතරයි .

  8. Darshana abayakoon says:

    තෙල් ගන්න ඩොලර් ටික හොයා ගන්නකම් රට වහල තියන්න වෙනව ඉතින්. එක අතකට අපේ මිනිස්සු වාසනාවන්තයි.

  9. සහොදරය says:

    නිකන් ඉන්න ගුරුවරු න්ට මාස 4ක් ම පින් පඩි දෙන්න කොහොම හරි සල්ලි හොයාගන්න

  10. ඇයි කුරුණෑගල ජොනී ජෝකර් ගාව සල්ලි ඉවර වෙලාද

Main News