ඉන්ධන නැතොත් විදුලි කප්පාදුවකට තීන්දුව ගන්නවා..- ලොකුගේ
January 17, 2022 at 10:40 am | lanka C news
කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් තුන්දහසක් මේ වන විට ලැබී ඇති නිසා හෙට දිනය දක්වා විදුලිය කප්පාදුවකින් තොරව ලබා දිය හැකි බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා පවසයි.
22 වැනිදා දක්වා ඉන්ධන ලබා ගැනීමට තෙල් සංස්ථාව සමග සාකච්ඡා කරන බවද පැවසූ ඔහු ඉන්ධන නොලැබුණහොත් පමණක් විදුලිය විසන්ධි කිරීමට තීරණය ගැනීමට සිදුවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබාදෙන්නේ ඩොලර් ලබාදුනහොත් පමණක් බවයි.
අදින් පසුව ඩොලර් නොමැතිව ඉන්ධන ලබා නොදෙන බවද ඔහු කියා සිටියේය.
ගොබ්බ මැටි මෝල් පාලකයිනී නගරවල බොරු සෝබනයට දැල්වෙන ලක්ෂ සංඛ්‍යාත දැන්වීම් පුවරු, පන්සල් පල්ලි දේවාල කෝවිල් වල මෙලොවටයි එලොවටයි නැතිව දැල්වෙන විදුලි පහන් නිවා දමන්නට අදාල තකතිරු බලධාරීන්ට සහ තකතීරු පූජක හැත්තට නියොග නිකුත් කරනු.රාත්‍රී 7න් පසු ගොබ්බ රියැලිටි ෂෝ සහ ටෙලිනාට්‍ය පඩංගු සමගම සියලු රූපවාහිනී විකාශන නවතා දමනු.අධික ඉන්ධන පරිභෝජනයක් ඇති බොරු සෝබන මොන්ටෙරෝ, පැජරෝ, ඩෙෆෙන්ඩර්, V8 වැනි වාහන ධාවනය තහනම් කරනු.. නැතිනම් වින්ස්ක්රීන් කුඩු වන්නට ගල් ගසා එලවා දමනු
වෙන දෙයක් කතා කරන්න. මේ හරක් බොරු සෝබන වැඩ වලට බිලියන ගණන් ණය අරං ඒවට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපිටමයි.
පඩ ෂෝ ලොකු ටෝක්. ඒත් ලාන්තරස් වැඩ. ජනපති පන්සල්වල. ඇමතිලා ලෝක සවාරි. රටේ තෙල් ගෑස් හාල් පොහොර මොකුත් නෑ. කාබනික වගාව කිව්වට දෙමුහුන් බීජ. ඒවට පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය ඕන. මොනවත් ගන්න ඩොලර් නෑ. තියන ටික මහ එවුන්ට රට සවාරි ගහන්න වියදමට. ඉන්න හිතෙන රට හදපු විරුවාට ජය වේවා…. දිනන්න ජන්දෙ දුන්න එකාලට හෙන වදිත්වා….
69 ලක්ෂයට ජේනි තියෙන නිසා අවුලක් නැහැ .