ඉන්ධන නෑ.. මේ සතියේත් පාසැල් වසා දැමේ…

June 26, 2022 at 6:40 pm | lanka C news
ඉන්ධන නෑ.. මේ සතියේත් පාසැල් වසා දැමේ…

කොළඹ සහ ආසන්න නගර ආශ්‍රිතව පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට සිට ජුලි 01 දක්වා වූ සතිය තුල වසා දැමීමට රජය තීරණය කර තිබේ.

සෙසු පාසල් එම කාලය තුල ගිය සතියේ පැවැත් වූ ආකාරය ප්‍රවාහන අපහසුතා නොපවතී නම් අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා දිනවල පවත්වන ලෙස දැනුම් දී ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ මෙම සතිය තුලද ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට නොහැකි බව බලශක්ති අමාත්‍යංශය විසින් කල දැනුම් දීම මතයි.

32,989 views

11 Comments to “ඉන්ධන නෑ.. මේ සතියේත් පාසැල් වසා දැමේ…”

  1. CEB says:

    Gon harak paasal wahan eka newei lamainta uganwanna weda piliwelak hadapalla
    Game pasal walata guruwaru enne nagare indala e ayata tel denna kramayak hadapalla

  2. එක්නැලිගොඩ says:

    කයිවාරු කංචනයා ගෙදර පල.

    • srinath says:

      කාංචනට බැනලා වැඩක් නැහැ ගෝටා ගෙදර යවන්න ඕනේ

      • එක්නැලිගොඩ says:

        ගෝටා කොහොමත් යන්න ඕනෑ. නමුත් බැසිල්ගේ ඉත්තා කයිවාරු කංචනයා මුලින්ම යවන්න ඕන. පොර ඕනෑකමින් රුසියාවෙන් තෙල් ලබා ගැනීම පමා කරනවා ඇමරිකානු ගැති බැසිල් ගේ උවමනාවට.

  3. පසන් says:

    ලංකාවේ අසාර්ථක ම තෙල් ඇමති බයිලා චක්‍රවර්ති කංචන

    • Lalla says:

      ලංකාවේ අසාර්ථකම ජනපති. තෙල් ඇමති හිටිය උන්ට වඩා ඇත්ත කියනවා. ඒක තමා තිත්ත වුනත් ඇත්ත. 69ලක්ෂයක් කාලකන්නි සොරු පවුලකට ඡන්දය දී බලයට ගෙන කරගත් විනාශය.

  4. Jayantha says:

    මේ වගේ ගොන් හරක් education ministry එකේ ඉන්නවා කියන්නේම රට ඉවරයිනේ. ඕනෙම සාමාන්‍ය මනුස්සයෙක් දන්නවා රටේ තත්වය. එහෙම තියෙද්දී ළමයි පාසලට ගෙන්න ගන්න වැඩේම හරක් වැඩක්නේ.

  5. තීරණ says:

    ගන්න තීර්ණ කලින් ගනින් ගොනෝ..

  6. Expat says:

    මේ තරම් දුර්වල අවස්ථාවාදී විපක්ශයක් ලෝකේ කිසිම රටක නැහැ. ශක්තිමත් විපකශයක් කියන්නේ රජයට උදව් දෙන නමුත් ආන් ඩුව විවේචනය කරන ප්‍රශ්න හා ගැටලුවලට නිවැරදි විකල්ප පිලිතුරු කීපයක් ඉදිරිපත් කල හැකි එකමුතුවකට​. ලන්කාවෙ විපක්ශය එලහරකයි මීහරකයි බුරන බල්ලෙකුයි එකට බැඳපු තුන් පැත්තට අදින ගොන්-බලු බානක්! මෙයාල එනවට වඩා දාහක් හොඳයි ගෝටාගේ ‘හීන් සැරය​’. ලන්කාවෙ මිනිස්සු මෙතෙක් කල් හිටියෙ සිහින ලෝකයක​! දැන් තමයි ඔවුන් තෙල්වල හරි මිල දන්නෙ. ආහාර ටික වගා කර ගන්න ඕන කියල දන්නෙ. බෙහෙත් එන්නෙ පිට රටින් කියල දන්නෙ. කොත්තමල්ලි වලින් හොඳ කරන්න ඕන දේට දොස්තර ඕන නැතිබව දන්නෙ. ගෙදරට ආසන්නම පාසල තමා හො ඳම පාසල බව දන්නෙ. මීට කලින් මේව කීවම කීව එකාව මරන්න හැදුවා. දැන් මොකද කියන්නෙ? උද්ඝෝශකයොයි ගෝටයි හැප්පි හැප්පි කරන දෙයින් කියන්නෙත් ඕකමයි! හැබැයි ඕක හැබෑවටම කරන්න වෙන්නෙ මහජනයා වන අපටයි! වගා කලොත් බඩගිනි නිවෙයි! හිතලා මතලා වැඩකලොත් හිගන්නො නොවී පෝලින්වල ගුටිතලා නොගෙන කවදා හරි ගොඩ එන්න පුලුවන්. පක්ශ මාරු කලා හො ඳටම ඇති කියල දැන් වත් හිතමු. දියුනු රටවල ඔය වාගෙ පක්ශත් නැ. ඔය වාගෙ හුවමාරුත් නැහැ.

  7. සබරගමු ආණ්ඩුව says:

    සබරගමු පළාතේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරු, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක වරු මගින් සියලුම විදුහල්පතිවරුන් වෙත .මේ සමග ඇති මාධ්‍ය නිවේදනය මගින් අනුව කටයුතු කිරීමේදී හෙට දින ව්‍යාකූල තත්ත්වයක් ඇතිව බැවින් මතු සඳහන් පරිදි කටයුතු කිරීමට ගරු ආණ්ඩුකාරතුමා, පළාත් අධ්‍යාපන ලේකම් තුමිය සමග සාකච්ඡා කොට තීරණය කළෙමි.
    ඒ අනුව සබරගමු පළාතේ සියලුම පාසල් කලින් තීරණය කරගත් පරිදි හෙට දින පැවැත්වීමට කටයුතු කරනු ලැබේ. හෙට දින දී පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක වරු මගින් තොරතුරු ලබාගෙන අනතුරුව පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය හෙට දින නිකුත් කරනු ලැබේ.
    එබැවින් හෙට දින, සැලසුම් කරගත් පරිදි සබරගමු පලාතේ ජාතික පාසල් ද ඇතුළුව සියලුම පාසල් පැවැත්වෙන බව විදුහල්පතිවරුන් මඟින් ගුරුවරුන්ට සහ දරුවන්ට දැනුම්දීමට කටයුතු කරන්න. වහාම දැනුම් දීමට කටයුතු කරන්න”

    ; සබරගමු ආණ්ඩුව පමණක් බලපවත්වන මෙම නිතිය මොකද්ද , රත්නපුරේ උන්ට කවුද ලංකාවේ අනිත් පළාත් වල නැති ප්‍රවාහන පහසුකම් දෙන්නේ ,,,

  8. Sri says:

    Negenahira palathe siyalu Pascal vedakala uthu bawa kalapa magin dhanwa etha.
    Guruwarun thel gahanda polim wala.
    AC room palakayo gon theerana ganithi

Main News