ඉන්ධන ගහන්න හා සංචාරයෙක් ෂෙඩ් චන්ඩි පන්නා දමයි.. පොලිසිය බලා සිටී..

July 21, 2022 at 6:20 am | lanka C news
ඉන්ධන ගහන්න හා සංචාරයෙක් ෂෙඩ් චන්ඩි පන්නා දමයි.. පොලිසිය බලා සිටී..

අලුත්ගම අයි.ඕ.සී. ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි විදේශිකයෙකුට පොලිසිය බලා සිටියදීම බාධා කරයි. එම විදේශිකයාට බැනවදින දර්ශන වීඩියෝ ගත කළ මාධ්‍යයට ද පොලිස් නිලධාරීන් අසල සිටිද්දී බාධා එල්ල කරහ .

අලුත්ගම ප්‍රදේශයේ බොහෝ පිරිසක් සංචාරක ව්‍යාපාරයෙන් වසර ගණනක සිට ජීවන වෘත්තිය කරගෙන තිබෙන පසුබිමක සංචාරකයන් පලවා හැරීමට උත්සාහ කිරීම පිළිකුල් සහගතව හෙළා දකින බව තවත් පිරිසක් මෙහිදී පැවසීය.

ඉන්ධනහලෙ දින ගණනක සිට ජනතාව පෝලිමේ සිටියත් ඉන්ධන බවුසරය පැමිණි පසු එකවර ම බලාත්කාරයෙන් පෝලිං කීපයක් ඇතිකර විවිධ පුද්ගලයන් චණ්ඩි පාට් දමා පොලිසිය හා ආරක්ෂක හමුදාවල නිලධාරින්ද ගණන් නොගෙන බලහත්කාරයෙන් යතුරු පැදි ත්‍රිරෝද රථ වලට ඉන්ධන ලබා ගැනීමේ ජාවාරමක් සිදු කරගෙන යයි.

අලුත්ගම ඉන්ධන හලට පෙට්‍රල් බවුසරයක් පැමිණි පසු ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට පැය ගණන් බාධා ඇති වන බවත් ඇතැම් විට පොලිසියට එය පාලනය කර ගැනීමට නොහැකිව රියදුරන් විකල්ප මාර්ග සොයා ගමන් කරන අයුරුද දැකගත හැකි විය.

– තුසිත කුමාර ද සිල්වා

11,854 views

One Comment to “ඉන්ධන ගහන්න හා සංචාරයෙක් ෂෙඩ් චන්ඩි පන්නා දමයි.. පොලිසිය බලා සිටී..”

  1. RanilDeiyo says:

    Pohottuwe kauruhari wenna athi, Ranil ta jayaweva!