ඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ…

August 23, 2021 at 11:20 am | lanka C news
ඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ…

ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙවිය යුතු ණය වාරික ගෙවා දැමූ පසු ඉන්ධන ගෑස් ඇතුළු විදේශයන්ගෙන් ආනයන ද්‍රව්‍ය සඳහා මුදල් නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සහ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

මම තවත් අනාවැකියක් කියන්නම්. පටි තද කරගන්න නෙවෙයි, පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ.

අද ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය සුළු පටු එකක් නෙවෙයි. මෙවන් අර්බුදයක් ඉදිරියේදී එන්න පුලුවන් කියල මා මීට මාස ගණනාවකට කලින් කිව්වේ දේශපාලන වාසියක් ගන්න නෙවෙයි. මේ රටේ ජනතාව, අපි හැමෝම අවසානයේ මෙයින් පීඩාවට පත්වෙන නිසා. ඒ නිසයි, මා යෝජනා කළේ විනිමය අර්බුදය කෙටි කාලීනව විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා.

හැබැයි, “මම පොර” කියල හිතන ආණ්ඩුව පිට කෙනෙක් දෙයක් කිව්වම ක්‍රියාත්මක කරන්න ලැජ්ජයි. අද මොකද වෙලා තියෙන්නේ? ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, කිරිපිට් පෝලිම් ටිකින් ටික ඇති වෙනවා. මේ තත්ත්වය තව තවත් උග්‍ර⁣ වෙන්න පුලුවන්. ඒකට හේතුව තමයි ආණ්ඩුවට බුද්ධිමත් විකල්ප විසඳුමක් නොමැතිකම. ඉදිරි මාස 12 තුළ රාජ්‍ය අංශයට සහ පුද්ගලික අංශයට ණය ගෙවීමට ඩොලර් බිලියන 07 ක තරම් මුදල් අවශ්‍යයයි. නමුත්, ලංකාව සතුව තිබෙන්නේ ඩොලර් බිලියන 04 ක් විතරයි.

බංග්ලාදේශයෙන් ණයට ගන්න යන ඩොලර් මිලියන 250, චීනයෙන් ණයට ලැබෙන ඩොලර් මිලියන 300 සහ මූල්‍ය අරමුදලෙන් විශේෂ ගැණුම් හිමිකම් ලෙස ලැබෙන ඩොලර් මිලියන 780 එකතු කළත් තවත් බොහෝ මුදල් ප්‍රමාණයක් ණය ගෙවන්න විතරක් මදියි. එතකොට ඉන්ධන ආනයනය, ගෑස් ආනයනය වගේම මෙරට නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය අන්තර් භාණ්ඩ ආනයනයට මුදල් කෝ ? කබ්රාල් මහත්තයා නම් කියල තියෙන්නේ රාජ්‍ය දේපොළ විකුණල ඩොලර් මිලියන 400 ත් 1000 ත් අතර ගණනක් හොයාගන්න පුලුවන් කියලයි.

හැබැයි, ඒක එච්චර ලේසි දෙයක් නෙවෙයි. එහෙනම්, මම තවත් අනාවැකියක් කියන්නම්. අනුන්ට ඇහුම්කන් නොදෙන මේ උද්ධච්ඡ ආණ්ඩුව ඉදිරි මාස කිහිපයේදී රට තව තවත් වලට ඇදල දානවා.

– midea unit

58,003 views

47 Comments to “ඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ…”

  1. රටේ එකා says:

    ඒකද රට වහන්න කිය කියා මැරෙන්න හැදුවේ දැන් සතියකට උඩින්? රටේ අපනයන කර්මාන්ත ටික වැහුනම තියෙන ඩොලර් ටිකක් හිදෙන බව තේරුනේ නැද්ද?

  2. praba says:

    මේ කාලකණ්නි බල්ලො ටික රට කන්න හදනවා. උඹල රට වහන්න කිය කියා දඟලන්නෙ. හර්ෂයො ආයනම් එන්න එපා චන්දෙ ගන්න. තොපෙ අදහස ජනතාව දන්නවා. මේ රජය වට්ටන්න උඹලට බැහැ. පසුගිය වසර 05 හේදි රට කෑව මදිවට එනවද තවත් කන්න. තොාපි තමයි මහබැංකුව හොරා කාලා රටේ ඩොලර් නැති කලේ. කාලකණ්නා. හෙන ගහනවා තොපිට

    • JUDE says:

      කබ්රාල් මහත්තයා නම් කියල තියෙන්නේ රාජ්‍ය දේපොළ විකුණල ඩොලර් මිලියන 400 ත් 1000 ත් අතර ගණනක් හොයාගන්න පුලුවන් කියලයි.–වසර 5 ඉවර වෙන විට මුළු රටම මේ ආණ්ඩුව විදේශිකයින්ට විකුණයි ….හෙළයිනි , දැන් ඉතින් කොරෝනා වලින් මියයෑම සැපක් කියලා සිතව් …යහපාලනය කරපු විනාශය දිගටම කරනවා ..මහා බැංකු මගඩි යේ හොරු අල්ලා ගත්තා නම් ණය වීමට අවශ්‍ය නොවේ ,,පසුගිය රජයේ සියලුම මැති ඇමැතිලාගේ වත්කම් රාජසන්තක කර ණය ගෙවා දමපල්ලා …ජනතාව පත් නොකල ද්විත්ව පුරවැසියන්ට මුදල් ඇමතිකම් දුන්නේ කුමකටද ?

  3. NuwanJ says:

    කාලකන්නි බලාගෙන ඉන්නෙ පටි රොල් වෙනකන්

    හරි සතුටු අරති

  4. Yaka says:

    Pati roll karanne nathiwa gaha Ganna hati kiyanawako balanna.. loku talk nodhii

  5. Niru says:

    Well. What happened to the money 💰 earned from VW factory?

    • cobra says:

      සමගි ජන බලවේගය යහපාලන කාලේ උබලා රටට කරපු විනාශයේ ප්‍රතිපල නේද මේ ? උබලා සොරකම් කල ජනතාවගේ බදු මුදල් දැන් රටට දීපල්ලා

  6. මැරවින් says:

    මූ අකේපාචාරිය! මුන් බලයෙ ඉන්න කාලෙ ඉහගෙන කාලා රට කාබාසිනියා කරලා දෙන් කොහොමද ටෝක? උඹෙ කට කුණු වෙයි අකේපාචාරියො

    • JOHN says:

      මේ යහපාලන හොරු පණපිටින් පනුවෝ ගහනවා …

  7. සිරිමාන්න says:

    IMF නිකං සල්ලි දෙන්නේ කවුද ඉදන්ද ආචාර්ය තුමෝ? රාජ්ය ආදායම් වැඩි කරන්න උපරිමයෙන් බදු අයකරන්න, වියදම් පාලනයට රජයේ රැකියා බීංදුවට බස්සලා විශ්‍රාම දීමනා සහනාධාර අධ්‍යාපනය සෞඛ්‍යය ආදී සියලු දේ පුද්ගලීකරණය කරන්න කියලා බෙල්ල මුලින්ම මිරිකාවි.

  8. සම්පත් says:

    මම හිතුවේ හර්ෂගේ ජොබ් එක වනිතා කටයුතු අමාතාංශය කියලා. මෙයා 2018 දී බිල් බෝර්ඩ්ස් එකක් අයින් කෙරෙව්වා ඒකෙන් ගෑනුන්ට අපහාසයක් වෙනවා කියලා. බැරල් එකකින් ගෑණුන්ට අපහාසයක් වෙන්නේ කොහොමද? පියුමිට මිනිහා ගහපු එකටත් කදුළු හලලා තියෙනවා දැක්කා. තමන්ගේ ජොබ් එක කරන්නේ නැතුව වනිතා කටයුතු කරන ඇමතිලා ආර්ථිකය ගැන කියන දේවල් අපි අහන්නේ මොකටද? හොද නැද්ද සනිපාරංශක තුවා ප්‍රවර්ධනය කරන්න බැහලා වැඩ කරා නම්?

  9. vis8 says:

    Mun innakota karapu vinnahiya mathaka nathi wela wage 🙂

  10. සුදා says:

    අන්න තොපෙ මන්ගලයා ගියා. අපේ රාඡපක්ශ මහත්තයට බොරැවට ගරහන පරයොන්ට වෙන්න ඔිනේ ඒහෙම තමා.

Main News