ඉන්ධන ණයට ගන්න රටවල් 03ක් සමග සාකච්චා…

August 28, 2021 at 2:10 pm | lanka C news
ඉන්ධන ණයට ගන්න රටවල් 03ක් සමග සාකච්චා…

ලොව ප්‍රධාන රටවල් තුනකින් මාස හයක ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සාකච්චා ආරම්භ කර ඇතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉරානය ඉන්දියාව සහ චීනය යන රටවල තානාපතිවරුන් හමුවේ තමන් මේ ගැන සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය.

මාස 6 ක කාලයක් සඳහා ඉන්ධන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ අවශ්‍ය බවක් ණය ගිවිසුම් සාර්ථක වුවත් ඉන්ධන ලබා ගෙන ඒවා විකුණා මාස හයකින් මුදල් ගෙවීමට හැකියාව ඇති බවත් ඒ මහතා කියා සිටියි.

තමන් මෙතෙක් මේ සම්බන්ධයෙන් පවත්වන ලද සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා දැනට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සුළු වශයෙන් ඉහල පහල යන නමුත් පාරිභෝගිකයන්ට සහන දිය හැකි මට්ටමට ඉන්ධන මිල අඩු වී නැතැයිද සඳහන් කළේය.

35,170 views

21 Comments to “ඉන්ධන ණයට ගන්න රටවල් 03ක් සමග සාකච්චා…”

  1. රුක්ෂාන් සිල්වා says:

    රටේ පවතින තත්වේ හැටියට වතුර ගහල හරි වාහන දුවන්න තමයි වෙන්නේ

  2. රංජිත් විජේසිංහ says:

    ඒ කියන්නේ ඉස්සරහට තෙල් නැතිවෙයි කියලද?

  3. Chthura Gunarathna says:

    Marama shthutui ah.sed wala poling wala laginna danmma sarasemu.

  4. Sunil Perera says:

    Eka witharai adu wela thibune dan ekath hariyagena enne.

  5. Sagarika Alvis says:

    Kohen giyth ithin bade pahara wadinne ithin duppatunta thama.

  6. Panchayudaya says:

    ඔහොම කියන්න මහජන මුදලින් නඩත්තු වන ඇමති කෙනෙක් ඕන නැහැ. ජනතාවගේ ප්‍රශ්න දෙයියන්ට භාරදෙන්න සෞඛ්‍ය ඇමති ලා ඕන නැහැ…..මීට වියාග්රා විමලේ

Main News