ඉන්ධන නෑ.. කොළඹ කැනඩා තානාපති කෝච්චියට නගී…

June 23, 2022 at 6:20 am | lanka C news

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා ඇතුලු දූත පිරිසක් 21 දින යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් උතුරු පලාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා සහ යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා හමු විය.

කැනේඩියානු මහකොමසාරිස් වරයා ඇතුලු දූත පිරිස් යාපනය දිස්ත්‍රීක්කයට සංචාරය කරනු ලැබුවේ දුම්රිය මගින් වන අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එලෙස දුම්රිය මගින් යාපනයට ගමන් කිරීමට පියවර ගත් බව කැනේඩියානු දූත පිරිස කියා සිටියහ.

එහිදී යාපනයේ පිහිටි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා සයාපනය හ මහනගරසභාවේදී මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා හමුවී උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡාවක නිරත වී ඇත.

එහිදී පැවති සාකච්ඡාවේදී රටේ පවතින වත්මන් වාතාවරනය හමුවේ උතුරේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති අඩාල වී ඇති බවටත් පවතින තත්වය යහපත් අතට පත්වූ විගස නැවත් උතුරේ සංවර්ධන කටයුතු ක්‍රියාවට නංවන බවට කැනේඩියානු මහකොමසාරිස්වරයා ඇතුලු දූත පිරිසට දැනුම් දුන්නේ යැයිද යාපනය මහනගරාධිපතිවරයා මාධ්‍යට පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

41,742 views

17 Comments to “ඉන්ධන නෑ.. කොළඹ කැනඩා තානාපති කෝච්චියට නගී…”

  1. Asela says:

    අර රාජපක්ෂ කියලා සනුහරයක් කෝල් කර කර වැඩ කරලා තමයි මේ රටට මෙච්චර කෙලවෙලා තියෙන්නේ. ඔය දියුණු ප්‍රජාට්‍ර්න්තර රටවල් උදව් කරන්නේ ඒ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් නිසා වියදම් කරන මුදල් හොඳට හොයලා බලලා හොරකම් නොකර යොදවනවා කියන එකට ඒ නිලධාරින් වගවෙලා ඉන්නේ. විගණනය කරද්දී අක්‍රමිකතාවන් අහුවුනොත් උන්ගෙන් ඒ මුදල් අයකරගෙන උන්ව හිරේ පවා දානවා. අපේ රාජපක්ෂලා කොච්චර හොරාකාලා තියෙනවද කියනවනම් රජයේ මුදල් විගණනය කරන එකත් තහනම් කරා. අනෙක දැන් දෙමල මිනිසුන්ගේ නිජ බිම වන ඉන්දියාවෙන් හින්ගාකාලා තමයි අපි ජීවත්වෙන්නේ. උන් නැත්නම් මේ වෙලාවකටත් සැහෙන්න හාමතේ මැරිලා.

  2. Imbecile says:

    Ape ayata nam paye gamanatah Helicopter?

  3. KDN says:

    This man has a great love to Northern, & eastern areas since Prabakaran era, unlike other parts of the country. Our politicos are grand fools, they are born to beg and they are trained to exploit the poor only. Weterners are wise.and they have become rich. Wise men born in this country has left for Europe and help them to develop Europe.

  4. දුංරිය මැගියා says:

    මං දැක්කෙ ” ඉංදන නෑ තානාපති දුංරියට පනී ” කියලයි .

  5. Sampath says:

    Divide and rule. these white people have always been catering to minorities instead of really caring of poors regardless of their ethnicity. It’s quite obvious what Canada is up to. I think it’s best for government to build high ways to Jaffna and take tamils as much as out of city, and relocate more Muslim, Sinhalese and other groups to Jaffna to diverse the city, otherwise they will most likely to divide this small nation.

Main News