ඉන්ධන තව මාසයකින්වත් ලැබේදැයි කියන්න බෑ..- මහ බැංකු අධිපති

July 13, 2022 at 2:10 pm | lanka C news
ඉන්ධන තව මාසයකින්වත් ලැබේදැයි කියන්න බෑ..- මහ බැංකු අධිපති

අලුත් ආණ්ඩුවක් ආවා කියා හෙට ඉන්ධන නොලැබෙන බවත් මාසයකින් හෝ ලැබෙයි කියා කියන්නට බැරි බවත් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

දෙරණ නාලිකාව සමඟ පැවති සාකච්ඡාවක දී හෙතෙම අදහස් පල කරන ලදී.

“පසුගිය රජයවල් දෙකම විසින් යම්කිසි ආකාරයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා, ප්‍රතිසංස්කරණ කරලා, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාමාර්ගයෙන් පිට වෙන පැත්තකට යන්න උත්සාහ කළොත් මේ රට තවත් අමාරුවේ වැටෙයි. පළමුවෙනි ම පණිවුඩය තමා මට කියන්න තියෙන්නේ, ඒ ගිය මාර්ගයේ හැකි ඉක්මනින් ගිහින් ඉවර කරලා, තමයි රට මෙතැනින් උඩට තියන්න පුළුවන්. වෙන දේවල් අත්හදා බලන්න ගියොත් එහෙම මේ වගේ වේලාවක මේ රට බරපතළ තත්ත්වයකට එන්න පුළුවන්. දෙවැනි එක තමා මේක ජනතාවට දැනුවත් කරන්න ඕනේ මේ ප්‍රශ්නය ගැන. අලුතින් ආණ්ඩුවක් ආවා කියලා හෙට තෙල් ටික හම්බවෙන්නේ නෑ. මාසයකින් තෙල් හම්බවෙයි කියලා කාටවත් කියන්න බෑ. මේකෙ තියෙන ප්‍රශ්නය පැහැදිලි කරලා දීලා‍, මේකට විසඳුම මේකයි කියලා ජනතාව එක්ක ඉදිරියට යන එක තමා එන ආණ්ඩුවට කරන්න තියෙන එකම දේ.”

ඉදිරි කාලයේදී තවදුරටත් දුෂ්කරතාවට මුහුණදීමට සිදුවන බව මහ බැංකු අධිපතිවරයා එහිදී පැවසුවේය.

ප්‍රශ්නය – අගමැතිවරයා කිව්වා අමාරු කාලය තවම ඇවිල්ලා නෑ කියලා. ඔබතුමාගේ තක්සේරුව කුමක් ද?

“ඒක රඳා පවතින්නේ කරුණු කිහිපයක් මත. ඇත්ත වශයෙන්ම දැනට තියෙන ප්‍රධාන දේ තමා අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය නොමැති නිසා අවශ්‍ය ප්‍රමාණයට තෙල්, බෙහෙත් රටට ගේන ඒක අමාරු වීම. එතකොට ඉදිරි කාලය තුළ අපිට තියෙන විදෙස් විනිමය ආදායම සහ වියදම කළමනාකරණය කරගෙන ගියොත් යම් ආකාරයකට මේ මට්ටමින් කරගෙන යන්න පුළුවන්. නමුත් දිගටම මේ වගේ ආනයනය කරන්න ගියොත් අපිට තෙල්වලට තියෙන මුදල් ටික නැතිවෙලා මීටත් වඩා හිඟ තත්ත්වයකට එන්න පුළුවන්. අනෙක් අතට කෙටි කාලීනව ඉන්දියාවෙන් හෝ උදව් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. යම්කිසි ආකාරයක විදෙස් විනිමය ප්‍රමාණයක් ලැබුණොත් මීට වඩා හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන්.”

දේශපාලන අස්ථාවරත්වය පැවතීම අර්බුදය තවදුරටත් දීර්ඝ වීමට හේතු සාධක වන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.

“ප්‍රධාන වශයෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් යනවා. එකක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා සර්ව ආර්ථික ස්ථායිකරණය පිළිබඳ වැඩපිළිවෙලක් ඉතා ඉක්මනින් අවශ්‍යයි දැන්. ඒක තමා තියෙන එකම මාර්ගය. අපේ ණය බර වැඩිවීම නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරගෙන යනවා. එතෙකොට මේ ක්‍රියාමාර්ග කරගෙන යනකොට ඒ සම්බන්ධයෙන් වැදගත් ආර්ථික තීරණ ප්‍රතිපත්ති තීරණ ගැනීමට මුදල් ඇමතිවරයෙක් ඉන්නවා නම් කැබිනට් මණ්ඩලයක් ඉන්නවා නම් පාර්ලිමේන්තුවක් තියෙනවා නම් ක්‍රියාත්මක වෙනවා. එහෙම තියෙද්දි තමා අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරගෙන යනකොට ටික කාලයකින් එක සැරේටම රජය වෙනස් වුණා. දැන් ආයම වෙනස් වුණා. මේක ප්‍රමාද වෙන්න, ප්‍රමාද වෙන්න අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කරන්න තියෙන කාලය තව දික්වෙනවා. ඒ තුළින් ජනතාවට දැනට ආර්ථික අර්බුදයෙන් විඳීමට සිදුවන දුක්ගැහැට විඳීමට යන කාලයත් තවදුරටත් දික්වෙනවා.”

– දෙරණ

57,467 views

10 Comments to “ඉන්ධන තව මාසයකින්වත් ලැබේදැයි කියන්න බෑ..- මහ බැංකු අධිපති”

  1. Boo says:

    රැටිටා කියන මැට්ටාගෙන් අපි තෙල් ඉල්ලගමු දැන්. ඌ කිවුවනෙ ගෝටා ගියාම ඔක්කොම හරි කියලා. ඒක විශ්වාස කරපු නුගත් ගොබ්බයින්ට දැන් උගෙ අහවල් දෙක මිරිකලා තෙල් ගන්න කියමු.

    • හරියට හරි. අරගල කරුවන් ට පිං සිදු වෙන්න රට සිම්බාබ්වේ පරදවා අංක එකට එනවා. ඒක ෂුවර් .

  2. Sam says:

    Ilagata kannaa lasthi wela inna mahaththaya

  3. අ.රෙණ කුමාර says:

    ඔයා වාඩිවෙන්න නන්දලා මහත්තයා. ආන් අනුර කුමාර ගියා බූලියක් අරන් අපට තෙල් ගේන්න. සෝබිත ගොය්යට ජනාධිපති කම දුන්නොත් බීම හල් නොමිලේ විවෘත කරනව කියනවා .එතකොට ඒ තෙල් ප්‍රශ්නෙත් ඉවරයි.වාඩිවෙන්න.වාඩිවෙන්න.(Don’t forget Front Liners said you were a CIA agent.)

  4. දියරකුස් says:

    අරගලේ සෙට් එක පහුවදාම මේක සුරපුරක් කරනවා.අනුර සහෝදරයා ලංකාවෙන්ම 7 වෙනි කෝටිපතියා.බය නැතුව හිටපල්ල තෙල් බෙහෙත් හාල් හෙට ඉදන් රට වටේම.

  5. ආයුබෝවන් says:

    Ask Sajith he said he can get from 3 countries. Also Anura said dollars are coming to Sri Lanka when Gota not ruling. There are many people said they can get if Gota is not ruling. Tell them to keep their words. After all these so called Aragalaya only believe them . I feel sorry for younger generation because they believe their leaders ( Anura & Kumar) very much unfortunately reality is whole different. Real picture is not there they 9nly see what leaders have told them

    • A. Rena Kumara says:

      That is right. The ‘Brainless’ listen to the ‘Headless’ bastards.

  6. ඇත්ත says:

    ඔබත් මහ බැංකුවේ සේවය කරපු ජේෂ්ඨ සේවකයෙක් නේ. අපි මේ හොඳයි නරකයි කියන හැම දේශපාලකයන් එක්ක හොඳ සබඳතාවයකින් වැඩ කරපු කෙනෙක් . ඒ කාලෙ ඔවුන් ට යටත් පහත්ව වැඩ කල ඔබ මේ තත්ත්වයට රට පත්වෙයි කියලා දැන දැනත් මහ බැංකු අධිපති තනතුර නොලැබුණු නිසා කනස්සල්ලෙන් රට දාලා යනවා.
    ඇත්තටම දැන් ඔබ තුමා නැවත පැමිනේන්නේ හොඳ දේශපාලන ආරාධිත පැකේජ් එකකට සහ තමුන් ගේ අවසන් බලාපොරොත්තුව ඉටු කරගන්න .
    ඔබටත් ස්වාධීනව කල හැකි දෙයක් නැත. දැනටත් ඔබ අගමැති ට සහ ජනාධිපති ට ” යස් සර් ” කියනවා හැර “නො සර් “නොකියනු ඇත. වක්‍රව ඔබත් වගකිව යුත්තෙකි.

  7. pathum kirnerge geni says:

    ගොන් අරගලයක් හින් ද රට ඉවරයි. යකෝ මේවගේ බලු අරගලයක් මමනම් දැක්කමයි. රටට පෙර බලය​. මෙවට වගකියන්න කවුද දැන්. අර කෙහෙල්මල් සිරස මිනිස්සුන්ව් උසි ගන්වන එකමයි කරන්නේ.

  8. වෙබ් බුවා says:

    මහින්ද අමරවීර ඉදිරියට එන සාගතයක් ගැන කිව්වා .
    මිනිස්සු බඩු ගොඩගහගෙන කඩ හිස් කරලා කෘතීම ගඟයක් ඇති කලා.
    මේ යකා ඔහොම කිව්වාම තෙල් ජාවරම් කාරයෝ තෙල් යටිමඩි ගහල අපිට තෙල් නැතිවෙනවා

Main News