ඉන්ධන නැතිව ධීවර කර්මාන්තය හාන්සියි.. මාලු කිලොව වැල්ලේම 2500යි…

August 12, 2022 at 6:20 pm | lanka C news
ඉන්ධන නැතිව ධීවර කර්මාන්තය හාන්සියි.. මාලු කිලොව වැල්ලේම 2500යි…

උතුරේ ධීවරයින්ගේ ධීවර යාත්‍රා වලට අවශ්‍ය භූමිතෙල් ඇතුලු ඉන්ධන විධිමත්ව නොලැබීමෙන් මාස දෙකකට අධික කාලයක් මුහුදු ගමන් නොයෑම හේතුවෙන් ධීවර පවුල් විශාල ප්‍රමාණයක් පීඩාවන්ට පත්ව සිටින බවට උතුරේ ධීවර සංගම් පෙන්වා දෙයි.

උතුරේ ධීවර කටයුතු වැඩි වශයෙන් සිදුකෙරෙන යපනය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි ජීවත් වන ධීවරයින්ට ඉන්ධන හිගයත් සමග මාස දෙකකට අධික කාලයක් ඉන්ධන නොලැබීම හේතුවෙන් මෙම ගැටලුවට මුහුණ පා සිටිති.

එමෙන්ම ධීවරයින් මුහුදු ගමන් නොයෑම හේතුවෙන් උතුරේ මාළු මිල ගණණ් අධික ලෙසින් ඉහල ගොස් ඇති අතර එහිදී කුට්ටි මාළු  (තලපත්, තෝරා , මෝරා, කෙලවල්ලා, බලයා) ආදි මත්ස්‍ය කිලෝව රුපියල් 2500 කට ආසන්න මිලකට අලෙවි වීම හේතුවෙන් පාරිභෝගිකයින්ද දැඩි අසීරුතාවන්ට පත්ව සිටිති.

මේ අතර ඇතැම් කූට ජාවාරම්හි නරත වන පුද්ගලයින් විසින් ඉන්ධන අධික මිල ගණණ්වලට ධීවරයින්ට විකිණීම හේතුවෙන්ද මාලු මිල ගණන් ඉහල යාමට දැඩි ලෙස බලපා ඇතැයිද උතුරේ ධීවරයින් පෙන්වා දෙති.

මේ අතර උතුරේ ධීවරයින් බොහෝ පිරිසකට මුහුදු යාමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ දෛනික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබීම හේතුවෙන් උතුරේ ධීවර කර්මානත්ය නගා සිටුවීමට කඩිනම් පියවර ගන්නා ලෙසටද උතුරේ ධීවර සංගම් බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,278 views

2 Comments to “ඉන්ධන නැතිව ධීවර කර්මාන්තය හාන්සියි.. මාලු කිලොව වැල්ලේම 2500යි…”

  1. කරන මගුලක් ඉක්මනට කරපියවූ says:

    ත්‍රී වීල් කාරයෝ ඉස්සර හිටියේ තෙල් පෝලිම් වල , QR code දැම්ම විතරයි කාලකන්නි ටික දැන් පාරේ දුවනවා.

    මේ වගේම තමයි බෝට්ටු වලටත් වෙලා තියෙන්නේ. බස් කාරයෝ ටික හොරාට භූමිතෙල් ටික බොනවා ,බෝට්ටු හොරු ඉතිරි ටික හොරකම් කරනවා .

    කාංචන ට මේ ප්‍රශ්නෙට විසඳුමක් නැතිද.

    බොර තෙල් ගන්න රුසියාවට යන්න බැරි කාංචන , රනිල්ගෙන් අහල හරි උත්තර හොයාගන්න. මාස ගණන් කල් මරන්නේ මොන රෙද්දකටද .

    QR code එකටත් මිනිස්සු අම්ම මුත්තා මතක් කරලා බනිනකල් හිටිය. ආයෙත් එහෙම ඕනේ වෙලාද ?

  2. LalithM says:

    භූමිතෙල් වලටත් කෝඩ් එකක් දීල ලියාපදිංචිය ඇති බෝට්ටුවලට විතරක් නිකුත් කරන්න.

Main News