ඉන්ධන නෑ.. රාජකාරියට එන්න බෑ..- වෛද්‍යවරුන් දන්වති..

May 20, 2022 at 6:20 pm | lanka C news

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මහජනතාවට කරන කාරුණික දැනුම් දීමයි.

 

දිනෙන් දින පහතට වැටෙන මෙරට ආර්ථිකය හමුවේ රජය මුහුණ පා ඇති අධික මූල්‍ය අර්බුදය නිසා රටවැසියන්ගේ  මූලික අවශ්‍යතාවයන්  සපිරීමට පවා රජය අසමත් වී ඇත.

මෙ​ම තත්ත්වය රාජ්‍ය සෞඛ්‍ය සේව​ය මගින් මහජනයාගේ  මූලික සෞඛ්‍ය අවශ්‍යතා සැපයීමටද ඉතා දැඩි බලපෑම් එල්ල කර ඇත.

මේ නිසා රාජ්‍ය සෞඛ්‍ය සේවයට බලපා ඇති අවදානම අප දකින්නේ පහත සඳහන් අයුරිනි.

  1. සාමාන්‍ය රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ මෙන්ම ඉතා හදිසි ජීවිත අවදානම් හමුවේ භාවිතයට අවශ්‍ය ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ වල දැඩි හිඟය මේ දිනවල රජයේ රෝහල්වල ට දැඩි බලපෑමක් සිදුකර ඇත.
  2. ඉන්ධන හිඟය නිසා දැනට ඉතා අපහසු තත්වයන් යටතේ පවත්වා ගෙන ය​න සෞඛ්‍ය සේවා පවා සැපයීමට සෞඛ්‍ය සේවකයින්ට රෝහලට පැමිණීමද ඉතා අපහසු වී ඇත.

එම නිසා විශේෂඥ වෛද්‍යවරුන් ලෙස අප විසින් යම් අවස්ථාවලදී රෝගීන් සඳහා සිදුකරන සේවාවන්  කාර්යක්ෂම ව සැපයීමට  අපට නොහැකි තත්ත්වයක් උදා විය හැකි බවත් මෙය අපට පාලනය ක​ළ නොහැකි තත්වයන් යටතේ සිදුවන නිසා මේ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අපගේ යුතුකමක් ලෙස අපි දකිමු.

එම නිසා අප මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙවැනි දුෂ්කර අවස්ථා සිදුවුවහොත් එවැනි අවස්ථාවලදී දැඩි සංයමයකින් කටයුතු කර  අනවශ්‍ය ගැටුම්  ඇතිවීම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසය.

මෙම තත්ත්වය පිළිබඳව, දැනටමත් ආර්ථික අර්බුදය නිසා පීඩාවට පත්ව ඇති  මහජනතාවට අප අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර හැකි සෑම අවස්ථාවකදීම අපගේ සේවය සැපයීමට අපි බලාපොරොත්තු වෙමු.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

 

33,747 views

23 Comments to “ඉන්ධන නෑ.. රාජකාරියට එන්න බෑ..- වෛද්‍යවරුන් දන්වති..”

  1. Doctor says:

    You can stay in quarts and no need to go home
    You can look after patients good good

    • Anonymous says:

      ඉතින් ඒ හැම දොස්තරටම quarters තිබුණොත් නේ! නරකද පොඩ්ඩක් හොයලා බැලුවොත් හැමෝටම තියෙනවද කියලා..

  2. Gamunu says:

    Are you guys stop doing private practice too due to fuel shortages then?

    • Upali says:

      උබ A/L බයෝ කරලා ෆේල් වෙච්ච තරහා නේද මේ තාම පිටකරන්නේ..ඕකට කියන්නෙ හීනමානය කියලා .ඕකට තාම බෙහෙත් හොයාගෙන නෑ ..ලමයෙක් වත් දොස්තර කරන්ඩ බලපං එතකොට හරි යයි` ලෙඩේ

  3. විසේසංඤයා says:

    ඉන්ධන නොමැති කම නිසා අපට ඉස්පිරිතාලෙට එන්නට නොහැකි උනොත් චැනල් සෙන්ටර් එකේ පොඩ්ඩක් බලන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.

    පැනික් වෙන්ඩ එපා

  4. George says:

    Use the bikes.

  5. David Milli-banda says:

    Any how you Vultures are habitual strikers. Hence, can stay away from work & private practice.

  6. Rev BB says:

    Doctor is an employee it is his duty to report to work. Government can assist when it can to the extent it can
    It is the duty of the doctors to come to work despite the issues..
    Government should provide fuel ration for medical staff

  7. Kuweni says:

    You studied from public tax money.. you will pay it back in hell. Make sure that you save the fuel u have to go to private practice. # Go home Doctors# # Give us our money back#