ඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ…

August 23, 2021 at 11:20 am | lanka C news
ඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ…

ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙවිය යුතු ණය වාරික ගෙවා දැමූ පසු ඉන්ධන ගෑස් ඇතුළු විදේශයන්ගෙන් ආනයන ද්‍රව්‍ය සඳහා මුදල් නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සහ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

මම තවත් අනාවැකියක් කියන්නම්. පටි තද කරගන්න නෙවෙයි, පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ.

අද ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය සුළු පටු එකක් නෙවෙයි. මෙවන් අර්බුදයක් ඉදිරියේදී එන්න පුලුවන් කියල මා මීට මාස ගණනාවකට කලින් කිව්වේ දේශපාලන වාසියක් ගන්න නෙවෙයි. මේ රටේ ජනතාව, අපි හැමෝම අවසානයේ මෙයින් පීඩාවට පත්වෙන නිසා. ඒ නිසයි, මා යෝජනා කළේ විනිමය අර්බුදය කෙටි කාලීනව විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා.

හැබැයි, “මම පොර” කියල හිතන ආණ්ඩුව පිට කෙනෙක් දෙයක් කිව්වම ක්‍රියාත්මක කරන්න ලැජ්ජයි. අද මොකද වෙලා තියෙන්නේ? ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, කිරිපිට් පෝලිම් ටිකින් ටික ඇති වෙනවා. මේ තත්ත්වය තව තවත් උග්‍ර⁣ වෙන්න පුලුවන්. ඒකට හේතුව තමයි ආණ්ඩුවට බුද්ධිමත් විකල්ප විසඳුමක් නොමැතිකම. ඉදිරි මාස 12 තුළ රාජ්‍ය අංශයට සහ පුද්ගලික අංශයට ණය ගෙවීමට ඩොලර් බිලියන 07 ක තරම් මුදල් අවශ්‍යයයි. නමුත්, ලංකාව සතුව තිබෙන්නේ ඩොලර් බිලියන 04 ක් විතරයි.

බංග්ලාදේශයෙන් ණයට ගන්න යන ඩොලර් මිලියන 250, චීනයෙන් ණයට ලැබෙන ඩොලර් මිලියන 300 සහ මූල්‍ය අරමුදලෙන් විශේෂ ගැණුම් හිමිකම් ලෙස ලැබෙන ඩොලර් මිලියන 780 එකතු කළත් තවත් බොහෝ මුදල් ප්‍රමාණයක් ණය ගෙවන්න විතරක් මදියි. එතකොට ඉන්ධන ආනයනය, ගෑස් ආනයනය වගේම මෙරට නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය අන්තර් භාණ්ඩ ආනයනයට මුදල් කෝ ? කබ්රාල් මහත්තයා නම් කියල තියෙන්නේ රාජ්‍ය දේපොළ විකුණල ඩොලර් මිලියන 400 ත් 1000 ත් අතර ගණනක් හොයාගන්න පුලුවන් කියලයි.

හැබැයි, ඒක එච්චර ලේසි දෙයක් නෙවෙයි. එහෙනම්, මම තවත් අනාවැකියක් කියන්නම්. අනුන්ට ඇහුම්කන් නොදෙන මේ උද්ධච්ඡ ආණ්ඩුව ඉදිරි මාස කිහිපයේදී රට තව තවත් වලට ඇදල දානවා.

– midea unit

58,041 views

47 Comments to “ඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ…”

  1. අනම් මනම් කියවන්න එපා. හිරේ දානවා හොඳේ

  2. Ranil says:

    Mr./Dr.? Harsha, can you tell the public the solution you have if you are in the government?

    You have all the solutions when you don’t have responsibility.

    Corona and internecine politics!

    • poor man says:

      the best option is to get IMF bail out package (long term low intrestt loan facility) . But it will have conditions such as transparency should be improved. Law and order should be independent, Government servants should reduced. Government business entities should be privatised. subsidiaries only for needy people kind of.

  3. Rathna says:

    තොපිල මහා බැන්කුව හොරා කාපු එවගෙ රග තමයි අපිට විදින්න වෙලා තියෙන්නෙ ගැස් ඩිලිවරියො

    • Shiran says:

      මහා බැංකුව විතරද.

      ණය අරන් බෙදපු සිල් රෙදි.
      ආදායම් නැති මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති.
      මල්වානේ ගෙදර.
      නෙළුම් කුළුණ.
      6% පොලියට ගත්ත කෙටිකාලීන ණය.
      ඒවගෙන් මාටිය ගහපු 10%

    • Sakwithi says:

      මහ බැංකු හොරකම බිලියන 11 යි සෑර්ගේ අතිජාත හිතමිත්‍ර නානගේ සීනි හොර්කම බිලියනා 16.9 යි මොකද්ද ලොකු…. මහ බැංකු හොරකම නිසා වෙච්ච අලාභේ වෙනුවට බිලියන 8ක අර්ජුනගේ වත්කම් රාජ සන්තක කරා… සෑර් මොකෑ කොලේ මචං… බලලෝ ටිකක් දම්මලා බිරෙවුවා මහ බැංකුව සීනි වලින් නානා හොරා කාවා කියද්දීත් එහෙම උනේ නෑ කියලා… මේ ගෙවනනේ සෑර්ගේ මිත්‍ර සේවනයේ ආතල්….

      • වතිල says:

        පලයන් බොරු නොකියා මහබැංකු හොරකම බිලියන 11 නෙවෙයි. අවුරුදු 30ක් පුරා මේ රටේ අහිංසක මිනිස්සු ගනින හැම ණය සතයකටම වදින ගණන එක්ක බැලුවහම ඒ හොරකම බිලියන ප්‍රකෝටි ගණනක්.
        එක වරදකින් තව වරදක් වහන්න හදන්නෙ මොකෝ? ගතමන්ට් එකක් ලැබෙනව ඇති.

  4. superman says:

    Mr. Wiseman Harsha, please tell us why the Govt. is not going to IMF first. And why you think its best to go for IMF loan

    • Citizen says:

      No nonsense with IMF. We will have financial assistance from IMF at a much cheaper interest rate but will have to take their medicine to fix the economy. What this Government is doing is borrowing from X to pay Y at market rate. At the end of the day the loan is still in our books..

    • harsha says:

      IMF will ask to increase taxes.

  5. dil says:

    Ai ithin umbalata 2015-2020 yahapalana period eke, dollars athi tharam ithiri karanna thibbane. Katin Bathala Kola hitawana arthika osthar – Harsha. No valid work is done to strengthen the economy when they got chance in Yahapalana. UMbalage wadi bana epa. appiriyai yahapaluwo.

  6. ඩොලරය says:

    ඔයා ඔහොම කියුවට මේ රට අපුරුවට යන්නේ. ඉස්සර ඔයා කියුවා ඩොලරය රුපියල් 250 ට විතර යයි කියලා … කෝ ..තාම 200 ළඟ ඉතාම ස්ථාවරයි. ණයත් වෙලාවට ගෙවනවා. දැන් දැන් අපිට හිතෙනවා ඔයා බිල්ලෝ මවනවා ද කියලත්. ඉදිරි මාස කිහිපයේදී රට තව තවත් වලට ඇදල දානවා කතාවේ කිසිම් තේරුමක් නැ.

    • Banda says:

      A very good example of how some of our people read the current situ. .. See no evil. .Hear no evil. ….Live on borrowed funds…until the sky falls on everyone. ..

  7. lal milano says:

    Umbala Maha Pahara Awajathaka Kalakanni Desha Drohiyo. Mawbima Godaganna Atha Denawawa Nowei Rate Vinasayamai Pathanne. AWALAN BALLA.

    • Anuruddha says:

      Boat එකෙන් ඉතාලි ගිය ඉස්කෝලෙ ගිය නැති පුද්ගලයෙක් වගේ…

      • lal milano says:

        Tho HIthuwada Mama Rata Awe Thopila wage Bottuwalin Kiyala.Mage Ugathkama Mama Umbat Kiyadenna Dapan Umbe. Lipinayai,T.P No Ekai.

  8. Gaayan says:

    Me oyala yahapalanee kiyala magulak genat karapu hariyak tamai

  9. Silva says:

    මාර වැඩේ බුවා, උඹලා කියන කිසිම දෙයක් වෙන්නේ නැහැනේ . අපිත් බලාගෙන ඉන්නේ ඔය කියන ඒවාට මොකද වෙන්නේ කියලා .උඹලාගේ මාර අදහස් බන්

  10. Sura says:

    තොපිල යමපාලනේ දී ගසාගෙන කාපු රගේ තමයි ඔය.
    මිනිස්සු පාරට බස්සලා, ගොවීයෝ, ගුරුවරු හා විදුහල්පතිවරු විධියට නටපු නාඩගමේ රග දුන් හොදට ම පේනවානේද.