ඉන්ධන නෑ.. ජනතාවට දින කිහිපයකින් වාහන අතහැර පයින් යන්න වෙනවා…- රජයේ ප්‍රබල නිලධාරියෙක් කියයි…
June 18, 2022 at 10:02 pm | lanka C news
රජයේ නිලධාරින් මිට වඩා කාර්යක්ෂමව සහ වගකිමකින් කටයුතු නොකල හොත් ජනතාව මිලගට පහර දෙන්නේ රාජ්‍ය නිලධාරින්ට බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අවධාරණය කලහ.
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ඒ බැව් කියා සිටියේ (18) දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමිව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කළුගල කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර කාර්යාලයේ ස්ථාපනය කරන ලද ආහාර මන්දිරය විවෘත කිරිමේ අවස්තාවට එක් වෙමිණි.
ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ගම්මාන වල වගා කරන ආහාර වර්ග කල් තබා ගැනිම සදහා එම කාර්යාලයේ නිලධාරින්ගේ අධික්ෂණය යටතේ සිදු කරන ලද ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමිව තේ කුඩු , බඩ ඉරිගු , කොස් , දෙල් , පොළොස් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් කල් තබා ගන්නා ආකාරයට සකස් කරන ලද ආහාර එම ආහාර මන්දිරයෙන් මිල දි ගැනිමට ප්‍රදේශවාසින්ට අවස්තාව උදාවනු ඇත.
මෙවැනිම ආහාර මන්දිර ග්‍රාමසේවා වසම් මට්ටමින් මුළු දිස්ත්‍රික්කය පුරා පවත්වාගෙන යාම මෙම වැඩසටහනේ අරමුණ බවයි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා කියා සිටියේ.
මෙම ආහාර මන්දිරය විවෘත කිරිමේ අවස්තාවට විශේෂ අරාධිතයා වශයෙන් එක් වු කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුල මේ රටේ ජනතාව දැඩි පිඩාවට පත් වන අවධානමක සිටින නිසා ජනතාවද ඉන් මිදිමට විශාල කැප කිරිමක් සිදු කල යුතු බවයි.
වි අස්වැන්න නෙලා ගැනිමේදි ගොවියන් 99% අස්වැන්න නෙලා ගැනිමට යන්ත්‍ර සුත්‍ර භාවිතා කරන නිසා ඉදිරියේදි ඒ සදහා විශාල ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය බවත්, එම ඉන්ධන සොයාගැනිමට මේ වන විට ගැටළුවක් මතු වි ඇති නිසා අස්වැන්න නෙලා ගැනිමට යුධ හමුදාවේ සහ දිස්ත්‍රික්ක මට්ටමින් ශ්රමදායකත්වයක් ලබා ගැනිමේ වැඩසටහනක් සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.
පවතින තත්ත්වය මත තව දින කිහිපයක් තුල ජනතාවට පුද්ගලික වාහන වලින් පොදු ප්‍රවාහන සේවා වලින් බැහැර වි පයින් ගමන් කිරිමට හෝ පැරණි සම්ප්‍රදායට අනුව ගමන් බිමන් යාමට සිදු විමේ අවධානමක් මතු වි ඇති බවයි අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
මෙම ආහාර මන්දිරය විවෘත කිරිමේ අවස්තාවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ , නුවරඑලිය දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරින් රැසක් සහභාගි වි සිටිහ.
– හැටන් රංජිත් රාජපක්ෂ
ඉන්ධන නැති වුණාට කමක් නැහැ රටේ නායකයින් ඇමරිකාව සනසනවනේ. ඇමරිකාව ගොඩක් සතුටින් ඇති රුසියානු තෙල් ගෑස් අපි ලාභෙට ගත්තෙ නැති එකට. ලංකාවෙ මිනිසුන්ට ඉන්ධන ගෑස් චුට්ටක් හරි ලාබෙට ලැබෙන් නැතිනම් ඇමරිකානුවන් සතුටින් නම් අපේ නායකයිනුත් සතුටින්. ඉතින් තෙල් ගෑස් එපා.
Me bari bariyawa thiyena lekamla pannala ……. wena un danna barida?
නුවරඑලිය දිස්ත්‍රික්ක ප්‍රාදේශිය ලේකම් ප්‍රාදේශිය දේශපාලන හෙන්චයියන්ට සෙට්වෙලා අහිංසක බලපත්‍ර ලාබී ඉඩම් හිමියන්ගෙන් ඉඩම් පැහැර ගන්න එක න්වත්තුවේ නැත්තම් පිඩාවට පත් වන ජනතාව මිලගට පහර දෙන්නේ රාජ්‍ය නිලධාරින්ට
මේ අමාත්‍යාංශ ලේකම් ලා දිස්ත්‍රික් ලේකම් ලා පරිපාලන සෙට් එක මේ තත්වෙට වගකියන්න ඕනෙ . ෆයිල් අරගෙන ඇමැති ලා පස්සෙ දුවලා තනතුරු අරගෙන ඊට පස්සෙ තනතුර ආරක්ෂා කරන්න ඕනෙ දෙයක් කරනව .
රජයේ ඉහල නිලතල දැරූ සහ දරන බොහෝ දෙනෙකුත් මේ්වාට වගකිව යුතුයි. පුථවන්නම් ඔය තනතුරු දරණ අය ඉන්ධන දීමනාව තඹ ශතයක් අඩුකර ගන්න චක්‍ර ලේඛයක් ගහගන්නකෝ.
රජයේ ඉහල නිලතල දැරූ සහ දරන බොහෝ දෙනෙකුත් මේ්වාට වගකිව යුතුයි. පුථවන්නම් ඔය තනතුරු දරණ අය ඉන්ධන දීමනාව තඹ ශතයක් අඩුකර ගන්න චක්‍ර ලේඛයක් ගහගන්නකෝ.
රුසියාවටත් වඩා ලොකුයි ඉරිසියාව. රාජ්‍ය සේවකයින් ට ඉන්ධන නොදී රටේ වෙන වැඩක් කරගන්න බැරි වේවි ඔෆිස් යන්නැතුව හිටියොත්. දැනට රාජ්‍ය සේවකයින්ටත් ඉන්ධන නැති බව තේරුම් ගන්න. උදාහරණක් ලෙස දොස්තරලාට ඉන්ධන දෙන්න එපා එතකොට දුප්පත් මිනිස්සු බේත් ගන්න සිංගප්පූරුවට යන්න. මොකද ඉස්පිරිතාලවල කවුරුත් නැති වේවි. මෙතැන අවශ්‍ය වෙන්නේ මනා කළමනාකරණයක් මිස එක් එක්කෙනාගේ ඉන්ධන කෝටා එකට කෙළවීමට නෙමෙයි. රුපියල් දාහ ගානේ හරි ඉන්ධන විකුණන්න කියනවා නම් ඒ කියන්නේ හොර පාරෙන් ගිය ඉන්ධන.
අපේ රටට පිළිමල් වන සතුරු මු ළ
අපේ අයම නම් බිඳිනෙමු උන්ගෙ බ ල
අපේ මුතුන් මිත්තන් මළ සොහොන් ව ල
පිපේ එවිට ජාතික අබිමාන ම ල
ජාතික වැඩට මරු‘ගුල් අටවමින් සි ට
නායක කමට දඟලන නිවටයන් හ ට
මේ ල ක එකම අමු සොහොනක් කරන්න ට
සාතික වෙන්න තරුණය! අද පටන් කො ට
ඇස්. මහින්ද හිමි.
අතීතයේ රටට විපතක් වෙනකොට මහා සංඝරත්නය පෙරට ඇවිත් ඒ විපතෙන් ජනතාව බේරා ගත්තා .වර්තමාන සංඝරත්නය පංසල් වල ,අසපු වල හොදට දානය වලදලා සැතපෙනවා.
oya naanasaara kiyana uruthadiyaa jaathivaadiyaa aagamvaadiyaa muslim virodhithayaa oya sakkiliya koiweleth bada pirenna kaala geniyek ekka huka hukaai inne. okava allagena ewilla oya aragala bhoomiye uge
etadeken ellanna berida?
ලී ක්වාන් යු යි මහතීර් මොහොමඩුයි එකට ආවම එහෙම වෙනවා.
එංගලන්තයේ මැහැල්ලටයි ඇමෙරිකාවේ මහල්ලටයි බයේ ලංකාවේ මහල්ලන් දෙන්නයි 225යි රුසියාවෙන් ලාබෙට දෙන තෙල් ගන්නේ නෑ.
අරගල භූමියේද “රුසියාවෙන් තෙල් ගත යුතුයි” කියා එක හඬක් හෝ එක පෝස්ටරයක් හෝ නැත.එතන ඒවා තහනම් දේය.ඒ අනුව ඊනියා අරගල භූමියේ මහමොළකරුවන් සහ එය මෙහෙයවෙන අත රුසියානු විරෝධී බටහිර UK, US අත බව පැහැදිලිය.
America and EU buy fuel and gas from Russia, but other countries should not, even in difficulty.
ඇ බල්ලෝ, තෝයි තොගේ මහෙවිනොත් යන්නෙ එහෙමද, පිස්සය් පුස්සය් දෙන්න යන්නෙත් එහෙමද