ඉන්ධන නෑ.. දුම්රිය රැසක් නවතී…

June 30, 2022 at 5:30 pm | lanka C news
ඉන්ධන නෑ.. දුම්රිය රැසක් නවතී…

පවතින ඉන්ධන හිගය මත දුම්රිය සේවකයන්ට සේවයට පැමිණීමට ප්‍රවාහන පහසුකම් නැති වීම මත දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වී තිබේ.

ඒ හේතුවෙන් දුම්රිය මගින් රාජකාරි කටයුතු වලට පැමිණෙන පෞද්ගලික හා රජයේ අංශයේ සේවකයන් රැසක් දැඩි පීඩාවකට ලක් ව ඇත.

මෙම තත්ත්වය මත ඊයේ දිනයේදී පමණක් දුම්රිය ගමන්වාර තිහක් පමණ අවලංගු කර තිබිණි.

අද දිනයේ ද මෙම තත්වය මත දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වී තිබේ.

ඉන්ධන අර්බුදය මත රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් රැසක් දුම්රියෙන් ගමන් කරන අතර ඒ හේතුවෙන් දුම්රියක් සඳහා ඉතා විශාල මගින් ප්‍රමාණයක් එක් වෙති.

22,474 views

4 Comments to “ඉන්ධන නෑ.. දුම්රිය රැසක් නවතී…”

  1. යහපාලනය හා පොහොට්ටු කැපිල්ලට ගොදුරූ වූ බයියා says:

    දේවෝ වස්සතු කාලේන – සස්ස සම්පත්ති හෝතුච – පීතෝ භවතු ලෝකෝච – රාජා භවතු ධම්මිකෝ” (කලට වැසී වසී වා, කෙත් වතු සාර වේ වා,ලොව සතුටු වේ වා, නිරිඳු සැම කල් දැහැමි වේ වා)

  2. උපාසක says:

    දියසෙන් කුමරා යනු බැසිල් මැතිඳුන් බව ඔබ දන්නවාද ?

    • Jagath says:

      ඌ ඇවිත් 10% කොමිස් කාක්කා කියලා කවුද? නොදන්නේ. කක්කුස්සි කටා

  3. මගියා says:

    එකෙක් වත් කතාකරන්නෙ නැහැ දන්නෙ නෑ වගේ ඉන්නවා සිපෙට්කෝ එක පුද්ගලිකකරනය කරලා ඉවරයි . නියමයි. කෝ වෘත්තීය සමිති ? උනුත් කැමතියි වැඩේට .

Main News