ඉන්ධන ගේන්න මුදල් ප‍්‍රශ්ණයක් ආවා… දැන් ඒක හරි.. ඇතිවෙන්න තෙල් බෑවා..

March 13, 2022 at 4:40 pm | lanka C news
ඉන්ධන ගේන්න මුදල් ප‍්‍රශ්ණයක් ආවා… දැන් ඒක හරි.. ඇතිවෙන්න තෙල් බෑවා..

ඉන්ධන ලබා ගැනිමේදි රජය මුල්‍ය අර්බුධයකට මුහුණ පැ බවත්, මේ වන විට එම අර්බුධය විසදා ගනිමින් මෙරටට අවශ්‍ය ඉන්ධන ගොඩබාගෙන ඇති බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායන මහතා පැවසිය.

සි.බි.රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ (13) දින නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ

ඇත්ත වශයෙන්ම ඉන්ධන ලබා ගැනිමේදි මුල්‍ය අර්බුධයකට මුහුණ පැවා , ඒක නිරාකරණය කරගෙන රටට අවශ්‍ය ඉන්ධන ගොඩ බලා තියෙනවා.

මට අලුතින් විෂය පථයන් එකතු විමක් කියනවාට වඩා අලුතින් ගැසට් කිරිමක් තමයි සිදු කරලා තියෙන්නේ, මිට පෙරත් මෙම විෂය පථයම තමයි මට තිබුණේ.

එතකොට රාජ්‍ය අමාත්‍යවරයෙක් හිටියා දැන් රජ්‍ය අමාත්‍යවරයාගේ විෂය පථයන් මට ගැසට් කරලා තියෙනවා.

වන ගහණය 30% දක්වා වැඩි කිරිමට අරමුණක් තියෙනවා, වන සතුන් ආරක්ෂා කරගෙන සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරිමටත්, පාසල් ළමුන්ගේ සිට තරුණ ප්‍රජාව දක්වා නැවත වගා කිරිමේ ක්‍රමයක් ඇති කරන්න කටයුතු කරනවා.

හරිත ශ්‍රි ලංකාවක් එක් අයෙකුට එක් පැළයක් යනුවෙන් මම තේමාවක් හදාගෙන ඉන්නවා , වන සංරක්ෂණ , වනජිවි , දැව සංස්ථාව ,සත්ව උද්‍යානත් එක්ව මෙම වැඩ සටහන සිදු කරන්න කටයුතු කරනවා.

වන ගම්මාන ව්‍යාපෘතිය හදුන්වා දෙන්නත්, වනජිවි දෙපාර්තුමේන්තුව ඒකකයක් වශයෙන් සක්‍රිය කරගෙන සංචාරක කර්මාන්ත දියුණු කරන්න කටයුතු කරනවා.

නුවරඑලිය ග්‍රේගරි වැව තිබුණ විදිහ ගැන ජනතාව දන්නවා, නුවරඑලිය භුමිය ජනතාව නිවැරදි ආකාරයට භුක්ති විදින්න දෙන්න ඕනි , පෞද්ගලිකරණය සිදු කරන්න බැ.

නුවරඑලිය වසන්ත සැණකෙලියට බොහෝ පිරිසක් එන්නේ අශ්ව තරග බලන්න ඒ නිසා ඒවට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කරන්න ඕනි යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

35,928 views

16 Comments to “ඉන්ධන ගේන්න මුදල් ප‍්‍රශ්ණයක් ආවා… දැන් ඒක හරි.. ඇතිවෙන්න තෙල් බෑවා..”

  1. හොර හැත්ත ,.! says:

    බටහිර යුධ පෙරමුනේ “ක්වාඩ් සංවිධානයේ ” සාමාජික ඉන්දීයාව කූට ළෙසත් යුධ උපක්‍රමයක් ළෙසත් සාහසික ළෙසත් නූගත් මෝඩයා බෑසිළ සහ ගෝඨාභය ඇතුළු රජපකස කවටයන් සමග ශ්‍රී ළංකාව රුසියානු විරෝධී කදවුරක් ළෙස ගොඩනගා අනාගතයේදී විනාශ කර දමා ගිළගැනීමට සැළසුම් සකස්කර ක්‍රියාත්මක කරනා බවට අන්තර්ජාතික බුද්ධි තොරතුරු ළෑබෙමින් පවතී වගකිවයුත්තන්ගේ අවධානයට,.!

  2. Ashan says:

    උබලා ගේවල්වල ඉන්න උන්ට කන්න දේන්⁣නේ අල්ලපු ගේදර එකාගේන් ඉල්ලාද,

    • Pasan says:

      යකෝ දැන් තෙල් බාන්නෙ වනජීවී ඇමතිද? 🤣

  3. පුරවැසියා says:

    අනේ .කහං මහත්තයෝ

  4. Upul says:

    Please go home without giving more problems to people. You’r government is a failed government, you should realize it without giving excuse after excuse.

  5. Saleem says:

    රටේ දහසක් ප්‍රශ්න තියෙන කොට ජනාධිපති එක එක රජයේ කාර්යාල වලට පිස්සෙක් වගේ කඩා පනිනව. අගමැති උත්සවවලට යනව. මුදල් ඇමති පාර්ලිමේන්තුවට එන්නෙම නෑ වන සංරක්ෂණ ඇමති ඉන්ධනවලට සහතික දෙනව.
    මුළු රටම කැළඹිල තියෙන ගෑස් ප්‍රශ්නෙ ගැන කවුරුත්ම කතා කරන්නේ නෑ. මාර පකිස්ලන්තයක් වෙලා මේක.

  6. LalithM says:

    බල්ලගේ වැඩේ බූරුවද බලන්නේ. කෑලෑ භාර එකාට ඉන්ධන ගැන කියන්න පුලුවන්ද. ඇමරිකන් ජෝක්ස්. ඇමරිකානුවාට කොලයක් බලාගෙනවත් කියවන්න බෑ නේද.

  7. අයියෝ ඇමති තූමෝ බීලද බං මේ කාර්ය දාන්නේ.. says:

    හැමතැනම ගාගෙන කබරයා දාගෙන තනත් උලා ගන්නව. උඹට වෙරි. අපට සොරි. රටට සොකරි. අබ සරණයි.

  8. Buwa says:

    Koo yakoo ehh thel … Mehe shed wala dawas ganan nee

  9. ගොඩේ මනුස්සයා says:

    මිනිස්සු රවට්ටන එකේ ඉවරයක් නෑ…මිනිස්සු රැවටෙන එකේ ඉවරයක් නෑ. කොහොමද මිනිස්සුන්ගෙ බුද්ධිය ඒ අය පාවිච්චි කරන විදිය .

  10. සමන් says:

    අන්න ගම්මන්පිල කිවුව ඒවට ‌සල්ලි ගෙවල තිබුනෙ, ඇවිල්ල බාන්න විතරයි තිබුනෙ කියල. නිකන් ‌‌මිනිස්සුන්ව අන්දන්න හදන්න එපා.

Main News