ඉන්ධන නෑ.. බස් ධාවනය සම්පූර්ණයෙන්ම නවතී…

July 3, 2022 at 4:40 pm | lanka C news
ඉන්ධන නෑ.. බස් ධාවනය සම්පූර්ණයෙන්ම නවතී…

ඉන්ධන නොමැති වීම මත හෙට දිනයේ සිට පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීමේ තත්ත්වයක් පවතින්නේ යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ බස්රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමට රජය මීට පෙර කටයුතු කළ ද ‍ප‍්‍රාදේශීය ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ සීමා කිරීම සිදු කරන බවයි.

කෙසේ නමුත් ලංගම බස් රථ උපරිම ධාරිතාවෙන් ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කර සිටී.

43,141 views

4 Comments to “ඉන්ධන නෑ.. බස් ධාවනය සම්පූර්ණයෙන්ම නවතී…”

  1. 3% ට බය බයියා. says:

    9 වෙනිදායින් පස්සේ ඔක්කොම හරි යයි .

  2. sunimal says:

    ජුලි 7 වෙනිදා මේ වාට ජන බලය පෙන්වමු. අරගලයට ජය වේවා

    • චොරගලය says:

      තව දවස් දෙකකින් ක්‍රිකට් මැච් එකක් දාලා ගෑස් ටිකක් සහ ෂෙඩ් වලට තෙල් ටිකක් එවපු ගමන් පොන්සි ලාංකිකයෝ ඒවාට දුවනවා.
      පොන්සියන්ගේ අරගලය එච්චරයි.අනුර කුමාරයත් ෆුල් ටෑන්ක් ගහගන්න පෝලිමට දුවනවා, බොරුද බලන්න.

  3. Nadun madhusankha says:

    ඩිපෝවලින් ගහන තරමක් ගහන්නේ පුද්ගලික බස් වලටමයි.එහෙම කරලත් බැරි නම් බෑම තමයි.

Main News