ඉන්ධන නෑ.. ධීවරයෝ මුහුදු යාම නවතති.. යාත්‍රා ගොඩට ඇද දමති..
May 31, 2022 at 8:40 am | lanka C news
මුලතිව් මුල්ලිවයික්කාල් සිට කෝකිලායි දක්වා වූ මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත ධීවර බෝට්ටු 2000 කට දින 20 කින් පමණ ඉන්ධන නොලැබීම හේතුවෙන් එම ධීවරයින්ගේ මත්ස්‍ය කර්මාන්තය නැවතී දැඩි පීඩාවන්ට පත්ව සිටිති.
මුල්ලිවයික්කාල් සිට නයාරු දක්වාත් නයාරු සිට කෝකිලායි දක්වාත් වූ මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා ධීවර බොට්ටු 2000 ක් ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇතත් මේ වනතුරුත් ඉන්ධන නොලැබීමෙන් මෙම ගැටලුව ඇතිව තිබේ.
එහිදී පුදුකුඩිඉරිප්පු ඉන්ධන පිරවුම්හලෙන් ධීවර බොට්ටු 400 කටද, මුලතිව් ඉන්ධන පිරවුම්හලෙන් බෝට්ටු 800 කට සහ නයාරු ඉන්ධන පිරවුම්හලෙන් බොට්ටු 800 කට ඉන්ධන ලබාගැනීම සඳහා ධීවරයින් විසින් ලියාපදිංචි වී ඇත.
ධීවර යාත්‍රා වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන වෙනත් පුද්ගලයින් විසින් අධික මිලකට විකිණීම හේතුවෙන්ද ධීවරයින් පීඩාවන්ට පත්ව සිටින අතරම වහාම මුලතිව් ධීවරයින් වෙනුවේන් ඉන්ධන ලබාදීම සිදුකරන ලෙසට මුලතිව් ධීවරයින් බලධාරීන්ගේන් ඉල්ලා සිටිති.
ඉන්ධන නොලැබීම හේතුවෙන් දෛනික මසුන් ඇල්ලීමේ කටයුතු සියල්ලක්ම නැවතී ඇති අතරම ධීවරයින්ගේ ආර්ථිකයද කඩා වැටී ගැටලු රැසකට මුලතිව් ධීවරයින් මුහුණ පා සිටින බැවින් ඉදිරි දින කිහිපය තුලසී ඉන්ධන නොලැබුනහොත් මුලතිව් මත්ස්‍ය කර්මාන්තය සම්පූරණයෙන්ම කඩාවැටෙනු ඇතැයිද මුලතිව් ධීවරයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ලංකාවම පටලවාගෙන ඉන්නේ. සේවයට අවශ්‍ය ඉන්ධන ටික ඩොලර් ටිකක් ඉපදෙන දෙයකට දෙන්න ඕනේ. රැකියාවට යන්න /ගිහින් එන්න පෙට්රෝල් දෙන එක සීමා කරන්න ඕනේ.
ගොවීන්ට පොහොර දෙන්න ඩොලර් නැතිලු , නමුත් පාර දිගේ ආතල් ගන්න මෝටර් සයිකල් , ත්‍රී වීල් වල මීටර් 500 ය යන්න. කාර් වල වැඩට යන්න /එන්න පෙට්රෝල් දෙන්න ඩොලර් තියෙනවා.
බහිරවයෝ 225 ට කිසිම දෙයක් කරන්න තේරෙන්නේ නැහැ. උන්ට ඕනේ උන්ගේ V8 වල නැගල රෝන්දේ ගහල , පාර්ලිමේන්තු ඇවිත් එකේ බත් එක ගිලල , දියවන්නාවේ ඉන්නවා කියල පෙන්නන්න මොකක් හරි කෙබරයක් /කාගේ හරි ඇදක් හො පයිසෙක වැදගත් කමක් නැති දෙයක් කියල දවස් ගෙවා ගන්න.
කෝ අර රට පෙරලනවා කිව්ව අනුර කුමාරයා.රනිල් හාමු අගමැටි උනාට පස්සේ අරගලය අතහැරලා ගෙදර රෙස්ට් කරනවා වගේ.
ධීවරයෝ නැතුව මුහුද පාළුයි කියලා මාළු ගොඩට ඒවි.
Elawaluth ne. maluth ne. kanna nathima wela yai wage
maluth ne