ඉන්ධන නෑ… රජයේ සේවකයන් කැදවීම තවත් සීමා කරයි.. චක‍්‍රලේඛය නිකුත් කරයි..

June 26, 2022 at 5:00 pm | lanka C news
ඉන්ධන නෑ… රජයේ සේවකයන් කැදවීම තවත් සීමා කරයි.. චක‍්‍රලේඛය නිකුත් කරයි..

රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් නිලධාරීන් සේවා ස්ථානය වෙත කැඳවීම සම්බන්ධයෙන් තීරණය කිරීමේදී ආයතනයේ එදිනෙදා රාජකාරි කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් සේවා ස්ථානය වෙත කැඳවීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන වන චක්‍රලේඛ අද (26 ) නිකුත් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පී. කේ මායාදුන්නේ මහතා කියා සිටියේය.

අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ හැකි සෑම අවස්ථාවකදීම නිලධාරීන්ට නිවසේ රැඳී සිටීමට ඉඩ දී ඔවුන්ගේ සේවය මාර්ගත ක්‍රමය (online) ඔස්සේ ලබාගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දුන් බවයි.

එදිනෙදා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ දී මහජනතාව මුහුණ පා සිටින ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය සේවාව වලට වඩා වැඩි ඉල්ලුමක් ලබාදීම වෙනුවෙන් නැවත දැනුම් දෙන තුරු මෙම නව චක්‍රලේඛය ක්‍රියාත්මකයි.

මහජනතාව සමඟ සෘජුව ගනුදෙනු කරන ආයතන වෙත නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට අදාල අමාත්‍යාංශ ලේකම්ගේ / පළාත් ලේකම් ගේ උපදෙස් සහ අධීක්ෂණය ඇතිව සිදු කිරීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුයි.

ඒ අනුව මෙම කාලය තුළ උපරිමයෙන් ඉන්ධන පිරිමසා ගත හැකි ආකාරයට නිලධාරීන්ගේ ප්‍රවාහන කටයුතු සීමා කළ යුතු අතර සියලු රැස්වීම් සහ සාකච්ඡා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට කටයුතු කළ යුතුයි.

රාජ්‍ය පරිපාලන වන චක්‍රලේඛන තුලින් වැදුරටත් සඳහන් කර ඇත්තේ රජයේ අත්‍යවශ්‍යය සේවාවන් පවත්වාගෙන යාමට මෙයින් බාධාවක් නොවිය යුතු බවයි.

කසුන් විරතුංග
මාධ්‍ය ප්‍රධානී

33,380 views

10 Comments to “ඉන්ධන නෑ… රජයේ සේවකයන් කැදවීම තවත් සීමා කරයි.. චක‍්‍රලේඛය නිකුත් කරයි..”

  1. SL says:

    මට තියෙන ප්‍රශ්නේ, පුද්ගලික අංශයේ සේවකයින් පොදු ප්‍රවාහන වල ඇවිත් තමන්ගේ රාජකාරිය කරනවා නම්
    පුද්ගලික අංශයට වඩා flexible වැඩකරන කාලය ක් තියෙන රාජ්‍ය අංශයට වැඩ කරන්න බැරි මොකද

    පොදු ප්‍රවාහන සේවයේ එන්න රාජ්‍ය සේවකයින් ට ලැජ්ජයි ද ? තත්වෙට ගැලපෙන්නේ නැහැ වගේ ද?

    හිඟා කාල ගන්න තෙල් ටික රාජ්‍ය සේවකයන්ටම බෙදාපල්ලා, ඊට පස්සේ ආයෙත් හිඟා කාපල්ලා .

    මොකද ඩොලර් හොයන BOI කොම්පැනි වලට විදුලියත් නැහැ ඩීසල් මුත් නැහැ

    • Ranjan says:

      Rajaye sevakayo gedara hitiyahama podu prawahana seva wala thadabadaya adu wenawa. Ethakota pvt sector eke ayata nidahase yanna puluwan. Dan car wala yana awyath yanne bus saha train wala. Rajaya aya wadipura bhawitha karanne podu prawahanaya. Executive officers lageth tika denekuta witharai vehicle thiyenne

  2. Parliament Jokers says:

    One fine day in near future, the whole country will become standstill for sure.

  3. Unlimited Fun says:

    ඉන්ධන මිල නැවත වණඩි කිරීම ජනතාව ප්‍රකෝප ගැන්වීමට ඉඩ ඇති නිසා මුන් ඊට කලින් පොඩි අධ්‍යයනයක් කලා තවමත් “දුරුතු පොන්නයෝ” කී දෙනෙක් ඉන්නවද බලන්න.. ඒක බලන්න කරේ ක්‍රිකට් මැච් එක පැවැත්වීම.
    එතනින් දැණගත්තා කිසි අඩුවක් නෑ දුරුතු පොන්නයන්ගේ කියලා. වහාම ඉන්ධන මිල වැඩි කලා.

  4. Sasrasi says:

    වැඩේ කියන්නේ ඉන්දන හිග වෙනකොට ම තමා පාසල් , office කැම්පස් එන්න කියන්නේ

  5. Lalla says:

    රටේම ඉන්න නිකමුන්ට රජයේ රැකියා දීල පෞද්ගලික අංශයේ සේවකයන් කරන වැඩ වලින් රටේම ජනතාවට කන්න බොන්න දෙන්න මොකටද ආණ්ඩුවක්. පින්පඩිකාර හැත්ත අස්කර සෞඛ්‍ය අධ්‍යාපනය වගේ අය විතරක් තියාගත්ත නම් මීට වඩා හොඳ නැතිද?

  6. රාසේpee says:

    කොහොමත් ඕකුන් ආවත් වැඩක් නැහැනෙ. කොහොමත් පින් පඩිනෙ. දැන් ගෙදර ඉදන් නිකංම නිකං පින් පඩි. ගමන් මහන්සියවත් නෑ. උන්ට සැපට ගෙදරට වෙලා බුදියගන්න අපි වැඩ කරන්න ඕනෙ.

  7. Sri Lanka 🇱🇰 says:

    පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා වැටුප් අඩුයි ඔවුන් ට ලබා ගන්නා වැටුපත් එක්ක ජිවන වියදම් ගමන් වියදම් දරා ගත නොහැකි ය.

  8. Sri Lanka 🇱🇰 says:

    මේ රටේ පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා වැටුප් අඩුයි ඔවුන් ට ලබා ගන්නා වැටුපත් එක්ක ජිවන වියදම් ගමන් වියදම් දරා ගත නොහැකි ය.

  9. Sri Lanka 🇱🇰 says:

    මේ රටේ පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා වැටුප් අඩුයි ඔවුන් ට ලබා ගන්නා වැටුපත් එක්ක ජිවන වියදම් ගමන් වියදම් දරා ගත නොහැකි ය. සමහර සේවකයන් නිසා අද රාජ්‍ය අංශයේ සේවකයන් පින් පඩි ගන්න අය කිව්වත් එසේ නොවන රාජ්‍ය සේවකයන් බහුතර දකින්න පුළුවන්

Main News