ඉන්ධන නැතැයි ධීවරයෝ කුපිත වී පහර දෙති..

May 24, 2022 at 8:40 am | lanka C news

කුඩාවැල්ල ධීවර වරායේ ආරක්ෂක කුටියට ධීවරයන් පිරිසක් පහරදී තිබේ.

තංගල්ල මූලස්ථාන පොලිසිය පවසන්නේ තම ධීවර යාත්‍රා සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමෙන් කුපිත වූ ධීවරයන් පිරිසක් මෙම පහර දීම සිදු කර ඇති බවය.

ඉන්ධන නවැතිව තම ධීවර යාත්‍රා ගමන් කිරීමට නොහැකි බව පවසමින් ඊයේ රාත්‍රියේ මෙසේ පහර දී අලාභ සිදුකර ඇත.

සිදුවීම පිලිබදව පොලිසිය වැඩිදුර විමර්ශන කරයි.

18,027 views

One Comment to “ඉන්ධන නැතැයි ධීවරයෝ කුපිත වී පහර දෙති..”

  1. SL Revolution says:

    ගොවියන්, කම්කරුවන්, ධීවරයන් සහ සොල්දාදුවන් අරගලයට එක් වූ පසූ තමා නියම විප්ලවය සිදු වන්නේ. අන්න එවිට සෙසූ අවශේෂ කොටස් (සිසුන්, මධ්‍යම පාංතික ඇඩවෙන්චර්වරු,කොමන්වෙල්ත් රාජ්‍යයේ ලියාපදිංචි පක්‍ෂ) බොරු රංගනය අතහැර දමා පලා යනවා පමණක් නොව නියම විප්ලවයට එරෙහිව ඔවුන් ප්‍රතිවිප්ලවාදී ස්ථාවරයකට තල්ලු වී අධිරාජ්‍යවාදීන්, ධනපති පංතිය සහ ප්‍රතිගාමීත්වය සමග එලිපිට අත්වැල් බැඳ ගනු ඇත.

Main News