ඉන්ධන ගේන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන් මිලියන 500ක ණයක් ඉල්ලයි.. ලැබුනොත් සති හයකට ප‍්‍රමාණවත්..

November 20, 2021 at 9:20 am | lanka C news
ඉන්ධන ගේන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන් මිලියන 500ක ණයක් ඉල්ලයි.. ලැබුනොත් සති හයකට ප‍්‍රමාණවත්..

බරපතළ අර්බුදයකට ලක්ව තිබෙන ඉන්ධන ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්දීය රජය සමග රජයේ ඉහළ පෙළේ නායකයින් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇත.

ඩොලර් අර්බුදය හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය සොයා ගැනීමට නොහැකිව දැඩි අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇත.

බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් පසුගියදා සපුගස්කන්ද පිරිපහදුව වසා දමනු ලැබුවේ දින ලැබීය.

මෙරටට මසකට අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණය සදහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය වෙයි.

55,045 views

16 Comments to “ඉන්ධන ගේන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන් මිලියන 500ක ණයක් ඉල්ලයි.. ලැබුනොත් සති හයකට ප‍්‍රමාණවත්..”

  1. Norata Eka says:

    දැන්වත් මේ කොරෝනා පිස්සුවෙන් ගොඩ එමු…PCR කරන්නයි එන්නත් ගහන්නයි රටේ තිබුන ඩොලර් අන්තිම බිංදුවට හින්දල මොනවද ලැබුනෙ .. අනික රෝගය හැදුන අයට ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබා දීම මගින් ඉතා මිල අඩු , ඉතා ආරක්ෂා කාරී, දශක ගනනාවක් විශ්වාසයෙන් භාවිතා කල ඖෂධ මගින් ලොව පුරා වෛද්‍ය වරු රෝගීන් සුවපත් කරනවා…අපේ සෞඛ්‍ය අංශ එක්කෝ කිසිවක් දන්නේ නෑ , නැත්නම් ඖෂධ මාෆියාවේ ඉත්තන්…

    • උලමා says:

      කොරෝනා මුදල් ගියේ පොහොටුවේ ඇමැතිලාගේ සාක්කුවටයි ..එනිසයි දේශීය හෙළ වෙදකම් කිරීම තහනම් කලේ ඔවුන් තමන්ට මුදල් ලබාගැනීමට තමයි එය කලේ

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      කොරෝන බෙහෙත් හදන company ලොක්කෝ මගේ යාලුවෝ මල්ලි මම පිනට බොන්නේ .
      අපේ ගෙදර එක්කෙනාට හතර පාරකම ගැහුවා මල්ලි දැන් බය වෙන්ඩ දෙයක නැනේ.

  2. Jayashantha says:

    Ara Dr.Nalaka කිව්ව නම් මුතුරාජ‍වෙලට deal එකක් දාලා ඔය USD 500 හොයා දෙය්

  3. A Sri Lankan says:

    What is good for the Country ?

    1. Try to reduce number of vehicles on the roads selectively on certain days of the week to reduce fuel imports

    Or

    2. Let the round trips continue on fuel imported on borrowed money at commercial rates..?

  4. බිංකුණ්ඩා says:

    කොයි පරයද යකෝව් නිකං තෙල් ගැහුවෙ…?

  5. Amila says:

    Hoda public service eka hadanne nane mona kiwwath.

  6. PB says:

    රටේ ඩොලර් නැත්තේ ඇයි? 225ට නොතේරෙන,ඔවුන් එලි නොකරන ඇත්ත කතාව මෙන්න.
    ඩොලර් ඉතිරිකර ගැනීමට බටහිර IMF, World Bank අණ ඉදිරියේ වාහන ආනයනය,පොහොර ආනයනය ඇතුළු ආනයනයන් නතර කිරීමට රටට හා ජනතාවට නියෝග නිකුත් කරන අතරම.. IMF WB අණ ඉදිරියේ දණින් වැටී කොන්ද බිඳගෙන ණය වාරික හා පොලී වශයෙන් එම ඉතිරි කරගන්නා ඩොලර් රටින් පිටකරමින් සිටින ආකාරය ත්‍රාසජනක හා ඛේදජනක විහිළුවකි. බටහිර විසින් අප මත පැටවූ අසාධාරණ හා වංචනික ණය ගිවිසුම් හරහා,ජාතියේ ඇට මිදුළු වල උපදින රුධිරය ණය වාරික හා පොලී වශයෙන් උරා බොමින් ඇත.මෙහී ප්‍රථිපලයක් ලෙස ජාතියම ‘ඩොලර් නිරක්තියෙන්’ සුදුමැලිව හිටගන්නටවත් පණ නැති තැනට පත්ව ඇත. ඩ්‍රැකියුලාවන්ගේ මෙම ණය වාරික හා පොලී වශයෙන් ජනතාවගේ රුධිරය කොල්ලකන අපරාධය අද ‌වන තෙක් රටට එලිදරව් කල හෝ ඊට එරෙහිවූ අයෙක් පැවති එකදු විපක්ෂයකවත් හෝ බොරු වාමාංශිකයන් අතරවත් හෝ බොරු දේශමාමකයන් අතරවත් නොවීය.ටයි කෝට්,ජාතික ඇඳුම,සාටක, සුදු හා රතු ඇදගත් මේ මහත්රුන්ගේ හා නෝනාවරුන්ගේ සරල තර්කය “ගත් ණයක් ගෙවිය යුතුයි” යන්නය.
    මේ අපරාධයට විරුද්ධ වී ඊට එරෙහිව සටන් කර ජාතිය නිරක්තියට පත්කරන “මහා රුධිර මංකොල්ලය” නවතා දමමු.
    ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව වහාම ණය ගෙවීම නවතා දැමිය යුුතුය.(ජනමත විචාරණයකින් වුව ඒ සඳහා ජනඅනුමැතිය ලබාගත හැක) – PB

    • PB says:

      බටහිර බලවතුන්ට හා මූල්‍ය පතාකයන්ට ලංකාවේ පාලකයන් හා ආණ්ඩු සම්බන්ධයෙන් රතුඉර කුමක්ද? මානව හිමිකම්ද..යුද අපරාධද..මාධ්‍ය නිදහසද ? නෑ ඒ එකක්වත් නොවේ..ඒ රතුඉර ඔවුන්ට අය විය යුතු ණය වාරික හා පොලී ඩොලර් වලින් ගෙවා දමන සහතිකයයි.
      මේ වන විට ලෝකයේ රටවල් කීපයකම බිහිවූ ප්‍රගිතිශීලී ආණ්ඩු බටහිරට ණය නොගෙවන ප්‍රතිපත්තිය සිය ජනතාව මරණයෙන් බේරා ගැනීම සදහා උපයෝගී කරගෙන ඇත.
      ආණ්ඩුව හා විපක්ෂය (සජබ,යූඇන්පී,ජවිපෙ..) ඇතුළු සමස්ථ පාර්ලිමේන්තුවද ලංකාවේ ඡන්ද ක්‍රමය තුල ලියාපදිංචි සියලුම පක්ෂද තම පැවැත්ම වෙනුවෙන්, මෙම ණය ගෙවීම සම්බන්ධව බටහිර සමග නිහඩ එකගතාවයක හිදී.ඔවුන්ට ඊට එරෙහිව දුප්පත් අසරණ ජනතාවගේ පැත්ත ගත නොහැකි කාරණා ගනනාවක් ඇත.
      මෙතෙක් පැවති හැම ආණ්ඩුවක්ම කල ලෙසටම ගෝටා-මහින්ද ආණ්ඩුවද තම මූලික පූජනීය රාජ්‍ය කර්තව්‍යය ලෙස,බටහිර මූල්‍ය ආයතන වලට ගෙවිය යුතු ණය වාරික හා පොලී සතයකුද අඩු නැතිව මදකුදු පමා ‌නොකර ඩොලර් වලින් ගෙවා දමමින් සිටී.

  7. Kaspersky says:

    එදා අනුර කුමාර මෙන්ම විමල් වීරවංශත් සීපා සහ එක්ටා ගිවිසුම් වලට එරෙහිව මාරාන්තික විරෝධයක් පෑවා.
    ලංකාව එම ගිවිසුම් වලට එලඹිලා හිටියනම් අද පරිප්පු,අල,ළුෑණු,පොහොර නැතිවෙන්නේ නෑ.මන්ද එම ගිවිසුම් වල පිහිටෙන් ඩොල්ර් නැතිව පරිප්පු,අල,ළුෑණු පමණක් නොව වාහනද අසල්වැසි ඉන්දියාවෙන් රටට ආනයනය කරන්න තිබුනා.
    CEPA හා ECTA ගිවිසුම් වලට ලංකාව එළඹීම වැලැක්වීම පසුපස සිටියේ IMF,ලෝක බැංකුව හා බ්‍රිතාන්‍යයයි.
    හේතුව ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ මත ආණ්ඩුවට හිතුමතේ බදු පැනවීමට නොහැකිවන නිසා ජනතාව මත පටවන බදු මුදලින් ගෙවන IMF හා ලෝක බැංකු ණය වාරික හා පොලී අයකරගැනීමට CEEPA හා ECTA ගිවිසුම් බාදාවක් යයි යන දෘෂ්ඨියයි.

  8. Abbas says:

    Each and everyone using their own vehicles to go to work because there is no good public transport system. The great thing brought by previous government “Light Rail Project” was suspended by this government. Now telling so much money need for fuel. Crazy government.

  9. Raminda says:

    දැන් දහ අතේ ණය වෙලා තෙල් ගෙනාවයි කියමු..ඒත් මාස එකහමාරටනෙ..ඊළඟ මාසෙ ආයෙ හබක්නෙ..ඒ නිසා එක්කො රට ගෙඩිය පිටින් බද්දට දෙමු මාසෙ ගානෙ ලොකු ගාණක් අතට එන විදියට..ඒ ගානෙන් කාල ඇඳල ඉමු සුදෝ ඉන්න ටිකේ..

  10. Neranja buddini says:

    සාදූ කියන්න තව නය ගන්න ලැබේවා ඕකුන්ගේ පවුල් නඩත්තු කරන්න කොන්ද පණ නැති ජනතවක් ඉන්නකම් හොරා හොරා කිය කිය ඡන්දෙ දෙනවා සත්තයි පක්ෂ තුනම එකයි

Main News