ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…

June 26, 2022 at 4:10 pm | lanka C news
ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…

හෙට දිනයේ සිට ලබන 03 වැනිදා දෛනිකව පැය 3 ක කලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.

ඒ අනුව කලාප වශයෙන් දිවා හා රාත‍්‍රි කාලයේ අවස්ථා දෙකකදී විදුලිය කප්පාදුව සිදු කෙරේ.

විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මෙම පියවර ගත් බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

27,077 views

4 Comments to “ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…”

  1. Double Watches says:

    Viduli kappaduwa kiyanna sabapathiyekma onada? Clerk kenekutath puluwanne. Viduli Bala Mandalaye maadya prakashakayek nadda?

  2. saleem says:

    ගොවියන්ට පොහොර නැ. වාහනවලට තෙල් නෑ. රෝගින්ට බෙහෙත් නෑ. කෑම උයන්න ගෑස්
    නෑ ලාම්පු තෙල් නෑ. ළමයින්ට අධ්‍යාපනය නෑ. දරුවන්ට කිරි නෑ පෝෂණය නෑ. ඇත්තටම රට තවත් කෙතරම් පහත් අඩියකට වැටුනට පස්සෙද මේ කාලකණ්නි මූසල මුස්පේන්තු ගෝඨා ඔය පුටුව අත් හරින්නේ?

    • Lalla says:

      මේ ශාපය ගෙන ආවේ මහින්ද ප්‍රධාන පොහොට්ටුව මිස පඹයකු වූ ගෝඨා නොවේ. එයා මයිනා විසින් නටවන පිනෝකියෝවෙක්.

  3. Lankeshwara says:

    වරුසාව දිගටම වහිනවා,පෙළක් තැන්වල පොඩි,පොඩි ගංගා පීටරත් ගලනවා අපිට ඊයේ පාන්දරත් අද උදේත් වැස්සා.මාඋස්ස,කාසල්රි,ජලපෝෂිත ඉස්තානවලට හොන්දට වැසි ලැබුණා,නමුත් මෙතන විශාල ප්‍රශ්නයක් තිබෙණවා මේ අයගේ මේ කීම,එනම් සියයට 50% අඩු ධාරිතාවයකින්ලු ජලය තිබෙන්නේ, සහා දැනට ජලය නැති නිසා වැඩිපුර පැයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවෙනවලු, මොනවද මේ කථා? අපිට පිළිගැනීමට පුලුවනිද? මේ අයගේ මේ සෙල්ලමනම් අද ඊයේ නොවේ කාලයක්පටන් මේ game එකම තමයි දිගටම කරගෙන යනවා දැනටත් එසේමයි එකේ අඩු,වැඩියක් නැහැ.,මේ මිනිසුන්ට ජනතාව ගැන කිසිම තැකීමක් නැහැ,අවශ්‍යය වන්නේ කිහිපදෙනේකුගේ පැවැත්ම විතරයි.ජනතාවනම් කියන්නේ මේ 225ම වහාම යායුතුයි කියා නමුත් මම කියා සිටින්නේ ඒ සමගම සියලුම රජයඅමාත්‍යංශවල,සහා සංස්ථාවල උඩ සිට පහලටම සුද්ද කළයුතුයි කියා. මොකද මේ සියලුදෙනාම හරිම දුෂිතයි.මේ අය මෙයට පුරුදුවී හමාරයි මේ පුරුද්ද කවදාවත් මොවුන් අත අරින්නේත් නැහැ, මොවුන්ව හදන්නත් බැහැ, ඒකනිසා කළයුත්තේ සම්පුර්ණයෙන්ම අතුගාදැමිය යුතුයි කියා.නැතිව මේ රට මොන යකා ආවත් හැදීමට බැහැරිනිසා.ඉතින් දැන් මොකක්ද අපිට වෙන්නේ ? නැති තේල්වලට,නොදැකපු තේල්වලට මිළත් වැඩිකළා,අපේ ජිවිත සියල්ලම කණපිට ගසා තිබෙන්නේ අපිට දැන්නම් කරකියා ගන්න දෙයක් ඉතිරිවේලා නැහැ.තීරණාත්මක කාළ පරිච්චේදයක් තුලයි දැන් අපි සිටින්නේ,ජිවාත්විමත් දැන් එපාවේලා ඇත්තටම තනිකඩ ජිවිතයක් ගේවනවානම් මෙයට වඩා දරුණු තීරණයක් වුණත් ගන්නට සිතෙනවා රට වෙනුවෙන්.එහෙත් එවැන්නක් දැන් ගතහොත් මගේ මේ පවුලේ අයට යන කළදසාව කුමක්ද කියා සිතෙනවිට කරකියා ගන්න දෙයක් නැතිවෙනවා.නමුත් එසේකියාත් නිහඬව සිටීමටත් බැරිය.මොකද මේ රට කරවන අයට මේකේ කිසිම වගේ වගක් නැහැ,එවුන් තවමත් හිතුමතේට වැඩ කරමින්සිටිනවා රට සුවන්‍යපෝෂිතයි වගේ.එකා නිසා මද්‍යම වයසේ සිටින අපිට මේ පෙරමුණේ සිටින රට භාරගන්න සිටින දරුවන් ඇතුළු, තරුණ,තරුණියන් අපිට කියන්න අපි දැන් කුමක් කළයුතුද කියා? අපි ඔබලාගේ පසුපසින් සෙවණැල්ලක්සේ නොනැවතීම එන්නම්.

Main News