ඉන්ධන නැතිව 25 වැනිදායින් පසු විදුලිය ආඛණ්ඩව දෙනවා..

January 20, 2022 at 10:00 am | lanka C news
ඉන්ධන නැතිව 25 වැනිදායින් පසු විදුලිය ආඛණ්ඩව දෙනවා..

ඉන්ධන නැති වුවද එළඹෙන 25 වැනිදායින් පසුව විදුලිය විසන්ධි කිරීමකින් තොරව ලබා දීමට හැකියාව ඇතැයි විදුලි බල ඇමති ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත‍්‍රයද විදුලි ජනන කටයුතු 25 වනදා වන විට ආරම්භකිරීමට හැකිවනු ඇති බවයි.

එම ජනන යන්ත්‍රය මේ වන විට නඩත්තු කටයුත්තක් සිදුකරමින් ඇති බවද හේතුවෙන් දැනට දැනට දිනකට දැවි තෙල් 1500ක් පමණ අවශ්‍ය වන බව ද වන ඔහු පැවසීය.

නමුත් තෙල් සංස්ථාව ද අර්බුදයට පත්ව තිබෙන නිසා යම් ගැටලුකාරී තත්වයක් මතු වී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මෙම විසිපස් වන දා දක්වා ද කිසිදු විසන්ධි කිරීමකින් තොරව විදුලිය ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

20,027 views

3 Comments to “ඉන්ධන නැතිව 25 වැනිදායින් පසු විදුලිය ආඛණ්ඩව දෙනවා..”

  1. රාජපක්ෂහොරැ says:

    මචං ලොකූ, මොකුත් නැද්ද ඔතන නොරොච්චෝලෙ, කටගැස්මට හොරාකන්ඩ

  2. Gamarala says:

    මු බොරුවෙන්ම( ලොකු) වෙලා ඉන්නේ

  3. Puka says:

    Loku jayawawa apita current apa arnduwa hida light apa big talk walata asai shoi

Main News