ඉන්ධන ගේන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන් මිලියන 500ක ණයක් ඉල්ලයි.. ලැබුනොත් සති හයකට ප‍්‍රමාණවත්..

November 20, 2021 at 9:20 am | lanka C news
ඉන්ධන ගේන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන් මිලියන 500ක ණයක් ඉල්ලයි.. ලැබුනොත් සති හයකට ප‍්‍රමාණවත්..

බරපතළ අර්බුදයකට ලක්ව තිබෙන ඉන්ධන ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්දීය රජය සමග රජයේ ඉහළ පෙළේ නායකයින් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇත.

ඩොලර් අර්බුදය හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය සොයා ගැනීමට නොහැකිව දැඩි අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇත.

බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් පසුගියදා සපුගස්කන්ද පිරිපහදුව වසා දමනු ලැබුවේ දින ලැබීය.

මෙරටට මසකට අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණය සදහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය වෙයි.

53,085 views

16 Comments to “ඉන්ධන ගේන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන් මිලියන 500ක ණයක් ඉල්ලයි.. ලැබුනොත් සති හයකට ප‍්‍රමාණවත්..”

  1. gadol says:

    මුන් නිසා අපේ රට අද ETHIYOPIYAATA වඩා පහතින් ඉන්නේ ලැජ්ජයි.

  2. 3% ට බය බයියා. says:

    අවුරුදු 74 ක් රට පාලනය කළ දේශපාලකයන් ලක් මාතාව හිගන්නියක් බවට අද පත් කර ඇත.

  3. LalithM says:

    පොදු ප්‍රවාහන සේවය නැවත පටන්ගන්න. පුද්ගලික වාහන පාවිච්චිය අඩුකරන්න ක්‍රම හදන්න. දුම්රිය ධාවනය වැඩි කරන්න. එවිට පෙට්රල් භාවිතය අඩුකරන්න පුලුවන්.